"සර් අපි නෙළුව ඉස්කෝලෙන් ඉගෙන ගෙන කැම්පස් ඉන්න අය. අපි එකතු වෙලා මේ අවුරුද්දේ කැම්පස් තේරුණු ළමයි එකතු කරන පොඩි සොසයිටියක් පිහිටෙව්වා "නෙළුව සරසවි මිතුරෝ" කියලා. ඒක එක
එක දේශපාලන පක්ෂ වලට අයිති එකක් නෙමේ. ගොඩක් අය හිතන්නේ අපි කඩේ
යනවා කියලා.එහෙම එකක් නෑ "
ඔව් ඉතින්....?
"අපේ මුල්ම වැඩසටහන විදියට අපි කලේ ඉස්කෝලේ මුල්ම වතාවට ආකල්පමය වෙනසක් කරන්න
කොහොමද ඒ ලෙවල් කරන්නේ කියලා උසස් පෙළ ළමයින්ට "සරසවියට
පාර කියමු" කියන සෙමිනර් එක කරපු එක. අපේ අතේ සල්ලි තියා ගෙන කරපු වැඩක් නෙමේ.
ඉතුරු කර ගනිපු කීය කීය හරි දාල අපි කලේ අපේ නංගිලා මල්ලිලාට කැම්පස් එන්න
උනන්දුවක් ඇති කරන්න. ගාල්ලේ ලොකු ඉස්කෝල වල ඕවා නිතර නිතර කරාට දුප්පත්
අපේ ඉස්කෝලෙට ඒක අමුතුම දෙයක් උණා. අපි එක්ක ගොඩක් ළමයි එකතු උණා. ඒකට හොඳම
සාක්කිය අපි වැඩසටහන ඉවර කරද්දී අපිට ලැබුණු කොමෙන්ට්ස් කොළ ටික"
හ්ම්ම් ඉතින්....?
"ඊට පස්සේ අපිට
ආරංචියක් ආවා අපේම කැම්පස් ඉන්න සහෝදරයෝ තමන්ට කැම්පස් එකෙන් පිට
කරන්න ඕනේ කොර්ස් කර ගන්න බැරුව ඉන්න විත්තිය. සමහරු උපාධිය අත
ඇරලා ජොබ් වලට යනවා කියන එක. ඒ විතරක් නෙමේ සමහරු විභාග වලට ගෙවා ගන්න සල්ලි
නැතුව අසරණ වෙලා ඉන්න ඉන්න බව. ඔය ඔක්කොම කරන්න සල්ලි ඕනේ. තාම ඉගෙන ගන්න
ළමයි වෙච්ච අපිට කොයින්ද සල්ලි. සර්ලා දන්නවනේ දෙන රස්සාවකට යන්න උපාධිය විතරක්
මදි කියල. අනිවාර්යයෙන් සිමා චාර්ටඩ් මොනවා හරි කරලා තියෙනවා නම් ඉල්ලුමක්
තියෙනවා.."
ඔව් ඒක ඇත්ත. අපේ ළමයත් ඔය
කරනවා.. ඒක හොඳයිද දරුවෝ...?
"ඉතින් අපි තීරණය කලා නාට්‍යයක් ගෙන්නවන්න. ඒ තමා සර් "නරි බුරති". ගාණෙන්
ඉහළ උණත් කැම්පස් ළමයි උන අපිට ගමට දෙකයි පනහේ නාට්‍යයක් ගෙන්නවන්න
බෑ. ඉතින් අපි ඒකට සර් මෙච්චර මහන්සි වෙන්නේ. අපි දන්නවා සර්ලා අමාරුවෙන්
හම්බ කරන්නේ. මෙතන අපේ වැඩසටහනේ ප්‍රපොසල් එක තියෙනවා. මේ තියෙන්නේ අපි හදන්න ඉන්න ස්විනියර් එකේ විස්තර. සර්ලට පුළුවන් නම්
අපිට ඇඩ් එකක් දීල පොඩි උපකාරයක් කරන්න.. "
කොහේ තියෙන සල්ලිද ළමයෝ...
ඔය බොරු වැඩ නොකර වෙන මොනවා හරි කරන්න
"හොඳයි සර්... අපිට
පුළුවන් උදව්වක් කරන්නකෝ.. ඔය දෙක තියා
ගන්න. අපි ගිහින් එන්නම්..."
