මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Saturday, September 8, 2012

මග සැදුවේ ඔබයි සොඳිනේ...........

ලෝකයේ තියෙන එක එක රස්සා අතරේ වර්තමානයයි අනාගතයයි අතර සන්ධිය එහෙමත් නැතිනම් ලෝකෙයේ තියෙන උත්තරීතරම රස්සාව තමන්ගේ රස්සාව විදියට තෝර ගත්ත කාන්තාවක් ගැන පොඩි සටහනක් තිබ්බොත් හොඳයි කියල හිතුණා.

මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ගුරුවරියක් වෙන්න ඉගෙන ගෙන 1975 නෙළුව මහා විද්‍යාලයට ආවා. මහා ලොකු උපාධි කුට්ටම් නෑ.සාමාන්‍ය අභ්‍යසලාභී ගුරුවරියක්.. රස්සාවක් කරන්න ආවේ. "නෑ.. මම සේවයක් කරන්න පුළුවන් නිසයි ආවේ" කියලා බොරු කියන්න ඕනේ නෑනේ. එදා ඉඳන්ම අවුරුදු  33 ක් නෙළුව මහා විද්‍යාලයට.... නෙළුව මධ්‍ය මහා විද්‍යාලයට විතරක් නෙමේ නෙළුව ජාතික පාසලටත් තමන් ඉගෙන ගනිපු දේ බෙදල දෙන්න මහන්සි උණා. මේ ඒ ගුරු අම්මා මාත් එක්ක කියපු කතා ටිකක්..


" ඉස්සර සමස්ත ලංකා කියල තරඟ තිබුනේ නෑ. කලාප තරඟ තිබ්බම ඉවරයි. මට මතකයි ඉස්සර ඔය නන්දනී අජන්තා විජිතල එක්ක උඩුගම තිබුණ තරඟ වලට ගිහින් කලාප ශුරතාවය අරන් එනවා. ඉස්සර කොහෙද ක්‍රීඩා ගුරුවරු.... අපි අපිම තමා ඒවා පුරුදු කලෙත්. මට ඉන්න බෑ දරුවෝ මගේ ළමයි දුවලා එක අරන් එනවා බලන්න. මගේ කකුල් වෙව්ලනවා. ඇඟ ගැහෙනවා.. ...... ඊට පස්සේ මට ඇහෙනවා කවුරුදෝ මයික් එකකින් කෑ ගහනවා. "අන්න අර මිස් අල්ල ගන්න... ළමයි එක්ක දුවන්න දෙන්න එපා" කියල.. එතකොට ඉතින් මගේ පොඩි එකා එක අරන් ඉවරයි. මිනිස්සු හිතන්න ඇති මට පිස්සු කියල. මට මොකද..? මගේ පොඩි උන් එක අර ගත්තට පස්සේ ඊට වඩා මොකද්ද..?  ඒ දරුවොත් කැමති එහෙම කරනවට. මම ඉතින් ගිහිල්ල දුවලා එන පොඩි එකාව අල්ල ගන්නවා.. උන්ට රටක් රාජ්ජයක් දිනුව වගේ..

ඕව විතරක් නෙමේ.. මල ගෙදරදී හම්බුනා අනුලා දූ මතකද.. දුවන්න ගත්තම නිකන් මැසිම වගේ.. එක අරගෙනම තමා නවතින්නේ. ඒත් ඉතින් වැරදිලාවත් දෙක උනොත් එතනම වැටෙනවා..(ඇය සිනාසෙයි) ඔය ඔපිස් එකේ
මහ ලොකුවට දැන් කබඩ් පුරවලා තියෙන ඔක්කොම ශුරතා පළිහ අරන් ආවේ අපි. පොඩි ට්‍රක් කෑල්ලක් හොයාගෙන සින්දු කියා කියා එනවා. ඉස්සර මගේ බෑග් එක ඉස්කෝලේ ඔපිසිය වගේ. ඔක්කොම තරඟ වලට යන ළමයිගේ පොටෝ කෑලි උප්පැන සහතික මම ගාව.  අනේ දරුවෝ අපි ඒ කාලේ කරපු ඒවා...

