මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Friday, August 31, 2012

කාලො අයං තෙ

රැස්කළේ නැත මිල මුදල්
එකතුකලේ නැත ඉඩකඩම්
පැතුවේ නැත මම ඉහල තනතුරු
ඉන්ට සිතුවේ සදා උපගුරු...

ගුණ නැණ බෙලෙන් යුතු
දු පුතුන් රටට දායාද ලෙස
එක්කරන්නට සැම විටම
සිතුවෙමි වෙහෙසුනෙමි

අයිතිවාසිකම් පසුපස
හඹා නොගියෙමි කිසිවිටක
යුතුකමට වගකීමට
දුනිමි මුල්තැන හැමවිට

නිදහස් කාලය තුල
ගුරු විවේකාගාරයට
නොමැත මගේ පය එසවුනේ
එවැනි හැම මොහොතකම
ආදර මගේ දරුවනේ

නුඹලා වෙතය මා පිය නැගුවේ
මගේ දරුවන් දෙදෙනා
මගේ ළඟ නැති අඩුව
පිරිමසා ගත්තේ මා
නුඹලාගෙනි දරුවනේ

හැදුණු විට අසනීපයක්
නැගුණු විට ගැටළුවක්
සොයා මා වෙත
නුඹලා ආවේ පතා පිළිසරණක්
ඒ හැම මොහොතකම
මට හැකි ලෙසින්
නුඹලාගේ සිත්
සුවපත් කිරීමෙන්
ලැබුවෙමි නිරාමිස සතුටක්

මගේ ගුරු දිවිය තුල
අහිංසකයන් මෙන්ම
දඩබ්බරයන්ද
වසවර්තියන්ද හමුවිය
ඒ සියලු දෙනා වෙත
කිසිදු වෙහෙසක් නොමැතිව
සිප් සතර දීමට
ගතිමි වෙහෙසක් හැමවිට

ඉතින් ආදර දරුවනේ
නුඹලාගෙන් වෙන්ව
නික්ම යන්නට කැදැල්ලට
කාලය එළඹ ඇත
පතමි මම
නුඹලාට චිර ජීවනය

මට වැඩි අසුන්වල සිසුවන් තබනු              රිසින්
මෙහෙවර කලෙමි මම මට හැකි පමණ   ලෙසින්
මෙහෙවර පලදර ඇත මහා මෙරට            උසින්
මරණෙට යා හැකිය තුටු කදුලැලි පිරිණු    ඇසින්

ගුරු හොරු ගොඩක් මැද්දේ ගුරුවරුන්ට වඩා ඉක්ම වූ ගුරු+උතුම් වරු අඩුවෙන් හම්බෙනවනේ.. මේ එහෙම එක්කෙනෙක් ගැන.. කවුද කියලා අද හෙටම ලියන්නම්.. මේ එතුමිය විශ්‍රාම ගිහිපු දවසේ උගන්නපු පන්ති වල එදා පීරියඩ් එක ඉවර වෙද්දී නංගිලා මල්ලිලාට දීපු කොලයක්.... මෙච්චරයි තියෙන්නේ...
මෙතුමිය වැඩ කලේ මම මුලින් ගිහිපු නෙළුව ජාතික පාසලේ...
අවුරුදු 33 ක්.
ඉස්කෝලෙට ආවේ 1975-07-01
ඉස්කෝලෙන් ගියේ 2011-02-05

සැ.යු. පින්තුරේ ඉන්නේ නම් එතුමිය නෙමේ.. මේ අර ගුගල් මාමගේ පෙට්ටගම අවුස්සලා හොයා ගනිපු එකක්.. ෆොටෝත් එක්කම විස්තරේ ළඟදීම........

34 comments:

  1. මේ තමා ගුරු දෙවිවරු :)

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත....
      ඒත් ඕකේ අනිත් පොස්ට් එක බැලුවම කට්ටිය මට බණිවිද දන්නෙත් නෑ.. :(

      Delete
    2. @ සුදා මල්ලි

      ඒකත් බලලාම බනින්නම්කෝ :D

      Delete
  2. ohoma guruwarunnam dan kale godak adui ayya.....mehema ayata tama hodata salakanna one.

    ReplyDelete
    Replies
    1. Eka nam ehema thama.. eth meke 2nd post eka dakkama kattiya kiyawida danne naa mun pampori gahanawa kiyala.. :(

      Delete
    2. ekath ehemada?balamuko ehenam ekath......

      Delete
  3. ශි....මරු සුදා.....මට මගේ 5 පන්තියේ ගුරුතුමියව මතක් වුණා...

    ReplyDelete
    Replies
    1. අපේ පහේ පන්තියේ ගුරුතුමියත් ඒ වගේම තමා.. ඒත් මේ එතුමිය නම් නෙමේ..

