මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Wednesday, August 29, 2012

අමතක මං



ඇලේ දොලේ දුව පැන්නේ
ගං වතුරේ ඔරු පැද්දේ

කෙකටිය මල් දම් ගෙතුවේ

මහත්තයෝ මතක නැද්ද මං


පොලු ගහලා අඹ කැඩුවේ

කුරුම්බා බි ගුටි කෑවේ

අත්වැල් බැඳ සිනාසුනේ

මහත්තයෝ මතක නැද්ද මං


වැවේ පිපුණු මල් නෙළුවේ

ඒ මල් සිරිපා පිදුවේ

දොහොත් මුදුන් දී වැන්දේ

මහත්තයෝ මතක නැද්ද මං


වෙල් දෙණි වල උඩ පැනලා

සමනල් තටුවක නැගලා

කවි ගී වරම් කියලා

මහත්තයෝ මතක නැද්ද මං


පාඩම් පොත් හොඳට බලා

සිස්සත්වය පාස් වෙලා

සිදාදියට පිය නගලා

මහත්තයෝ මතක නැද්ද මං


මහා විභාග පාස් වෙලා

ජිවක වෙදදුරෙකු වෙලා

මතක පොතෙන් මා මැකිලා

මහත්තයෝ එදා හිටිය සුදු බණ්ඩා මං

34 comments:

  1. ඒක නේන්නම්. එහෙම අමතක කරලා කොහොමද..ඉස්සර ගමේ උන්න දඟ කොල්ලව. හොරෙන් අඹ කඩලා මාට්ටු වෙලා ගුටි නොකා බේරුනේ යාන්තමින්. නැද්ද මම අහන්නෙ..
    කවි පද ටික සරළයි..සුන්දරයි

    ReplyDelete
    Replies
    1. අනිවා නෙහ්.. මොනවා නැතත් ගුටි කාපු එකවත් මතක තියෙන්න එපායැ
      බොහොම ස්තුතියි ගොඩ වැදුනට

      Delete
  2. අපිනං එදා ඉදංම මේ මගුල් නගරේ හිටපු නිසා ඔහොම අත්දැකීං නෑ බං..
    පද ටිකනං එල...

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමා මචං.. කවි ටිකනම් නියමයි. :)

      Delete
    2. අයියෝ අපරාදේ ගමේ ඉන්ට එපාය..
      තරියටයි ඉෂාන් අයියාටයි ගම බලන්න ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්නද..? බොහොම ස්තුතියි තරියෝ ඇන්ඩ් ඉෂාන් අයියා

      Delete
  3. ආසයි බං අහද්දිත් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ආසයි නෙහ්...
      මල් හතයි පොහොට්ටු දෙකයි..
      ආවට ස්තුතියයි..

      Delete
  4. ගොඩක් මහත්තූරැන්ට අද වෙලා තියෙන්නේ ඕක තමා බං

    ReplyDelete
    Replies
    1. ඒ මහත්+හොරුන්ට අටම් අයියා බන්....
      මොනා කොරන්ටද..?
      මේ පැත්තේ ආවට ස්තුතියි ඈ

      Delete
  5. මේ දවස්වල ට්‍රේනින් එකක් හන්දා කියවන්ඩ නිදහසක් නෑ.
    ෆලෝ කරලා ගිහින් නිවාඩු වෙලවක කියවන්නම් !

    ReplyDelete
    Replies
    1. ආආආ ඒකට කමක් නෑ... පස්සේ ඇවිත් තේ ටිකක් බීලම යන්ට එන්නකෝ..............

      Delete
  6. sira kavi tika
    ovama nathath mata mage podi kaale mathak una :-)

    ReplyDelete
    Replies
    1. එහෙනම් ශෝක් නේ.. මොනවද හිතුනේ..?

      Delete
  7. කොච්චර උනත් දොස්තර මහත්තයත් හිතිං තනිවෙන වෙලාවට ගමට යනව ඇති.

    ReplyDelete
    Replies
    1. අනේ... එහෙම වෙනෝ නම් බැරිය...

      Delete
  8. මහත් වෙච්චි උදවියට.. හිකිස්

    ReplyDelete
    Replies
    1. ඇයි ඉදිමිච්ච් උන්ට.... හික්ස්

      Delete
  9. lassana kavi tikak ayya.....

    ReplyDelete
    Replies
    1. ayyo ayye......dan mal wala nam tiyena pirimi lamainuth innawada?mamanam nangiyek hode........ :)

      Delete
  10. අයියෝ ඕවා ඔහොම තමයි.පොඩි මිනිස්සු ලොකු වෙද්දි උන්ට ඔහොම ලෙඩ හැදෙනවා.. කවි ටික මාර ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ... අඩුපාඩු තියේ නම් කියන්න හොඳේ

      Delete
  11. :) කියල වැඩක් නැහැ..මේක ලස්සනම ලස්සනයි!
    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. අනේ ඒ මොකෝ කියලා වැඩක් නැත්තේ.. ..?
      බොහොම ස්තුතියි හිරු හිමාවී

      Delete
  12. අඩේ මේ හොර කුරුම්බා කඩපු සුදාද?.. ;)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඌ නෙමේ... මොකෝ ඒ සුදට පොල් ගස් යන්ට බෑ නොවැ....
      ඌ කැඩුවා.. මම බිව්වා

      Delete
  13. ලස්සන කවිය සහෝ.. අනේ මන්දා..මට මේ වගේ එකක් මතක් වෙනවා.. සින්දුවක්ද මන්ද.. දැන් මතක් කරගන්න බැ..

    ReplyDelete
    Replies
    1. අයියෝ මතක් වෙන්නෙම නැද්ද..? ශික්... මොන කරන්නද..?
      පස්සේ හිමිට මතක් කරලා කරන්නකෝ රෙඩ් අක්කේ.. :)

      Delete
  14. ලොකු තැන්වලට යන්න යන්න මුල අමතක වෙන එක නම් හොඳ දෙයක් නෙමේ...

    ReplyDelete
    Replies
    1. සම+හරක්ට ඕක වෙනවමයි අයියේ... ඒක නවත්තන්න බෑමයි.. පස්ස බිම ඇනුණාම තමා තේරෙන්නේ.. මොකෙක්වත් නෑ කියලා

      Delete
  15. ලස්සන පද ටික..සුදු බණ්ඩා හොඳ තැනකට ගියා එහෙනං :D

    ReplyDelete

මේ ඒක නෙමේ තාමත් මට අත දුන්නේ නැතිනම් ෆොලෝ පාරකුත් දනවකෝ ඈ...
ආවාම කියෙව්වාම අහක බලන් යන්නේ නැතුව හිතට ආපු දේ කහටක් නැතුව කොටලම ගියා නම්
"ඔහෙලගේ හිතටත් නිදහසක්..........
....................මගේ හිතට ශක්තියක්" මොකෝ අමාරු දෙයක්යැ..
දාමු දාමු comment එකක් දාලම යමු

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...