ගන්න. අපි ගිහින් එන්නම්..."
ඔය තියෙන්නේ මේ දවස් ටිකේම
අපේ කටින් පිට වුණු වචන ටික. දැන් අපි ගැන දැන
ගන්න ඇතිනේ. වැඩි විස්තර පින්තුර කෑලි
එක්ක හොඳ පොස්ටුවක් දාන්නම්.. මේ ඊට
කලින් දාන කටු සටහන නොහොත් අහක දාන
සිතුවිල්ලක්
අපේ වැඩේ ගැන ඇහුවම ගොඩක් අය නිකම්ම උදව් කරන්න කැමති උණා. සමහරක් ලියුම් හෙඩ්
ඔෆිස් යවලා පරක්කු වෙන
නිසා එයාල එකතු වෙලා සල්ලි දීපු අවස්ථා තිබුණා. සමහර ඔෆිස් වල නෙළුවේ වැඩ කරන කිසිම
කෙනෙක් නෑ. ඒත් ඒ අය අපි ගැන ලොකු විස්වාසයක් තිබ්බා.
ඔයාලට කැමති විදියට ඇඩ් එක දා ගන්න.
නොදැම්මත් කමක් නෑ කියලා කියපු අයත්
හිටියා. අර පොස්ටුවෙම ස්තුති ලිපියත්
දාන්නම්.
අපේ හද
හඳුනනවා කියන බැංකුවට විතරක් අපේ හඬ තේරුම් ගන්න බැරි උණා. අපිට ඒ ගැන මුකුත්ම
කියන්න බැරි ඔවුන් ඉන්නේ රාජකාරි පරිසරයක. රුපියලක් හරි මිස් උනොත් අතින් දාන්න ඕනනේ.
ඕව විතරක්ම නෙමේ. කටුක විතරක්ම නෙමේ
රසබර අත්දැකීම් ගොඩක් එකතු උණා. ඒවා පස්සේ හිමිට කියන්නම්කෝ.
නෙළුවේ
කඩවල් විතරක් නෙමේ. ගාල්ලේ මතුගම
මොරවක ප්‍රදේශ වල
වෙළඳසැල් හිමියන්ගෙන් අපිට ලොකු සහයක් දුන්නා. කිසිම කරදරයකින් තොරව නෙළුවේ අපේ වාසනාවට
ආපු ලංකේශ්වර දොස්තර මහත්තයා, ICBT කැම්පස්
එකේ පවිත්‍රා මිස්, ලකී ලංකා එකේ කල්ප
අයියා නම් වශයෙන් නොකිව්වත් අපිට ගාල්ලේ උගන්නපු ගුරුවරු කිසිම ලෝබ කමක් නැතුව සල්ලි
දුන්නා.
සමහරු ඇඩ් එකවත් නොදී ලොකු මොණර
කොළ දීලා තිබුණා. සල්ලි වලට යට නොවුණු උගත් බුද්ධිමත් හැමෝම අපිට උදව් කළා. ඒ
උදව්වට ස්තුති කරන්න මට සිංහල හෝඩියේ
අකුරු මදි. ඉංග්‍රීසි බැරි නිසා කරන්න
දෙයක් නෑ. මේ ටික නොකිව්වොත් මේක
කියවන අපේ කට්ටිය මාව කාවී උඹ ලියන්න
ඕනේ ඒවා ලියලා නෑනේ මි හරකෝ කියලා.
සමාවෙන්න මේ මඩ ගැහීමක් නෙමේ.
සල්ලි දෙන්න බැරි නම් කෙලින්ම කිව්වා
නම් අපේ කිසිම තරහක් නෑ. අපිත් දන්නවා ඒ හැමෝම එක රුපියලක් හම්බ කරන්න
කොච්චර මහන්සියක් වෙනවද කියලා. අපි ඒක නිසාම මුලදීම හිතුවා
පොඩි කඩවලට යන්නේ නෑ කියලා. ඒත් අපිට වැරදුනේ එතැනදී. ගොඩක් පොඩි කඩ අපිව විස්වාස කළා. පුළුවන් හැටියට උදව් කළා.
පොඩි කඩවලට යන්නේ නෑ කියලා. ඒත් අපිට වැරදුනේ එතැනදී. ගොඩක් පොඩි කඩ අපිව විස්වාස කළා. පුළුවන් හැටියට උදව් කළා.
