අද මම පොඩි ගමනක් යන්න බස් එකට නැග්ගා. ආවේ private බස් එකක් නිසා ටිකක් සද්දෙට රේඩියෝව දාලා තිබුණා. ඔහේ ගිරවු වගේ කියවනවා මිසක් වැදගත් දෙයක් කියන්නේ නැති නිසා මම ඒ තරම් ඇහුම්කන් දෙන්න උත්සහයක් ගත්තේ නෑ. ඒත් ටික දුරක් යද්දී දීපිකා ප්‍රියදර්ශනී පිරිස් මහත්මියගේ මෙන්න මේ ගීතය මට ඇසුණා.
අහස නුඹ මෙතරම් සැඩයැයි දැනුනේ මහා වැසි වැටුනමයි
පොළව නුඹ මෙතරම් රළු යයි හැඟුනේ නියඟය ආවාමයි
රෑට තරු ඉසිනා අහසට අඳුරු සිත් ලැබුනේ කොහොමද…?
නේක මල් සාදන පොළොවට නපුරු සිත් කොහින් ලැබුණිද…..?
නීල ඉඳුවර පෑ අහසට කඳුළු වැසි දුන්නේ කව්රුද….?
පලා පෑ ඉසිලු මිහි මත නියන් ඇතිරුයේ කව්රුද…..?
ගීතය ඉවර වෙනවාත් එක්කම මගේ ඇස්වලට කඳුළු බින්දුවක් උනනවා කියල මට දැනුණා. ඒක පිහදාගන්නවත් හිතුනේ නැත්තේ මම මගේම ලෝකයක තනි වෙලා හිටපු නිසා වෙන්න ඇති.. ඒ ලෝකේ ගොඩක් දුර මම තනියම ඇවිදගෙන යනවා වගේ කියල මට හිතුණා. මම ගොඩක් මංසන්ධි පහු කළා. ඒත් දාලා යන්න ලෝබ හිතෙන එක මංසන්දියක නතර උණා.ඒත් අද එතන මම විතරයි. කෝ ඔයා…..? දැන් හැමදාම එතන මම විතරමයි. ඇත්තටම ධනුෂ්කා ඔයා මේ තරම් රළු යැයි සැඩ යැයි කියල නම් මට කවදාවත්ම හිතිලා තිබුනේ නෑ.
ඇය ධනුෂ්කා. මුලින්ම දැක්කේ ජනප්‍රිය රසායන විද්‍යා පංතියකදී.. මනෝ විශ්ලේෂකයෝ කොහොම කිව්වත් මම හොඳටම දන්නවා ඔය දැකපු මුල්ම දවසේ මගේ හිතේ නම් ඇති උනේ නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා පිදිය හැකි පිවිතුරු ආදරයක් කියල. ඔයාගේ ලස්සනයි, ගතිගුණයි වලට ලං වෙන්න පුළුවන් තරමේ මායිමකින් නෙමේ මම හිටියේ කියල දැන දැනත් මට ඔයාට ආදරය නොකර ඉන්න බැරි උණා. ඒත් එකම එක දවසක මම හිතුවා හද මල් විලේ පිපුණ නෙළුම් මල ගැන ඔයාට කියන්න. බයෙන් බයෙන් ලඟට ගියත් ඔයා ළඟ ඉන්න ලැබුණු අවසරය අදටත් මට පුදුමයක්. අපි අවුරුදු ගානක් ආදරය කළා.