ඒ දවස් වල අනධ්‍යන කාර්ය මණ්ඩල නෑ. අපිට තාම ඒවා කරන්න උණෙත්. පහසුකම් ගාස්තු ගෙවපු ඒවයි සල්ලි ඔක්කොම බිල් සේරම මම ගාව. ඒත් කිසිම දවසක සතපහක්වත් අඩු වෙලා නෑ. මම ඒ ඉස්කෝලෙට යද්දී මම තමා හිටිය පොඩිම ගුරුවරයා. ළමයි අතර උනත් මහා ලොකු වයස් පරතරයක් තිබුනේ නෑ. හැමෝම මට ආදරෙයි. ගෑනු ළමයි මම එනකන් බලාගෙන ඉන්නේ. ආපු වෙලාවේ ඉඳන් ඇගේ එති එතී කතා කරනවා.  ඒ දරුවොන්ට උදව් ඕනේ හැම වෙලාවකම මාව හොයා ගෙන ආවා. පුදුම විස්වාසයක් තිබ්බේ. ගමේ මිනිස්සු පවා සැලකුවා. දිස් මිස් අනම් මනම් දැන් කාලේ වගේ නෙමේ. ඉස්කෝලේ හාමිනේ කියල කට පුරවලා කිව්වා. ඒවා කාලේ එක්ක වෙනස් වෙනවා.  අපි දරුවෝ වැඩිහිටියෝ... ගුරුවරු... අපි බබාලා වෙලා බෑ.  ළමයි තාම නොදරුවෝ. දරුවොන්ගේ පැත්තෙන් හිතලා තීරණ ගන්න ඕනේ. අපිට වඩා හොඳ අනාගතයක් හදලා දෙන්න ඕනේ. නැතිනම් මේ පඩියෙන් අපිට පව් පිරෙනවා විතරයි පුතේ.. කාලෙත් එක්ක අපි දරුවෝ එක්ක ඉන්න ඕනේ. ඉස්සර වගේ නෙමේ.. වැරදුනොත් හද ගන්න ඉඩක් නෑ දැන් " 

මිස් කියපුවා ඇතිනේ.. මේ සුදා මල්ලි මිස් ගැන කියන ඒවා.....

" දැන් කට්ටියටම හිතෙනවා ඇති නේද මෙයා හරිම අහිංසක අර පොත් වල ඉන්න ගුරුවරියක් වගේ වෙන්න ඇති කියලා.. මොන පිස්සුද...? මට මතක විදියට මම 7 වසරේ.. මිස් හිටියේ අපේ පන්තියේ උගන්න උගන්න. අපි හිටියේ දොරවල් තිබුණ පන්ති කාමර වල... එහා පන්තියේ ළමයි ඔක්කොම එළියේ.. මිසුත් කෑ ගහන්න එපා කියලා විතරයි කිව්වේ. එක පාරටම එහා පන්තියේ නලින් පන්තිය ඇතුළට කෙල්ලෙකුයි කොල්ලෙකුයි දාලා දොර වැහුවා. එක පාරටම මොකක් උනාද මන්ද.. මිස් හිටියේ එහා පන්තියේ. මිස්ගේ අත පෙන්නේ නෑ. නලින් ඇඹරෙනවා. ඇත්තමයි මම ජීවිතේට එහෙම ගැහිල්ලක් නම් දැකල නෑ. මටත් පුදුම ඒක එච්චර ලොකු වරදක්ද කියලා. පස්සේ තමා තේරුණේ.. මිස් පන්තියෙන් යද්දී කියල ගියා. "මටත් දරුවෝ දුකයි. අර ගහපු පාරට මගෙයි අතයි හිතයි දෙකම රිදෙනවා..  අපි ගහන්නේ වෙන මොකවත් නිසා නෙමේ... ලොකු මහත්තයෙක් නොවුනත් හොඳ මහත්තයෙක් හදන්නයි ඕනේ නිසයි"..  මම දැක්ක නලින් මිස්ට රවනවා.. අපිට උනත් ඕක පුදුමයක් නෙමේ. අපි උනත් එහෙමනේ. ඒත් අද නලින් පාරේ හම්බුනාම මිස් කියල කතා කරලා යනවා මම දැකල තියෙනවා.


