මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Sunday, September 16, 2012

තව හිනහෙන්නම් දැන් කවුද මට ආදරේ...?



"මට ආසයි හිනැහෙන්න මුළු ජිවිතේ"

............................................කියල කිව්වට අපි හැමෝම දන්නවා, හැමදාම එක වාගේ නැති ජිවිතේ හැමදාම එක වාගේ හිනා වෙලා ඉන්නවා කියන්නේ ලෝකේ තියෙන අමාරුම දෙයක්.. 


ඒත් කව්රුදෝ කියනවා වගේ මතකයි නොමිලේ දිය හැකි එකම වස්තුවට ලෝභ කරන්න එපා කියලා. ඒක නොමිලේ දීලා තියෙන්නේ ලෝකෙටම බෙදන්න මිසක් දත් ඇඳි දෙකයි තොල් අතරෙයි හිර කරන් ඉන්න නෙමේලු.


මුළු ලෝකෙම තරඟයක් වෙලා..මල්ලි කෙනෙක් මාත් එක්ක කිව්වා වගේ මතකයි තරඟයක් නැති ජිවිතේ කණුවක් දිගේ වතුර ගලනවා වගේ කියලා. කිසිම ලස්ස්සනක් නෑ. ඒත් ගඟකින් ඇලකින් ඒ වතුරම ගලද්දී කොච්චර ලස්සනද...? මම තරඟකාරිත්වය කියන්නේ අභියෝග... දහසක් අභියෝග මැද හිනා වෙලා ඉන්නවා කියන්නේ කොච්චර සුන්දර දෙයක් ද...? හිනාවේ උල්පත සතුටයි.. දුකට හිනා වෙන මිනිස්සු නැතුව නෙමේ.. 

ඒත් ඒ හිනාවෙන් තව කෙනෙක් හිනා වෙනවා නම් එතන තියෙන්නේ සතුටක උල්පතක නේද...? ජිවිතේ ජිවත් කරවන්නේ සතුට.. දුකක් එක්ක ඉන්න මිනිහෙක් මම මැරී මැරී ඉපදෙනවා කියල මිසක් ජිවත් වෙනවා කියලා කියන්නේ නෑනේ. මිනිස්සු අඬවන එක ලේසි.. ඇඟිල්ලෙන් ඇන්නාමත් අඩන්නේ.. ඒත් හිනාවෙලා ඉන්න එකයි හිනස්සන එකයි අඬන තරම් ලේසි නෑ... ඇඟේ තියෙන සියලු රෝග තුරන් වෙලා නිරෝගී වෙලා මහත් වෙනවා කියලා කියන්නේ මේ මෑතකදී නෙමේනේ..
හිනාව උනත් එක එක වර්ග තියෙනවනේ.. මහා හයියෙන් කෑ ගහලා හිනාවෙන්න පුළුවන්.. ලාවට හිනා වෙන්නත් පුළුවන්.. ඔය කාන්ත පාර්ශ්වය වගේ අතින් කට වහන් හිනා වෙන්නත් පුළුවන්.. අන්න ඒක නම් කවදාවත් කරන්න එපා.. ඔබේම හිනාවට ඔබේ අතින්ම කඩුලු බදින්න එපා.. ඔහේ නිදහසේ ගලාගෙන යන්න දෙන්න. ඒ වෙලාවට නිසැකවම ඔබට හිතේවි මල් පාට මල් හිනයක්දෝ ජිවිතේ කියලා.....?

රැස්වීමක් මැද, ප්‍රසිද්ධ වේදිකාවක මහා හයියෙන් හිනා වෙන එක අශිලාචාර වෙනවනේ. ඒ වගේම පාරේ මහා හයියෙන් හිනා වේවි ගියොත් උණවටුනට යන්නත් වේවි.. ඒක නිසා අවස්ථාව තේරුම් අරන් හිනාව වා තලයට මුසු කරන්න..

