මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Monday, December 31, 2012

සමුගෙන්න ගොස් යලි හැරුණෙමි සත්තයි නුඹ යළි ඇවිදින් සෙවණැල්ලක් වී.....

සුභම සුභ නව වසරක් වේවා...!!

වැඩිය අනම් මනම් කියන්න බෑ. කාලෙකින් මුකුත්ම ලියන්න බැරි උණ නිසා හොඳට ලියවෙන එකක් නැති වේවි. ඒක නිසා යාන්තමට සිතුවිල්ලක් කටු ගාලා යන්නම්..

ගොඩක් අය හිතාගෙන ඉන්නේ ජනවාරි 1 වෙනිදා කියන්නේ අපේ ජිවිත අලුතින් පටන් ගන්න හොඳම දවස කියලා.අපිට ඕනේ ඕනේ විදියට ජිවිත පටන් ගන්න බෑ කියලා අපි දන්නවනේ. අඩු ගානේ අපි කැමති දවසක කැමති විදියකට ඉපදෙන්නවත් බෑනේ , ඉතින් තව මොන කතාද..?? ඒක නිසා අපිට ඕනේ ඕනේ විදියට අලුතෙන් ජිවිත පටන් ගන්න බැරි උණාට තියෙන ජිවිතේ පරණ මෝඩකම් අත් අරින්න හොඳම දවස හෙට කරගන්න පුළුවන් නම් එක හොඳ ආරම්භයක් වේවි....!!

මම දන්නවා මම වගේම ඔයාලත් පහුගිය අවුරුද්දේ ඇති තරම් මෝඩ වැඩ කරන්න ඇති.. ජිවිතේ සුළු හෝ මහ පරිමාණ වැරදීම් වෙන්න ඇති. ඒ විතරක්ම නෙමේ. තමන්ගේ ජිවිතේ ලබපු සාර්ථක පියවර ගොඩක් සටහන් වෙලා ඇති. අතීතයට වඩා හොඳ ගුරුවරයෙක් තවත් නෑ. මොකද තමන් තනියම ඉගෙන ගන්න පාඩමකට සම කරන්න පුළුවන් ඉගෙනීමක් නෑ . හැමෝම එහෙම තමා.මගේ දර්ශනය වන බෞද්ධ දර්ශනයේදී බුදුන් වහන්සේ අත්තකිලමතානු හා කාම සුඛල්ලිකානු යෝගය යන යෝග දෙකම තමන්ගේ ප්‍රතිපත්තිය නොවිය යුතු බව හා මැදුම් පිළිවෙත වඩාත් සුදුසු බවත් තීරණය කරන්න පදනම් උනේ අතීතය.. ඒකයි උන් වහන්සේ කිව්වේ මගේ ගුරුවරයා මමයි කියලා..

හැබැයි රංජනීයේ එක දෙයක්..මේක බාලගිරි දෝසය වගේ අද නෙමෙයි හෙට කිය කිය කල් දැම්මොත් නම් මේකත් නිකම්ම ගෙවිලා යාවි . ඒක නිසා හෙට කියන්නේ ජනවාරි පලවෙනිදා කියලා හොඳට හිතේ තියාගෙන හෙට උදේම අවදි වෙන්න.. වෙනස් වෙන්න සමාජේ තියෙන ඉඩ අඩුයි. කවුරු කොහොම කිව්වත් සමුගත්තත් මිටින් මුදා හැරලා බැලුවත් සත්තයි ඒ කාලය යළි යළිත් ඇවිදිල්ලා ඔයා එක්කම ඉඳීවි....  ඒකයි කිව්වේ අලුතෙන් ජිවිත පටන් ගන්න ගිහින් අමාරුවේ නොවැටී මේ තියෙන ජිවිතේ පුංචි පුංචි වෙනස්කම් කරලා අවසාන ප්‍රතිපලය ජයග්‍රහණය කරා ජිවිතේ ගෙනියන්න කියලා.. මොකද එතකොට වැරදෙන්න තියෙන ඉඩ අඩුයි.

 අනික් දේ තමා මහා ලොකු හීන දකිනවට වඩා පුංචි පුංචි හීන ගොඩක් දකින එක සාර්ථකයි.. පුංචි පුංචි හීන දැකලා ලස්සන වුණු ජිවිතයක් ගැන සතුටින් කතා කරන්න අපි අයෙත් මුණ ගැහෙමු....

අමතක කරන්න එපා... මිටින් මුදා හැර බැලුවත් සමුගෙන යළි හැර බැලුවත් කාලය නුඹ එක්කම ඉඳීවි... ඒක  නිසා වැරදි වලට තියෙන ඉඩ අඩු කරන්න 

 
එහෙනම් කලින් කරපු ඔක්කොම මෝඩකම් අත ඇරලා, ඒ පාඩමෙන් අලුතෙන් බුද්ධිමත් පුරුදු හදා ගෙන යහපත් සාර්ථක සතුටු දායක ආරංචි පිරුණ සාමය සැනසුම රජයන වසරක් බවට 2013 නව වසර පත් වේවා.....!!! 

10 comments:

  1. අපූරු අදහසක් ! ස්තුතියි..

    ඔබටත් මේ අලුත් වසර සියළු අරමුණු ඉටුවන සාමය සැනසුම රජයන වසරක් වේවා !

    ReplyDelete
  2. ඔයාටත් සුභ නව වසරක් වේවා !......

    ReplyDelete
  3. සාමය සතුට සපිරි සුබ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  4. Apuru adahasak...
    Obatath subha nawa wasarak wewa !!!
    Siyalu yahapath pathum itu wewa !!!

    ReplyDelete
  5. ජීවිතයම වෙනස් කරන සුබ නව වසරක් වේවා...!!

    ReplyDelete
  6. ඔබේ අසහස් වලට මාත් එකගයි.සුබ අලුත් අවුද්දක් වේවා!

    ReplyDelete
  7. සුබ අලුත් අවුද්දක් වේවා!!!!!

    ReplyDelete
  8. සුභම සුභ නව වසරක් වේවා

    ReplyDelete
  9. හැපි 2013ක් ඈ....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. හැම දවසම අලුත් දවසක්. ඒක නිඅස ඒක හිතේ තියාගෙන වැඩ කලා නම් හැම දෙයක්ම හොඳින් කරගන්න පුලුවන් වේවි :)

    ReplyDelete

මේ ඒක නෙමේ තාමත් මට අත දුන්නේ නැතිනම් ෆොලෝ පාරකුත් දනවකෝ ඈ...
ආවාම කියෙව්වාම අහක බලන් යන්නේ නැතුව හිතට ආපු දේ කහටක් නැතුව කොටලම ගියා නම්
"ඔහෙලගේ හිතටත් නිදහසක්..........
....................මගේ හිතට ශක්තියක්" මොකෝ අමාරු දෙයක්යැ..
දාමු දාමු comment එකක් දාලම යමු

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...