මිස්ලගේ ගෙදර තිබුනේ නෙළුව ග්‍රාමීය ඉස්පිරිතාලේ ගාව. ඒක නිසාද මන්ද...? ළමයෙක් ලෙඩ උණා ගමන් මිස් ගාවට එවනවා.. සමහර ගුරුවරුත් එහෙම යන්න කියලා ශේප් උණා. ඒත් ළමයි අතරේ පුදුම විස්වාසයක් තිබුණා. ලෙඩක් උණාම හොඳම විසදුම තියෙන්නේ සෝමා මිස් ගාව කියලා.

අපේ ඉස්කොලේට හම්බුණා ලොකුම නැතත් වටිනා කියන මේන් හෝල් එකක්. ගොඩනැගිල්ල විතරයි හම්බුණේ. මතකයි සෝම මිස්ලා කුසුම් මිස්ලා පියසීලි මිස්ලා එක්ක අලුත් ගුරුවරු වුණ සාලිය සර් නයනකාන්ති මිස් නිශා මිස්ලා ඕකට කර්ටන් දන්නා මහන්සි උණ තරම. ඒ කර්ටන් තමා තාම තියෙන්නේ... ඒ කර්ටන් දාලා තිබුණ මුල්ම කොන්සර්ට් එකේ මමත් නැටුවා..

එක දවසක් මිස් මළ ගෙදරකට ආවා.  ආවා විතරයි මළ ගෙදර හිටිය ගොඩක් මැදිවියේ ගොඩක් අය නැගිට්ටා. පස්සේ තමා ඇය කිව්වේ ඒ මගේ ගෝලයෝ කියලා. ඒ ගෝලයෝන්ගේ ගුරු ගෞරවය එදා විදියටම අදත්..  සමහර ගෝලයෝ හම්බෙනවා හතර ගාතෙන් යන්න බීලා. කෙලින් ඉන්න පණ නෑ. අවුරුදු 40 ක් 50
ක් විතර වෙන පිරිමි.. මතකද අපි වැරද්දක් කරලා අම්මා එද්දී ශේප් වෙලා යනවා.. අන්න  ඒවගේ මේ මිනිස්සුත් මිස් දැක්කම ලිස්සලා යනවා.. මිසුත් මුකුත් නොකියා යනවා. සමහර ගෝලයෝ බීලා හම්බුණාම කියනවා. "අනේ මිස් සමාවෙන්න ඕනේ.. ආයේ බොන්නේ නෑ" කියලා වැඳලා යනවා. ඒත් මිස් හිනා වෙලා බොන්න එපා කියන්නේ නෑ. "පරිස්සම් වෙන්න දරුවෝ" කියලා විතරයි කියන්නේ..

මේ අන්තිම පොඩ්ඩ.. හැම ඉස්කෝලෙම ඉන්නවනේ උසස් පෙළ පන්තියේ චණ්ඩියෝ ටිකක්. අපේ ඉස්කෝලෙත් හිටියා. මොකක් හරි වලියක් ගිහිපු වෙලාවක ඕක බේරන්න මහත හැඩි දැඩි කියල හිතන් ඉන්න ගුරුවරයෙක්(අයියා සර් කෙනෙක්) ඉදිරිපත් උණා. අර අයියා ඉතින් හිච්චි කෙට්ටු එකෙක් හොඳේ.. දැන් අර සර් ප්‍රශ්නේ ගැන කතා කරද්දී අර අයියාට මළ පැනල වැඩිකමට උඋගේ විරුද්ධවාදියට ඌ මූ  කියලා කියවෙනවා. පොඩ්ඩක් නිවෙන්න දීලා ප්‍රශ්නේ විසදෙව්වා නම් හරිනේ. ඊට පස්සේ අර මහත සර් අර අයියගේ කොලර් එකෙන් අල්ල ගෙන "උඹට කතා කරන්න උගන්නන්න ඕනේ" කිව්වා.. අර අයියා කෙට්ටු වැඩි කමට අයියා කෙසේ වෙතත් සර්ව නම් ඉස්සුණා.. අර මිස්(ඔය වෙද්දී පෙන්ෂන් ගන්න අවුරුදු 3ක් වගේ විතර තිබුනේ) දුව ගෙන ආවා. පුතේ අපි යමු කියලා අයියාගේ අතින් අල්ල ගත්තා. මොන්ටිසෝරියට අරන් යන පොඩි එකෙක් වගේ අර අයියත් මිස්ගේ අතේ එල්ලිලාම ආවා. ඉස්කෝලෙන් එළියේ හිටිය විස්තරේ දැනන් ඉස්කෝලේ ගාවට දුවන් ආපු අම්මට බාර දුන්නා.. ඒ අයිය දැන් කැලණිය කැම්පස් එකේ. කොහේදී දැක්කත් දුවගෙන ඇවිත් කතා කරලා යනවා...