හැල්මේ දුවන ජිවිත වලට හිනාව ග්ලුකෝස් වගේ. එක පාරටම ශක්තියක් දැනේවි.. ඒත් ඒ හිනාව සමච්චලයෙන් තොර වුවක් නම් විතරයි..දහසක් දෙනා හමු වෙද්දී ඔබේ මුවින් ලෙන්ගතු මද සිනහවක් පහල වෙන්නේ නැති නම් ඒ ඔබේ අඩුවක්.. ඔබේ සිනාවට ඔහේ පා වෙලා යන්න දෙන්න. සුළඟ වගේ ගලා ගෙන යන්න දෙන්න. කව්රුවත් නවත්තන්න හදන්නෙත් නෑ.. කව්රුවත් එපා කියන්නෙත් නෑනේ... ඒ හිනාව ලොවක් සුවපත් කරවී.. 

දැන් කියන්න එපා හරි මම කාත් එක්කද හිනා වෙන්නේ කියලා..? මුලින්ම පවුලේ අය එක්ක හිනා වෙලා ඉන්න.. ඒ හිනාව මගතොටටත් බෙදන්න.. (ඒත් ඔය පැණි හිනාව දාන්න ගිහින් කාන්තාවන්ගෙන් හිංසනයන්ට ලක්වීම පිලිබඳ වග කියනු නොලැබේ.) ඔබේ මිතුරු මිතුරියන්ට.... අවසානයේ මුළු සමාජයටම...
ඔන්න ඕකට තමා සරල සිංහලෙන් මෛත්‍රිය කියන්නේ.. සිනහාවේ දෙවෙනි පියවර තමා මෛත්‍රිය...

මේ හිරිමල් වයසේ ඉන්න මටත් කොහෙන් ගියත් ආදරය ගැනත් ගෑවෙනවමනේ.. අමතක කරන්න එපා දියමන්තියක් සේම පාටින් දිලෙන මගේ හිතේ විතරක්ම නෙමේ ඔබේ හිතෙත් මිහිරි හැඟුමක් මවන සරල සුන්දර සංකීර්ණ භයානක සිතුවමක්නේ ආදරය කියන්නෙත්... 

ඔහේ අන්ද මන්ද වෙලා ඉන්න ඔරවා ගෙන බුම්ම ගෙන ඉන්න කෙනෙක් ගැන ආදරයක් හිතුනොත් මට හොඳටම විස්වාසයි ඒ මනුස්සයාගේ ආදර නහරයේ යම් කිසි රෝගකාරී තත්වයක් තියෙනවා කියල.. කසාද බදින්න හරි යාළුකමට හරි ආදරයක් හිතේවිද ඔය වගේ ඔරවන් ඉද්දි...? මට නම් එපා වෙනවා..(ඒත් ඉතින් මම එක්ක ඉන්න හැමෝම හිනා වෙලා ඉන්නේ...) ඒක නිසා හිනා වෙලාම ඉන්න(මට එපා වෙන නිසා නෙමේ, ලොවට එපා වෙන නිසා).

ලොවට පෙන්නේ නැති මහ රෑක අඬලා දුක වළලලා දාලා ඉර පායන මල් පිපෙන හැම උදේම ආදරය හිතෙන හිනාවකින් මුව සරසා ගෙන දොර අරින්න.. එහෙමත් නැතිනම් එලියට බහින්න.. සුවඳ විලවුන් දහසකටත් වඩා අලුත් විලාසිතා කෝටියකටත් වඩා ඔබට ආකර්ෂණිය බවක් ලෙන්ගතු කමක් ඒ හිනාව ගෙනේවි. 
 දත් නැති ආච්චිලගේ හිනාව සීදේවි නම් දත් නැති අත දරුවාගේ හිනාව සුරතල් නම් ඔබේ මුව කොහොම උනත් හදවත සමච්චලය කුණු කන්දල් පුළුස්සලා ලෙන්ගතුකම් දුම් දල්වලා නම් අනිවාර්යයෙන්ම සීදේවි කමත් සුරතල් කමත් අතර ඔබේ සිනාව දෝලනය වේවි.. ලෝකයට ආදරණිය බවක් එකතු කරන්න.. ඔබේ සිනහව තහනම් කරන්න කාටවත් බැරි වේවි..