මහා ලොකු
බිස්නස් කාරයෝ මුන් පොඩි උන් කියලා අපිව
අතහැරලා දාද්දි අපේ හයිය තිබුනේ පොඩි
මිනිස්සු දීපු රුපියල් සත උඩ. මම හොඳටම
දන්නවා අපේ කවුරුවක්වත් එහෙම කතා අහපු
අය නෙමේ. අපේ වැඩේ වෙනුවෙන් අපි හැමෝම ඒ කුණු බැනුම් ඇහුවා ලොකු බිස්නස්කාරයොන්ගෙන්. සල්ලි
දීපු නැති නිසා බනිනවා නෙමේ. සල්ලි දුන්නා. ඒත් අපිට ඒ කියපු කතා අමතක වේවිද..?
මට මතකයි
අපේ බජට් එක ටිකක් ලොකු ගාණක්. එක
ලෝයර් කෙනෙක් ඇහුව ඇයි
මේ ඔයාල මෙච්චර ලොකු බජට්
එකකට සල්ලි එකතු කරන්නේ. කෙලින්ම ඒ සල්ලි අරමුදලට
දැම්මා නම් හරි නේද..? කියලා. ඇත්තටම මට ඒ වෙලාවේ එතුමියට නඩු බාර දෙන්න ආපු අය ගැන
පොඩි දුකක් හිතුණා. මෙච්චර මෝඩ තර්කයක් කරන්න ඒ මිස් කොහොම කට හද ගත්තද කියලා.
අපිට පුළුවන්
බස් වලට නැගලා සින්දු කියන්න.මිනිස්සු ඉස්සරහට
ගිහින් කැට හොලවන්න. ඒත් ළමයෙක්ගේ පින්තුරයක් අරන් බස් එකට නගින සමහර වංචාකාරයෝ
එක්ක මිනිස්සු අපිට සල්ලි දේවිද...? එකෙන් පාඩුව උනේ අපිට
විතරක්ම නෙමේ. හද්ද අසරණ වෙච්ච අතේ සතේ නැතුව තමන්ගේ දරුවාගේ අම්මගේ අසනීපයක් හොඳ
කර ගන්න ලක්ෂ ගාණක ඔපරේෂන් එකක් කරන සතෙන් සතේ එකතු කරන අසරණ මිනිස්සු. කොහොම උනත්
දැන් අපේ වැඩෙන් 60%ක් විතරම සාර්ථකයි. සාර්ථක ඉතුරු 40% ගැන ළඟදීම කියන්නම්.
ප.ලි. අපි දන්නවා රුපියල් 1000ක්
වියදම් කරන එකට වඩා එක රුපියලක් හම්බ කරන එක අමාරු බව. ලෝකේ එක එක මිනිස්සු
ඉන්නවා. ඒ අයගේ දහම් ගැට වලට අහුවෙලා ඔබත් නන්නත්තාර වෙලා ඇති. මම කියන්නේ නෑ අපිට
සල්ලි දෙන්න කියලා. ඒත් එක ගමේ ඉන්න උදේට හවසට මුණ දකින එක ගමේ දානෙට මරණෙට දුවන අපිට සමහරක්
මිනිස්සු කියපු දේවල් ටිකක් බැරෑරුම් වැඩි උණා. අපි වචනයක්වත් කිව්වේ නෑ. සමහර
තැන් වලින් සල්ලි දෙන්න බෑ කිව්වා. බිස්නස් පාඩුයි කියල. අපිට එහෙම කිව්වට දුක නෑ.
ඒත් ඔය බොරු වැඩ වලට දෙන්න සල්ලි නෑ කියපු එක නම් හිතේ පතුලේම රැඳුනා.
ගමේ උගත් ගොඩක් මිනිස්සු සල්ලි වලට
වඩා අපිත් එක්ක හිතින් ලං උණා. මේ කුක්කොන්ට කරන්න
පුළුවන් වැඩක්ද කියල අපිව අත අරිද්දි සමහර යන්තම් එදා වෙලා හොයා ගන්න සල්ලි
එකතු කරපු මිනිස්සු අපේ පිටි පස්සේ හයියට හිටියා. ඒ සල්ලි වලට වඩා අපේ අරමුණ දැන
ගනිපු මිනිස්සු. සමහරු සල්ලි
වලටත් වඩා අපේ සංවිධානෙන් තෝර ගනිපු උසස් පෙළ හදාරන අය වෙනුවෙන් ටියුෂන් පන්ති වල
ෆ්‍රී කාඩ් දෙන්න එකතු උණා. අපිට පාර්ට් ටයිම් ජොබ් දෙන්න එකතු උණා. ශිෂ්‍යත්ව
දෙන්න ඉදිරිපත් උණා.