හොඳට ඉගෙන ගනිපු සමහර ගෝලයෝ නම් මිස් දැක්කම වැඳලා කරලා යනවා.. ඒත් සමහර අය නම් මිස් දැක්කම නොදැක්කා වගේ යනවා..  ඇය ඉතින් මුකුත් කියන්නේ නැතුව, "අර මගේ ගෝලයෙක්.." කියල විතරක් කියනවා. ඉස්කෝලෙන් විශ්‍රාම ගනිද්දී උපහාර උත්සව මුකුත් නැතුව එළියට ආවා. ගෙදරට ගෙනත් දීපු තෑගි බෝග බාර ගත්තා.. එතුමිය අහන්නේ... "මට මොකටද උපහාර.. මම කලේ රස්සාවනේ" කියලා.. කෝ අපිට ඕවට උත්තර... එතුමිය කොච්චර උගන්නන ආසද කිව්වොත් ඉස්කෝලේ යන්න බැරි වෙද්දී ලෙඩ වැඩි උණා. දැන් එතුමිය නොමිලේ සිංහල පන්තියක් කරනවා.. මිස් එකෙන් පුදුම සතුටක් විඳිනවා කියල හිතුණා. මැරුණමත් මෙඩිකල් කොලේජ් එකකට බොඩි එක්ක දෙන්න කියලා කියන්නේ.. "මොකද එතකොට මම මැරිලත් උගන්න්න්නවන......" "

හිතුණා නේද මෙච්චර දේවල් ඒ මිස් ගැන දන්නේ කොහොමද කියලා....
 

වාසනාවට මම ඒ මිස්ගේ පුතා
(අම්ම ගැන වර්ණනාවක් නෙමේ කලේ.. මමත් ඉගෙන ගෙන තියෙනවා.. ගුටි කලත් තියෙනවා.. ඉස්කෝලෙදි මිස් කියලා කතා කිරීම අනිවාර්ය කරලා තිබුණා. ඒත් ගෙදරදී එක අකුරක් වැඩිපුර ඉගැන්නුවේ නෑ. සාමන්‍ය පෙළ සිංහල දවසට කලින් රෑ කියනවා.. දැන් මොකවත් කරන්න වෙලාව මදි.. ගිහින් ලියලා එන්න කියලා.. අනිත් ළමයි විදියටම තමා සැලකුවේ.. වරප්‍රසාදයකට හම්බුනේ ගුරු පාර්ටි වලදී බත් පැකට් එකක් විතරයි.. ගොඩක් අය ඇය ගැන කියපු දේවල් එකතු කලොත් හොඳයි කියල හිතුණා ඒකයි... )

අමතක කරන්නේ කොහොමද මගේ හොඳම යාළුවා.. ඔව් මදනායක තමා.. එයාගේ අම්මා විතරක් නෙමේ මගේ සමාජ අධ්‍යයනය ගුරුතුමා, ගණිතය උගන්නපු විද්‍යා පීඨ ගුරුතුමිය ඇතුළු මට උගන්නපු ගුරුවරු 60% ක්ම අපේ අම්මගේ ගෝලයෝ... අවුලකට තිබුනනේ ඔක්කොම කේලම් ටික ගිහින් කනේ තියන එක තමා.. 