      Delete
  4. මට පොඩිකාලේ උගන්නපු මිස්ලට මාව තාම මතකයි :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔයකියනෝ ඇත්තේ දිසාපමොක්ල ගැන වෙන්ට ඇති
      අමතක නොවී තියේවිය.. මේ වගේරජ බඩුවක්ව ...
      ටැංකියූ ටැංකියූ

      Delete
  5. මල්ලි මේ වගේ ලිපි ලියන කොට සත්‍ය කෙනා පින්තූරයක නැත්තම් ඒකට සජීවී රූපයක් යෙදීමට වඩා ක්ලිප් ආර්ට් ඕර් පෙයින්ටිං එකක් යෙදීම සුදුසුයි. ආපු පළවෙනි දවසග හොඳ අනාගතයක් පේනවා!!

    ReplyDelete
    Replies
    1. ආආ හරි අක්කේ... උපදෙසට ගොඩක්ම ස්තුතියි..
      ඒ වගේම තව අඩුපාඩු පෙන්නලා දෙනවා නම් ගොඩක් ස්තුතියි..
      අක්කගේ සහය ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා..
      බොහොම ස්තුතියි අක්කේ..

      Delete
  6. හැබෑ ගුරුවරු ගැන අහන්නත්, කෙනෙක් ගුරුවරයෙකුගෙ ගුණ වයනවා අහන්නත් ලැබෙන්නෙ කලාතුරකින්. අන්න හරීත් ඔය වගෙම පොස්ට් එකක් දාලා තිබ්බා ජාති දෙකම ගැන!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්.. ගුරුවරුන්ට බනින එක මිසක් හොඳ කියනවා අඩුයි නේ..
      කෝ මම දැක්කේ නෑනේ. එහෙම පොස්ටුවක්
      ඒත් ඉතින් මම මේ කරන වැඩේ හරිද මන්ද...?

      Delete
  7. පදපෙලේ අවසානය බොහොම සංවේදියි.... මටත් මේ වගේම උගන්නපු ගුරුතුමියක් ඉන්නවා... අපි අදටත් මාස දෙක තුනකට වරක්වත් එතුමිය බලන්න යනවා ... අපේ පැමිණීම ඇයට මහත් සතුටක් බවත් කිව යුතුමයි. ඇය විවාහයක් කර නොගත් කෙනෙකු නිසා ආදි සිසුන්ගේ දරුවන් සුරතල් කරන්නටත් හරිම කැමතියි... මෙවැනි ගුරු මව් පිය වරුන්ට චිරං ජයතු!

    ReplyDelete
    Replies
    1. මගේ හොඳම යාලුවත් ඔය වගේ ගුරු උතුමියකගෙන් ඉගෙන ගත්ත.. ඌ කියනවා.. ඒ මිස්ට අනිත් හැම ළමයාම තමන්ගේ ළමයා වගේලු.. සහතික ඇත්ත.... ඒ ගුරුවරු ජිවත් වෙන්නේ අතීතය එක්ක මිසක් කර්කශ වර්තමානය එක්ක නෙමේ.. එකයි ඒ මිනිස්සුන්ගේ හිත මේ තරම් ගුණ යහපත්... ඒ අතින් අපි කැලේ අයියේ .

      Delete
  8. සිරාවට බං...
    අපේ ඉස්කෝලෙ ටීචස්ලත් කවදාවත් සල්ලි බලං ඉගැන්නුවේ නෑ..

    ReplyDelete
    Replies
    1. මට නම් ගොඩක් ගුරුතුමන්ලා උදව් කලා.. එයාලට ගුරුවරු කියන එක පව්.. ඒ හැමෝම ගැන කියන්නම්..
      ආදරණිය ගුරුවරු හැමෝන්ටම මගේ ශිර්ෂ ප්‍රණාමය..
      බොහොම ස්තුතියි සහෝ

      Delete
  9. හ්ම්ම්..මටත් හිටියා මම ගොඩක්ම ආදරේ කරපු ගුරුවරු.මෙහෙම මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතුවට.... ඒ මිනිස්සුන්ටත් හදී කරන මුසිලලා ඉන්නවා හිරු අක්කේ..
      ඒත් එහෙම ගුරුවරුන්ගේ දියුණුව වලක්වන්න නම් බෑ..

      Delete
  10. අපේ ඉස්කොලේ මටත් හිටයා මං ආදරේ කරපු මට ආදරේ කරපු ගුරුවරු.ඒ වගේම මට පෙන්නන්න බැරි එයාලට මාව පෙන්නන්න බැරි ගුරුවරුත් හිටියා. නියම වදන් ටික.ජය !

    ReplyDelete
    Replies
    1. අහ් ඔය දෙගොල්ලොම ඉන්නවා.. ඒක නවත්තන්න බෑ.
      ඒකට හේතුව රස්සාවක් වශයෙන් සහ සේවයක් වශයෙන් ගුරු වෘත්තීය තෝරා ගැනීමේ වෙනස..
      ස්තුතියි අයියණ්ඩිය

      Delete
  11. ගුරුවරයෙක් වෙන්න හීන මැව්ව...ඒත් සැබෑ වෙයිද දන් නෑ මේ ආණ්ඩුවත් එක්ක.. ගුරු වෘත්තිය, දේව වෘත්තියක්!! ඇත්තටම ලස්සන පෝස්ට් එකක්!!