අපි දැක්කා අපිට දෙන්න සල්ලි නෑ කියපු
මිනිස්සු සල්ලි මිටි
බැඳ ගෙන ගිහින් හවස බැංකුවට දානවා. සුදා මල්ලි උණත් ටෙලි නාට්‍යයක සල්ලි බ්‍රිෆ්
කේස් එකෙන් ඇරුණම ඇස් පණා පිට එච්චර සල්ලි ගොඩක් දැක්කේ එදා. ඒ අපි බැංකුවෙන් ඇඩ්
එක ගන්න ගිහින් ඉද්දි. අපි කාත් එක්කවත් තරහ නෑ.
අපි මේ වැඩේ
කොහොම හරි කරනවා. ඒත් අනාගතේ ලෝකේ බාර ගන්න ඉන්න ගමට ඇවිත් වැඩ කරන්න ඉන්න අපේ හිත් වල
වර්තමානයේ ඉන්න ගමේ මිනිස්සු ගැන නොපහන් හැඟීමක් මතු කරපු එක නම් එච්චර හොඳ දෙයක්
නෙමේ. සල්ලි වලට ලෝකේ කරන්න බැරි දෙයක් නැති විත්තිය ඇත්ත. ඒත් සල්ලි කියන්නේ
ජීවිතේම නොවන බව ඒ මිනිස්සුන්ට තේරෙද්දී ගොඩක් පහුවෙලා තියේවි..
![]() | |||
දොස්තර ඉංජිනේරු කළමණාකාර නීතිඥ නෝනලා මහත්තයලා අස්සේ සුදා මල්ලි |
ප.ප.ලි- සුදා මල්ලි සර්ව සාධාරණ සුදු
චරිතයක් නොවන්නේ ය. පැහැදිලිව දන්වා සිටින වග නම් හෙතෙම අළු කැරට්ටුවක් සහිත වූවෙකි.
ජන හඬ හදුනන - ---- බැංකුව.
ReplyDeleteමං හිතන්නේ මේ බැංකුව ගැන වෙන්ට ඇති කියන්න ඇත්තේ. ඕවා ගණන් ගන්න එපා හලෝ. කරන්න යන්නේ හොද දෙයක්නේ. ඒ දේ සාර්ථක වෙයි.
බොහොම ස්තුතියි අයියේ
Deleteඅර බැංකුව නම් එහෙම වෙන්ට ඇති..
බලමුකෝ කොහොම හරි වැඩේ කරන්න ඕනනේ
සුදු කලු අතර සිරාවටම මාත් ලා අළු පැහැති මිනිසෙකි...
ReplyDeleteඑල එල ඈ...
ලගපාතකනං අපිත් වැඩේට එන්ටර් තමා..
ඒත් ඉතිං ලග නෑනේ..
සහතික ඇත්ත..
Deleteඅනිවා ළඟ හිටිය නම් අඬ ගහලා හරි කතා කර ගන්නවා .. ඒකත් කොහෙද..?
අපරාදේ.... දුර තමා ප්‍රශ්නේ !
ReplyDeleteඒකනේ :(
Deleteයන මාවතක අපට කිසි දින රතු පලස් එලා දෙන්නේ නැත.
ReplyDeleteඅපිත් හිත හදන් ඉන්නේ එහෙම තමා අයියේ
Deleteහොඳ වැඩ වලට බාධා එමටයි. නොසැලී ඉදිරියටම යන්න.. ජය!
ReplyDeleteබොහොම ස්තුතියි සිතු...
Deleteහිත ඇත්නම් පත කුඩාද .....
ReplyDeleteබය නැතිව ඉදිරියට යන්න..
ඔයාලට තව ගොඩක් වැඩ කරන්න පුළුවන්...
බලමුකෝ බලමුකෝ මොකක් හරි කරන්න
Deleteබොහොම ස්තුතියි දර්ශ අයිය .