මෙන්න මෙතනින් ගිහින් "මග හොඳට තියේ: කියන සින්දුව හොයලා අහල බලන්න

41 comments:

  1. පට්ටම සංවේදී සටහනක් . සිරාවටම දෙපාරක් කියෙව්වා.

    .:මානවක:.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මානවක අයියේ..

      Delete
  2. නියම ගුරුවරු!!

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව්.. ඒ ගැන නම් ආයේ කවර කතාද..?

      Delete
  3. හරිම සංවේදී..හැඟීම්බර සටහනක්. තමන්ගේ අම්ම ගැන ආඩම්බරයෙන් මෙහෙම වර්ණනා කරන්න ලැබෙන එක වාසනාවක්..සිරාවටම

    ReplyDelete
    Replies
    1. රටේ මිනිස්සු බොරු පුරසාරම් කිව්වට ඇත්ත දන්නේ අපිනේ...
      ඒකයි මමම ලිව්වේ

      Delete
  4. උඹලගේ අම්මා පට්ට ටීචර් කෙනෙක් මල්ලි,ඒ වගේ කෙනෙක්ට දාව ඉපදෙන්න උඹ පට්ට පිනක් කරලා ඇති....!

    ReplyDelete
    Replies
    1. ඒක නම් මමත් විස්වාස කරනවා අයියේ.. එයා ඉස්කෝලෙට ගුරුවරයෙක් උනාට මම ජීවිතේට දැකපු හොඳම ගැහැණිය තමා මගේ අම්මා..
      තාත්තගේ වැඩ එක්ක එයා නොහිටිය නම් අපි කොහෙද දන්නේ නෑ.
      තාත්තා නරක කෙනෙක් නෙමේ. ඒත් තාත්තා සමාජශීලි වැඩි

      Delete
  5. Pinwanath teacher kenek

    ReplyDelete
  6. මෙවන් මව්පියෝ වාසනාවන්...

    මට මතක් වුණු කතාවක් මේ. ජෝක් කතාවක් තමා. ඒත් කමක් නැහැ ඔන්න ඔහේ.

    මේ විදිහට දිර්ඝ කාලයක් උගන්වපු ගුරුවරියක් විශ්‍රාම ගියාලු. ඒ උත්සවෙන් හම්බුණු තෑගි බෝග අරන් බස් එකේ යන්න එතුමිය ලෑස්ති වෙද්දී පරණ ගෝලයෙක් කිව්වලු ඉන්න මිස් මම කාර් එකේ ගිහින් දාන්නම්. ටවුමේ හරියට හොරු ඉන්නවා මේ තෑගි බෝග අරන් යද්දී කරදරයක්වත් වුණොත් කියලා.

    ටීචර් කණ්ණාඩි කුට්ට්මට උඩින් උජාරුවෙන් බලලා කිව්වලු "හොරු මේ ටවුමේ. ඕකුන් මට අත තියන්නේ නැහැ. ඕකුන් හැම එකාම ඒ කාලේ මගෙන් ගුටි කාපු එවුන් තමා. මට තාමත් බයයි" කියලා තනියෙන් යන්න ගියාලු :D

    ReplyDelete
    Replies
    1. ඕක ජෝක් කතාවක් වෙන්නේ තෑගි කතාව නිසානේ. ඒත් ඇත්තත් ඕකම තමා.. අපේ අම්මා එද්දී සමහර කොල්ලෝ හැංගෙනවා..
      වාසනාවන් වාසනාවන්..

      Delete
    2. මේ කතාව දැක්කාම තමා මතක් වුනේ අපේ තාත්තට දවසක් බොරැල්ල හන්දියේ කොල්ලෙක් දණ ගහලා වැන්දා.. නමගිය පතාල රජෙක්.. දැන් නම් නැ.. පහුගිය කාලේ පොලිසියෙන් වෙඩි තියලා මැරුණා..