    ReplyDelete
    Replies
    1. බලමු... බලමු.. හීනෙ සැබෑ වෙලා අලුත් ලෝකයක් හදන පරම්පරාවක් බිහි කරන්න පුළුවන් වේවායි ප්‍රර්ථනා කරනවා...
      ඔව් ඒක දේව වෘත්තීයක්....
      ඊට වඩා අයියේ ඒක සේවාවක්...

      Delete
  12. සිප්කිරි පෙවු මුසිලයන් උඩුමාලේ
    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

    ජය සහෝ !

    ReplyDelete
    Replies
    1. මටත් මෙතන සින්දුවක පද පේලියක් කොටන්න හිතෙනවා....
      ඒත් එක මම පස්සට කල්දානවා...
      ඉස්සරහට ඒක කියන්නම්...
      බොහොම ස්තුතියි...

      Delete
  13. මේ කියලා තියෙන විදිහේ ගුරුවරු හැම තැනම ඉන්නවා නම් කොච්චර හොදද.
    මට මේක කියෙව්වම උසස් පෙළ පන්තියේ පන්ති බාර ටීචර් ව මතක් උනේ,අපිට කොච්චර බැන්නත් ඒ අපිව හොද මගට ගන්න.එතුමිට අපි ඉස්සර නටපු පිස්සුත් එක්ක අපිව යහමගට ගන්න කොච්චර උත්සහ කලාද,මං නොදැන අපේ ගෙදරටත් දෙතුන් වතාවක්ම කතා කරලා තිබ්බා.එහෙව් ගුරුවරු රටට වාසනාවන්...!

    ReplyDelete
    Replies
    1. එතුමිය ළමයෙක්ට ගහපු වතාවල් හරිම අඩුයි.. ඒත් කියවන්න ගත්තාම පොලව පලන් යන්න හිතෙනවා.. දඩුවමක් දුන්නොත් ඒ කරපු වරදටම හරියන දඩුවමක් දෙන්නේ... එතකොට මානව හිමිකම් යන්නෙත් නෑනේ. මට පුදුම අදටත් ඒ ළමයි පාරේදී දැක්කත් අතින් අල්ලලා කතා කරලා දෙකට නැමිලා වැඳලා යන එකට.. පස්සෙන් ඉඳන් ගොටු දාපු අයෝ දැක්කේ නෑ වගේ යනවා.. .
      මිනිස්සු හදන්න දඩුවම් දෙන්න ඕනේ ගතට නෙමේ හිතට.. එතකොටයි මිනිස්සු හැදෙන්නේ..

      Delete
  14. මගේ 1වසර පංතියේ ටීචර් ව මතක් උනා මචං, ලස්සන පෝස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. මාටියට එක වසරේදී විතරද ඔය වගේ කෙනෙක් හම්බුනේ..?

      Delete
  15. එතුමිය මොනවගේ කෙනෙක්ද කියල ඇගේ කවි සිතුවිල්ලෙන්ම සිතාගත හැකි..ඇයට දීර්ගායුෂ පතමි..!

    ReplyDelete
    Replies
    1. ඊට වඩා හොඳට ඊළඟ post එකෙන් බල ගන්න පුළුවන්...
      මම ඇයට කියන්නම්කෝ........

      Delete
  16. ඔය වගේ ගුරුවරු සෑහෙන අඩුයි.. ඒ අතින් ඔය ගුරුවරිය හොඳ කෙනෙක් බව පේනවා..
    මට මේ කවි සිතුවිල්ල කියෙව්වම මතක් උනේ සුනිල් එදිරිසිංහ මහත්තයා ගායනා කරන පැණ මඩ කඩිති ගීය !!!

    පැන මඩ කඩිති වැවු තාවලු වැහි කාලේ . . .
    පෙන්නා මග නොමග නොවැටී යන තාලේ . . .
    සිප් කිරි පෙවු මිසිලයින් උඩුමාලේ
    අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

    ReplyDelete
  17. මටත් ඉස්කෝලෙ කාලේ මතක් උනා..

    ReplyDelete

මේ ඒක නෙමේ තාමත් මට අත දුන්නේ නැතිනම් ෆොලෝ පාරකුත් දනවකෝ ඈ...
ආවාම කියෙව්වාම අහක බලන් යන්නේ නැතුව හිතට ආපු දේ කහටක් නැතුව කොටලම ගියා නම්
"ඔහෙලගේ හිතටත් නිදහසක්..........
....................මගේ හිතට ශක්තියක්" මොකෝ අමාරු දෙයක්යැ..
දාමු දාමු comment එකක් දාලම යමු

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...