"එන්න, හිනහෙන්න මා එක්ක මේ ජිවිතේ......."

36 comments:

  1. හිනා හිනා හතර හිනා!! :D :D :D

    ReplyDelete
    Replies
    1. දන්නවද හතර හිනා මොනවද කියලා..?
      1. බිං අල්ලි දෙකක් තීන එකා මහා ඉඩම් හිමියෙක් කියල උදම් අනින කොට මහී කාන්තාව නඟන සිනහව.
      2. වේද පොතක් පාඩං කරන් මහා බුද්ධිමතෙක් කියල උදම් වෙන මිනිහ දිහා බලල සරස්වතිය නඟන සිනහව.
      3. කහවණු පොදියක් තුරුලු කරන් මහා ධනවතෙක් කියල උදම් වෙන මිනිහ දිහා බලල ලක්ෂ්මිය නඟන සිනහව.
      4. හවසට රාජකාරියෙ ඉඳල ගෙදර එන සැම්ය “අනේ මගේ පුතා” කියල දරුව වඩා ගන්නකොට බිරිඳැ නඟන සිනහව.
      බලන් යද්දී ගෑනුන්ට තියෙන්නම මහා කුපාඩි හිනා ටිකක්මයි නෙහ්..?

      Delete
    2. මේකේ එකක් මම අහලා තියෙන්නේ මෙහෙම "යුද්දෙකින් පරාද වෙලා සතුරන්ගෙන් ජීවිතේ බේරගන්න සොල්දාදුවෙක් පැනලා යද්දී උඹ කාගෙන් ගැලවුණත් මගෙන් ගැලවෙන්නේ නැහැ කියලා මාරයා හිනා වෙන එක :D

      Delete
    3. සුදා ඔයාගේ කමෙන්ටුව මගේ හිතට තදින්ම වැදුණා.

      Delete
    4. @හසිත අයිය- ඔව් ඔව් අපේ අම්මගෙන් ඇහුවම අම්මත් එහෙම කතාවක් කිව්වා. මම මේ ඉන්රට් නැට් එකෙන් හොයා ගනිපු එකක්...

      @නලීන් සහෝ- අර මොකෝ..?

      @හිරු- ගණන් ගන්න එපා මැඩම්... කොලු කටනේ..

      Delete
  2. ලස්සන හිනා ටික !!! :)

    ReplyDelete
    Replies
    1. වැඩි අමාරුවක් උනේ නෑ. ගුගල් මාමට හිනා වෙන්න කිව්වම දුන්නු ඒවා තමා..

      Delete
  3. බුහාහාහාහාහාහාහාහාහාහා....
    සියල්ලන්ම දන්නා වගනම්..
    මා කිසිවිටෙකත් මූනිච්චාවට සිනහ වන්නෙකු නොවන අතර සිනහ නොවී සිටින අවස්ථාවක්ද නොමැති බවයි...
    නැව ගිලුනත් බෑං චූං...

    ReplyDelete
    Replies
    1. මාර මිනිහෙක් නේ.. එල හොඳේ..
      ඒක තමයි අර තරම් බතල :P

      Delete
  4. සිනා බෝ වේවා !! නියමයි ආහ් නයිස් නයිස්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සිනා සෙන් ඔබ දසන් දක්වා..... තැන්ක්ස් තැන්ක්ස්

      Delete
  5. සැබැ හිනාව ඇත්නම් ලෝකය කොච්චර ලස්සන තැනක් වේවිද

    ReplyDelete
    Replies
    1. හිත ගන්නවත් බැරි තරම් ලස්සන වේවි නේද..?

      Delete
  6. හිනා හතර ගැන නම් කලින් අහල තිබුන!
    දැන් කාලේ මිනිස්සුන්ට හිනා වෙනවට වඩා කරන්න කොච්චර දේවල් නම් තියේද!
    සිනාවත් සල්ලි ගෙවල ගන්න ඕනෑ යුගයකට නේ අපි මේ යන්නේ!

