මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Sunday, September 23, 2012

අතරමං මඟ

සවස් යාමය, හරස් වීදිය,
නිවෙස් පේලිය, හුඹස් ලෝකය,
රකුස් මානය, උකුස් කොණය,
සහස් බීතිය, මිනිස් දොණිය,

කුරා කුදු කලු, සුරා බේබදු,

නුරා මතිනිඳු, හොරා පරසිඳු,
සරා සළලිඳු, සිරා මරුබඳු,
සරා සඳු බඳු, සුරා රන් ලඳු,

දුර බැහැර සිට අගනුවර ආ,

යනෙන හැටි හරි මං නොදන්නා,
බියද වෙහෙසද දාඩියෙන් පා,
රුවැති තුණු ඔබ මොබ සරන්නා,

සිතට නිවනක්, ගතට අහරක්,

යනෙන විදියක් වතුර උගුරක්,
අමන පිරිසක්, පිරුණු පුරයක්,
සොයන සෙවනක්, තරුණ අඟනක්,

යනෙන මඟ වුව කියනු කොහොමා,

බියෙන් සැලෙතැයි බියෙන් වෙම්මා,
බිලිගනිද රුපු යකුන් නරුමා,
නිකම් ඉමි මම මමයි නිකමා.
  •  

13 comments:

  1. පට්ටම වචන සෙට් එක මචෝ මේක නම් නියමෙටම නියමයි.

    ReplyDelete
    Replies
    1. ඒත් සුදා මල්ලිගෙන් නමේ.. හ්ම්ම් වෙන එල කොල්ලෙක්ගේ

      Delete
  2. Ade wachan tika nam ela.bt mata meke idea 1ka nam click une natho
    Tiron

    ReplyDelete
  3. සිරාවටම...පද ටික නම් උපරිමයට ගලපලා තියෙනවා

    ReplyDelete
  4. ලස්සනට රයිම් වෙන වචන ටික..

    ReplyDelete
  5. හොඳට එලි සමය රැකල තියෙනවා!
    ඒත් තේරුනා නම් මදි වගේ
    :)

    ReplyDelete
  6. මාරයි හලෝ......නියමම නියමයි..

    ReplyDelete
  7. පදයේ තේරුමත් පින්තූරයත් අතර ගැලපීමක් නැහැ නේද?
    කොහොම වුනත් නිකමා මලයා සුපිරියටම මේක ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. සිතට නිවනක්, ගතට අහරක්,
      යනෙන විදියක් වතුර උගුරක්,
      අමන පිරිසක්, පිරුණු පුරයක්,
      සොයන සෙවනක්, තරුණ අඟනක්

      මේ තියෙන්නේ පින්තූරේට ගැලපෙන තැන.. :)

      කොහොම වුනත හරිම අනර්ඝ නිර්මාණයක්.. නිකමා ආයේ ලියන්න ආවා නම් හොඳයි කියලා හිතෙනවා..ජය වේවා..

      Delete
  8. nama nikama unata vada tikanam supiriya :-)

    ReplyDelete
  9. වචන ටික තමා ගති ඈ,..
    පට්ට..

    ReplyDelete

මේ ඒක නෙමේ තාමත් මට අත දුන්නේ නැතිනම් ෆොලෝ පාරකුත් දනවකෝ ඈ...
ආවාම කියෙව්වාම අහක බලන් යන්නේ නැතුව හිතට ආපු දේ කහටක් නැතුව කොටලම ගියා නම්
"ඔහෙලගේ හිතටත් නිදහසක්..........
....................මගේ හිතට ශක්තියක්" මොකෝ අමාරු දෙයක්යැ..
දාමු දාමු comment එකක් දාලම යමු

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...