ළඟ පාතක හිටියනම් අනිවා උදව් කරනවා.අපිත් ඒ වගේ වැඩක් කරන්න යන්නේ යාපනේ ට ගිහින්.
ReplyDeleteසුබ පැතුම්!!
කාටවත් ඇඟිලි දික් කර කර ඉනාවට වඩා අපි සද්ද නැතුව යමක් කරන එක වටිනවා ගොඩක්.
ඒක ඇත්ත.. ඒත් ඉවසන් ඉන්න බැරිම තැන මෙහෙමවත් ලියලා නිදහසක් ලබන්න හිතුවේ
Deleteපුළුවන් උදව්වක් ඒ හැමෝන්ටම කරන්න. මොකද ඒ අපේම උන්
දවසක් අපි කැම්පස් එකේ ලෙක්චර් එකක හ්ම්ම්..හැමදාම එන ළමයෙක් ඇවිත් තිබුනේ නැහැ.ඒ ටිකේම ඒ ළමයා නැහැ.හොඳටම ලෙක්චර්ස් දවස් ටිකක් ඒ.. මම බැරිම තැන මැසේජ් කරලා ඇහුවා මොකද ප්‍රශ්නේ කියල.බලනකොට ඒ ළමයට ඉගෙනගන්න සල්ලි නැහැලු.පොඩි ජොබ් එකක් කරනවා කිව්වා.සල්ලි එකතු උන ගමන් කැම්පස් එන්නම් කිව්වා.ඒ ලෙක්චර් එකක ඉන්න ගමන් මැසේජ් කලේ..මම ආසම ලෙක්චර් එක.ඒ ටික අහපු ගමන් ලෙක්චර් එකේ ඉන්නවද කියලවත් මට මතක නැතුව ගියා..සල්ලි නිසා කිදාහක් මිනිස්සු අසරණද..ඊට පස්සේ මම ඒකට පිළියම කල්පනා කලා මිසක් වෙන දෙයක් ලෙක්චර් එක ඇහුවේ නෑ..අනේ මන්ද අප්පා..
ReplyDeleteහ්ම්ම්..මේ පෝස්ට් එකයි,මගේ ඊයේ පෝස්ට් එකයි යම්තාක් දුරට ගැලපෙනවා.
කොහොම උනත් දෙයක් දුන්නොත් අනිවාරෙන් නැවත දෙයක් ලැබෙනවාමයි..
ඔබට ජය!
@ හිරුහිමාවී
Deleteඅපේ කැම්පස් එකේ යාළුවෙක් දුෂ්කර පැත්තක ඉන්නේ. මිනිහා පහුගිය මාසෙක ගඩොල් කපන වැඩක් කරලා තමා කැම්පස් එකේ වැඩවලට සල්ලි හොයාගෙන තියෙන්නේ... ඒ වගේමයි ගෙදර වියදමටත් කීයක් හරි දීලා තියෙන්නේ...
මේ දවස් ටිකේ ස්ට්‍රයික් නිසා මහපොළ, ශිෂ්‍යාධාර මොකුත් දෙන්නේ නැහැනේ. ඌ මගෙන් තමා අහන්නේ මචං ශිෂ්‍යාධාර දෙන දවසක් තියෙනවාද කියලා. පව්. මේ දවස් ටිකේම මම කිව්වේ තාම දවසක් නැහැ බන් ස්ට්‍රයික් ඉවර වෙනකම් ඒවා දෙන්නේ නැති කතාවක් තමා කියන්නේ කියලා... :(
@හිරු අක්කා & හසිත අයියා- ඒකනේ පිට ඉන්න මිනිස්සුන්ට ඔකේ අගේවත් අමාරුවවත් තේරෙන්නේ නෑ.. ඒක තමයි හෙණේට වෙලා තියෙන්නේ.. අනේ මන්ද මේවා කවදා විසදෙන ප්‍රශ්නද කියලා.. ප්‍රශ්න පල් වෙනවා.. අපි විඳවනවා..
Delete@හසිත අයියා- අනේ මන්ද .. ඔහොම ප්‍රශ්න කීදෙනෙක් නොකියා ඉන්නව ඇත්ද ..මහපොලෙන් ගැටගහගන්න ජිවිත දැන් ඕන තරම්..මොනා කරන්නද..කැම්පස් යන්නත් නැහැ.මමත් ගෙදරට බරක් වගෙයි මටත් දැන් හිතෙන්නේ ..