ඒත් මගෙන් වෙන් වෙලා ගිය එදාට පහුවෙනිදා පෝරුවට නගින්න උණත් ඒ නගින්නේ උදේ පිපුණ නෙළුම් මලක් වගේ කියලා ඔයත් මමත් දෙන්නම දන්නවා. ඒ තරමටයි මම ඔයාට ආදරේ කලේ. රු 600 කාමරේකවත් රු .250 Box එකකවත් නෙමේ මගේ ආදරේ තිබුනේ. මට එහෙම කරන්න තිබුණා.ඒත් මගේ අදර කතාවේ එහෙම කොටස් ලියන්න ඕනෑකමක් තිබුනේ නෑ. මම දැනන් හිටියා මුළු අහස පුරාම මගේ පුජනිය ආදරේ සුවඳ දිදී හමනවා කියලා. ඒත් එක අඳුරු දවසක ඔය මාව දාලා ගියා. එදා ඉඳන් අද වෙනකම් මම ඔයාව හැබැහින් දැක්කේ නෑ. ඒත් දන්නවද…? මම හැමදාම ඔයා facebook දාලා තියෙන ෆොටෝ දිහා බලලා ඒ ආදරේ විඳිනවා කියල. මගේ අවාසනාවකට මට විශ්ව විද්‍යාලයට යන්න වරම් නැති උනත් ඔය තේරුණා කියලා දැනගනිපු දවසේ මට මුළු ලෝකෙටම කෑ ගහලා කියන්න පුළුවන් තරමේ සතුටකුයි තිබුනේ. ඒත් ඒ මගේ ආදරය ඔයාගේ ආදරෙන් මිදෙන මොහොත කියලා මම දැනගත්තේ පස්සෙයි. ඇත්තමට ඔයාට වෛර කරන්න බෑ මට. ඔයා කිව්වේ මුළු ලෝකෙම මගේ විතරයි කියල උණාට ඔයාගේ දොස්තර ලෝකේ මම පැනඩෝල් පෙත්තක් වගේ කියල දැනෙන්නේ ඔයාගේ මහත්තයා වෙන්න ඉන්න, දොස්තර මහත්තය එක්ක මම ගැන හිතද්දී… ඔයාට මාව මදි උණා. ඒත් මට තාමත් ඔයාව මදි උනේ නෑ.. ඒ ආදරයයි මතකයයි හිතේ තියන් කල්පයක් උනත් බලන් ඉන්න මට පුළුවන්. පිවිතුරු හිතකින් පටන් ගනිපු මගේ ආදරේ අදටත් හෙටත් එහෙම්මයි. ඒක වෙනස් කරන්න නම් බැරි වේවි. ඔයා ඉන්න තැනක හොඳින් ඉන්න.ඒකයි මගේ එකම ප්‍රාර්ථනාව..ඒත්
“තමුසේ වගේ එකෙක් එක්ක පාරේ බැහැල යන්න පුලුවන්ද…..?”
කියලා අහපු දවසෙයි මට දැනුනේ “අහස නුඹ මෙතරම් සැඩයැයි දැනුනේ මහා වැසි වැටුනමයි” කියලා…. රස්සාවකට කියලා දොස්තරකමක් විතරයි අඩුවකට තිබුණේ. ඒත් ඒ මදි අඩු පාඩුව මේ තරම් දෙයක් කරාවි කියලා නිකමටවත් හිතන්නේ කොහොමද මම..?
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් බහින තැනත් ලංවෙලා…
මම යනවා ධනුෂ්කා.. බුදු සරණයි රත්තරන්.
බස් එකෙන් බහිද්දී මගේ හිත
” මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි….”
කියල කොඳුරනවා වගේ යාන්තමට ඇහුණා.
පසුව ලියමි…. ඉතා පොඩි මේ ජිවිත කාලයේ අපිට අවස්ථාවන් ගොඩක් ලැබෙන එකක් නැති වේවි. ඒත් ඔබට හරියට ආදරය කරන කෙනා අදුර ගන්න.. මොකද පොඩි වැරදීමකින් මහා විනාසයක් වෙන්න පුළුවන්… ආදරේට ආදරය කරන්න. ලෝකේ ලස්සන විදින්න.
මේ මල් පිබිදෙන හෝරාව ඔබටයි මටයි අපේ ආදරයටයි විතරමයි.
එන්න අපි මෙතන ඉඳන් ඒ මල් සුවඳ විඳිමු.
ප.ලි ටිකට තමා මම කැමතිම..
ReplyDeleteජය වේවා!!!
ඒක තමා රෙඩ්...
Deleteහිතේ තියන් ඉන්න එපා... කියන්න කියන්න.. බොහොම ස්තුතියි
ලව් සීන් නෙහ්? :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔව් නෙහ්
Deleteටැංකියු ටැංකියු
හ්ම්ම්ම්ම්
ReplyDeleteකාගේ ජීවිතෙත් මෙහෙමයි නේ. හිතට දැනුනා යාළුවා
බොහොම ස්තුතියි
Deleteඅඩේ..පිස්සු බම්ප් වෙන්නම වැදුනා ඈ!එල එල!