      Delete
  7. සිරා මචං...
    ඒ වගේ ගුරුවරයෙක්ගේ පුතෙක් වෙන්න උබ පිං කරලා තීනවා...

    ReplyDelete
  8. කියල වැඩක් නැහැ.මාරම පෝස්ට් එකක්.
    ආසාවෙන් කියෙව්වේ..
    හිතේ තියන දේ ලස්සනට ලියලා..
    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. ආආ බොහොම ස්තුතියි හිරු අක්කේ...

      Delete
  9. අපෙ අක්කගෙ ගණිත සර්. අපෙ තාත්තා. හොද වෙලාවට මම ගමේ ඉස්කෝලෙන් ගියා වෙන ස්කෝලෙකට. අපේ අක්කට එක අකුරක් වැඩිපුර ඉගැන්නුවේ නෑ, වෙනස් විදිහට සැලකුවෙත් නැහැ.

    කතාව කියවගෙන යද්දි කදුලු ආවා. මෙහෙම ගුරුවරු දෙවිවරු. ඊට පස්සෙ සුදාගෙ අම්ම කිව්වම තවත් සතුටු වුනා.

    ජය !

    ReplyDelete
    Replies
    1. එහෙම මිනිස්සු හරි අඩුයි.. දැන් ඉන්න සමහර ගුරුවරු දිහා දැක්කම ගුරු හොරු ද කියලත් හිතෙනවා..
      අයියලාගේ තාත්තත් ගුරුවරයෙක් කියලා අර මුල මතක පොස්ට් එකේ දල තිබුණා වගේ මතකයි..

      Delete
  10. සිරාවට කියන්නේ උඹලගේ අම්මා දෙවි කෙනෙක් බං..

    අර මම ලියපු සර්ත් මේ වගේ තමා බං..දුව අපේ පන්තියේ හිටියට කිසිම විශේෂයක් නෑ. වැරැද්දක් කලාද පටෑ...ස් තමා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන්.. ඔන්න එයා කියපුව..
      " මං දෙවි කෙනෙක් නෙමේලු.. රස්සාව කරලා හම්බ කලා විතරයිලු.. "
      දැන් කෝ උත්තර...? :D

      Delete
  11. ගුරු වෘත්තිය ගෞරවාන්විත වෙන්නේ මෙවැනි ගුරුවරු නිසා. මටත් ආඩම්බරයි උබේ අම්මා ගැන

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. දැන් ඉන්නේ ගුරු හොරු.. ඔය අම්ම්ලගේ කාලේ හිටිය ගුරුවරු ඔක්කොම එහෙමයි ඒ අතර ගුරු දෙවිවරුත් නැත්තේම නෑ.
      මම 11 වසරට ඇවිත් ගණන් ටිකක් කියලා දෙන්න කිව්වම සමහර ගුරුවරුන්ට වෙලාව මදි උණා. ඒත් ප්‍රතිපල ආවම ගණන් වල A එක එයාගේ.

      Delete
  12. සංවේදී සටහනක්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්

      Delete
  13. පුදුම විදිහට හිතට වැදිච්ච සටහනක්... මට මේක කියවගෙන ගියහම මතක් උනේ සුනිල් එදිරිසිංහ මහත්තයාගේ "පැන මඩ කඩිති" ගීය. ඒකෙත් ඉන්නේ මේ වගේ ගුරුවරයෙක් !!

    මෙච්චර දේවල් ගොඩක් කරලා ජාතියට සේවයක් කරපු ගුරු මෑනියන්ගේ පින්තූර කෑල්ලකුත් දැම්මා නම් පංකාදුයි !

    ඒ ගුරු මෑනියන්ට නිදුක් නිරෝගි චිර ජීවනය පතනවා මං !!