Delete@සුදා මල්ලි- මම අක්කාද?? ඕ.. :)
කියලා වැඩක් නැත :/
වැඩක් කරනකොට ගල් මුල් වැදෙන ප්‍රමාණය වැඩි.. ඒක ලෝක ස්වභාවය. ඒ ගැන කම්පා වෙලා වැඩක් නැ.තරහා අරන් වැඩක් නැ. අඩුම තරමේ ඒ ගැන හිත එක තප්පරයක් වැය කරන එකත අපරාදේ.. රයිට් සහෝදරයෝ ගුවන් යානය ගැන කිව්වාම ඒ දවස් වල සමාජය එයලාට හිනා වුනා. එහෙම තමා.. දිරියෙන් ඉදිරියට.. ජය වේවා..
ReplyDeleteඔහොම කිව්වට අක්කේ ඒක හිතන තරම් ලේසි නෑ.. මට එපාම වෙලා හිටියේ..
Deleteඒකයි මෙහෙමවත් එකක් ලියලා නිදහස් වෙන්න හිතුවේ.. දැන ඉතින් ආයේ ෆිට්
බොහොම ස්තුතියි අක්කේ
මල්ලිලා කරන වැඩේ නම් එළකිරි. පුලුවන් නම් මාත් සප් එකක් දෙනවා. ඒත් මේ දවස්වල සුදා මල්ලි කරන වැඩේම තමා අපිත් කරන්නේ. ඇඩ් හන්ටින් :)
ReplyDeleteඅපෙත් ගුරුතුමියක්ගේ පොතක් දොරට එළි දක්වන වැඩකට අපිත් මේ දවස්වල හිටු කියලා ඇඩ්ස් හොයනවා.....
වැඩේ නම් හොඳයි.. ඉල්ලන හැම තැනකින්ම ඉල්ලන විදියටම ඇඩ්ස් හම්බ වේවා කියලා ප්‍රර්ථනා කරනවා අයියේ..
Deleteසප් එකක් ඕනේ උනොත් අනිවා ඉල්ලනවා.. :D :D බොහොම ස්තුතියි...!!
ReplyDeleteබල්ලෝ බුරති සඳ බැබලෙති කියලා වැඩේ හොදට කරන්න
ජය වේවා සුදා මල්ලි...!
ඇයි තව ටිකක් තියෙනවනේ
Deleteසඳ වැඩ වඩාත් බැබලෙන විට බල්ලන් වැඩ වඩාත් බුරති.
නමුත්....
කට රිදෙන විට උන් කට වස නැට්ට හංගා නිදි.. එහෙත් දිගටම සඳ බැබලෙයි.
බොහොම ස්තුතියි අයියා...
ඔබේ උත්සාහය උසස් අන්දමින් සාර්ථක වේවා !
ReplyDeleteසල්ලි තියෙන සම හරක් වැස්සකටවත් ඉස්කෝලෙකට පය ගැසූ උන් නොවන හෙයින් උන්ගෙන් නොලැබෙන උපකාර කෙරේ දුක් නොවන්න...
අපෝ ඒක නම් ඇත්ත අයියේ. උන් ගැන අපි දුක් වෙනවා විතරයි..
Deleteසල්ලි ජිවිතේ කියලා හිතන හැඟීම් නිරුද්ධ ජීවින් ටිකක්
ඔබේ උත්සහය සාර්ථක වේවා.... ජය !
ReplyDeleteබොහොම ස්තුතියි සහෝ
Deleteඵලක් ඇති දෙයක් කරන්න ගියාම ඔහොම තමයි. කරන්න යන වටිනා කියන වැඩෙත් එක්ක ඕව බොහොම සුළු දේවල්. ඔයාලගේ වැඩේ සාර්ථක වෙයි. හොඳ හිතින් කරන දේවල් වරදින් නෑ. ජය වේවා!!!!!!
ReplyDeleteඑහෙම හිත ගෙන තමා මධු අපිත් වැඩ කරන්නේ.. හිතට දුකක් අවම මෙහෙම එකක් දාලා සනසා ගන්නවා. මොන කරන්නද..? ඒ උන්ගේ හැටි.. මේ අපේ හැටි නේ..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඑක නම් ඇත්ත.. බාධා බොහොමයි... එමටයි...
Deleteබොහොම ස්තුතියි.