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteබෝම භයානකයි.. අවවාදය පිස්සු වැටීම පිලිබඳ වග කියනු නොලැබේ. හික්ස්
ආදරයේ සුන්දරත්වය වැඩි වෙන තරමටම විරහවත් වේදනායි කියලයි කියන්නෙ ..
ReplyDeleteඅපෝ වෙනි අයියේ එක හරිම ශෝචනීයයි නෙහ්...
Deleteදැන් මම බ්ලොග් පෝස්ට් තිහක් විතර බැලුවා. වැඩි හරිය පෙම් කතා තමයි එයිනුත් වැඩි හරිය විරහ දුක. ඔන්න ඔහෙයන එවුන්ට පලයල්ලා කියලා වෙන අතක් බලාගනිල්ලා කොල්ලනේ කෙල්ලනේ.
ReplyDeleteකියන තරම් ලේසි නැති බව මාත් දන්නවා. :(
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
මාර්කට් වෙන තරමක් වෙන්නෙත් ආදරේ...... ඕනේ වෙලාවට නැත්තෙත් ආදරේ....
Deleteමගේ ජීවිතේ ලස්සනම කාලේ . . . ඉගෙන ගන්න ඕන කාලේ මම ම විනාස කර ගත්තා මල ඉලව් ආදරේ නිසා . . . .
ReplyDeleteමගේ වාසනාවක් තිබිලා එක දවසක් මම හිතුවා මගේ අක්කගේ පොඩිඋන්ට පිහිටක් වෙන්න වත් මම මනුස්සයෙක් වෙන්න ඕන කියලා - ජීවත් වෙන්න ඕන කියලා . .
අද මම සෑහෙන සාර්ථක මනුස්සයෙක් භෞතිකව විතරක් නෙමේ . . .
අද එදා දිහා හැරිලා බලද්දී පුදුම දුකක් දැනෙන්නේ විනාස කරගත්තු ජීවිතේ ලස්සනම කාලේ ගැන හිතුවාම . . .
වෙන්න තියෙන දේ නවත්තන්න බෑ දුකා අයියා..
Deleteමටත් දේවල් නැති උණා.. ඒත් මම ඒවායින් ඉගෙන ගනිපු පාඩම් ගැන සතුටු වෙනවා...
එදා තමා මමත් හිතුවේ තැනකට ඇවිත් අනිත් දේවල් ගැන හිතන්න.
ඔය කිව්වට ඕවා වෙනස් වේවිද දන්නේ නෑ..
ඔහොම හරි දිනපු ජිවිතේ ගැන සතුටු වෙන්න.. දැන් ඉතින් එහෙම අවුලක් නෑනේ.. :)
අයි හේට් ලව් ස්ටෝරීස් :(
ReplyDeleteවයි අයියා..?
Delete@Hasitha Me too..
Deleteඇදෙ මලු බන් .. ආදර්යි අහස තරම්
ReplyDeleteඒ ඉස්සර දැන්.....
Deleteආදරේ.................. හිත පිරෙන තරම්
කෙල්ලො කොහොමත් ඔහොම තමා සුදා. අපි පරෙස්සම් වෙලා ඉන්න එක හොදා..
ReplyDeleteසහතික ඇත්ත ඈ.... අත්දැකීම් තියේ වගේ..? ;)
Deleteගොඩාක් ලස්සනයි.කෙනෙක් තමන්ව දාලා ගියාට කවදාවත් දුක් වෙන්න එපා.මොක්ද තමන්ට නැති වුණේ තමන්ට පොඩ්ඩක් වත් ආදරේ නැති කෙනෙක්.නමුත් එයාට නැති වුනේ තමන්ට පණටත් වඩා ආදරේ කරපු කෙනෙක්
ReplyDeleteඒක නම් ඇත්ත.. නැති උණු දේට අඬනවට වඩා හිත හදා ගෙන ඉදිරිය ගැන හිතන ඒක හොඳයි කියලා ජිවිතේ දිනන්න උත්සහ ගන්න ඒක තමා හොඳම දේ.... කෙනෙක්ට දෙයක් නැති වෙන්නේ ඒ දේ තමන්ට අයිති නැති නිසා.. ආදරය විතරක් නෙමේ.. හැමදේම.. රස්සාවක්... සල්ලි.... ගෙවල්... ඒ වගේම දෙයක් ලැබෙන්න තියෙනවා නම් කාටවත් නවත්තන්නත් බෑ
Delete