    ReplyDelete
    Replies
    1. ෆොටෝ දන්නා කතා කරනවා..
      මේක ලියනකන් කෑ ගැහුවා රටේ මිනිස්සු හිනස්සවන්නේ නැතුව හිටහන් කියලා.. ඉතින් කොහේ ෆොටෝ දාන්නද..?
      ඕනේ මුකුත් කිව්වේ නෑ.. නැතිනම් එල පොටෝ 2ක් 3ක් තියෙනවා.. පොටෝ තියෙන්නෙත් හරි අඩුවෙන්
      පොටෝ ජෙනික් නෑ කියලා ගන්න දෙන්නෙම නෑනේ.

      Delete
  14. godak hoda guruwariyak wagema godak hoda amma kenek.........

    ayyage amma hewath a guruwariyata di...rga ayusha pathanawa!!!

    ReplyDelete
    Replies
    1. ok eya dakka me okkoma.. :) mama pennuwa.. liyaddi kaa gahuwata balanna one una :) ekayi mata comment karanna parakku une

      Delete
  15. ගොඩක් හිතට වැදුන...නියමයි...මගේ 5 පන්තියේ ගුරුතුමී මතක් වුණා.එයාගේ පුතත් මගේ පන්තියේ.... එයටත් මගේ ගුරුතුමී ගැන ඔහොම හිතෙන්න ඇති කියල හිතුන......

    ReplyDelete
    Replies
    1. අනිවා.. මගෙත් 5 පන්තියේ ගුරුතුමියත් ඔය වගේම තමා.. මම ශිෂ්ශත්වේ ෆේල් උනාම මට වඩා ඇඬුවේ මිස්

      Delete
  16. ඇහ තෙත් උනා මලේ... මේවගේ ගුරුවරු දෙතුන් දෙනෙක් මගේ ජීවිතේදිත් හම්බවෙලා තියනවා

    ReplyDelete
    Replies
    1. එහෙමද..? එහෙම අය ඉන්නවා අයියේ..ඒත් හරි අඩුවෙන්..

      Delete
  17. mehema guruwaru inne godak aduwen,taman karanne sewayak kiyala hitata aran a wenuwen kapawela wadakarana..me ratata onit ehema guruwaru tamai...

    ReplyDelete
  18. ලගන්නා සුළු ශෛලියකින් ලියන ලද අනගි පෝස්ට් එකකි. ඔබට ජය සතුට......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ..

      Delete
  19. ගුරු ගීතයේ ලියැවෙන්නෙත් මේ වගේ ගුරුවරයෙක් ගැනනේ...ගෝලයා මහාචාර්ය පදවිය අරන් එකකොටත් දුශෙයින් ලියුම් බෙදනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඒක ඇත්ත. අම්මගෙන් ඉගෙන ගනිපු අය අම්මට ලේක්චස් දෙන්න එනවා.. ඒත් එයාල කියනවා අපිට වඩා දන්න මිස්ට මොන ලේක්චස්ද කියලා.. අම්මා ඒ උනාට එයාලගෙන් දේවල් අහනවා.. අම්මා කියන්නේ කාලේ වෙනස් වෙනකොට දැනුමත් වෙනස් වෙන්න ඕනේ කියලා..

      Delete
  20. ම්ම්ම්.. අපේ අම්මත් ගුරුවරියක්.. තාත්තත් ගුරුවරයෙක්.. ඒත් අම්මා ඉන්නේ ගමේ ඉස්කෝලේ.. තාත්තා නම් ප්‍රසිද්ධ පිරිමි පාසලක.. අපේ අම්මාගේ ගමේ ඉස්කෝලේ ගෝලයොත් ඔයා කිව්වා වගේ තමා.. සාරි පොටේ එල්ලීගෙන කතාව.. ලස්සන ලිපියක් මල්ලි..

    ReplyDelete

මේ ඒක නෙමේ තාමත් මට අත දුන්නේ නැතිනම් ෆොලෝ පාරකුත් දනවකෝ ඈ...
ආවාම කියෙව්වාම අහක බලන් යන්නේ නැතුව හිතට ආපු දේ කහටක් නැතුව කොටලම ගියා නම්
"ඔහෙලගේ හිතටත් නිදහසක්..........
....................මගේ හිතට ශක්තියක්" මොකෝ අමාරු දෙයක්යැ..
දාමු දාමු comment එකක් දාලම යමු

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...