    ReplyDelete
    Replies
    1. ඒ මොනාද ඒ වැඩ..? ඉතින් අනේ මේක හිතල කරන්න ඕනේ දෙයක් නෙමේනේ..
      ඔව් ඔව් ඉස්සරහට එකත් වෙන්න බැරි නෑ

      Delete
  7. A smile struggles through tears are the most beautiful things in the world.. ;)

    ReplyDelete
  8. මේ ලිපිය ගොඩක් වටිනවා. ඔයා හොඳ දෙයක් මතක් කරලා තියෙන්නේ. හිනාව කියන්නේ උතුම් මිනිස් ගුණයක්. අද කාලේ ගොඩක් අය දන්නේ හිනා වෙනවා කියල නිකම් කට ඇද කරන්න විතරයි. ජය වේවා යාලු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. හිනා වෙන්න අමතක වෙන එක අමුතු දෙයක් නෙමේනේ. හැම දෙයක්ම කෘතීම වෙලා.
      මොනා කරන්නද..?

      Delete
  9. ලෝකෙට පෙන්න බොරුවට හිනා වෙලා වැඩක් නෑ හිනා වෙනවා නම් බොක්කෙන්ම හිනා වෙන්න ඕනේ
    හැබැයි මං අහලා තියෙනවා වැඩිපුර හිනා වෙන මනුස්සය ඇතුලින් දුක් වෙනවා කියලා

    ReplyDelete
    Replies
    1. උදේ පාන්දර මුසල මුණකට වඩා හිනාව දොරේ ගලන මුණක් දැක්කම කොහොඅමද ෆිට් ඒක නෙහ්..?
      ඒක නම් හරියටම දන්නේ නෑ හැබැයි

      Delete
  10. කඳුළයි ඉකියයි ඇයි පිළිගන්නේ....සිනහව ආවම කොතැනද ඉන්නේ........?

    ReplyDelete
    Replies
    1. සතුට විලයි සැපත මලයි...
      නෙළුවොත් මල අතින් එකයි

      Delete
  11. සිනා සී තර වෙන්න !

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ.. ඒත් ඕක වෙන්නේ නැති එකනේ අවුල

      Delete
  12. කියල වැඩක් නැහැ ඉස්තරම් කියන්නේ මේ සතියේ හොඳම පොස්ටුව.

    ReplyDelete
    Replies
    1. අහ්... මට ඇහුනේ නෑ වගේ..
      ඒක නම් වෙන්න බෑ නෙහ්

      Delete
  13. ලන්කවෙ මිනිස්සු තරම් හින වෙන ජතියක් තවත් නම් නැ.. හොදට වගෙම නරකටත්........

    ReplyDelete
    Replies
    1. අපේ කස්ටිය ඉතින් හිනා වෙන්න බල ගෙනමනේ ඉන්නේ..

      Delete
  14. හ්ම්ම්..හොඳ ලිපියක්!

    ReplyDelete
  15. හිනා වෙන එක නම් හොඳයි.. ඒත් හදවතින්ම හිනාවෙන්න ඕනේ. ඒත් අද වැඩිපුරම ඉන්නේ අනිත් අයට හිනාවෙන්න බලාගෙන ඉන්න අය.
    හොඳ ලිපියක්...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත .. ඒත් ඒ හිනාවේ කිසිම වටිනාකමක් නෑනේද..?

      Delete
    2. ඔව්. අවංක හිනාවක් ගොඩක් දේවල් වලට වඩා වටිනවා.

      Delete

මේ ඒක නෙමේ තාමත් මට අත දුන්නේ නැතිනම් ෆොලෝ පාරකුත් දනවකෝ ඈ...
ආවාම කියෙව්වාම අහක බලන් යන්නේ නැතුව හිතට ආපු දේ කහටක් නැතුව කොටලම ගියා නම්
"ඔහෙලගේ හිතටත් නිදහසක්..........
....................මගේ හිතට ශක්තියක්" මොකෝ අමාරු දෙයක්යැ..
දාමු දාමු comment එකක් දාලම යමු

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...