ඇලේ දොලේ දුව පැන්නේ
ගං වතුරේ ඔරු පැද්දේ
කෙකටිය මල් දම් ගෙතුවේ
මහත්තයෝ මතක නැද්ද මං
පොලු ගහලා අඹ කැඩුවේ
කුරුම්බා බි ගුටි කෑවේ
අත්වැල් බැඳ සිනාසුනේ
මහත්තයෝ මතක නැද්ද මං
වැවේ පිපුණු මල් නෙළුවේ
ඒ මල් සිරිපා පිදුවේ
දොහොත් මුදුන් දී වැන්දේ
මහත්තයෝ මතක නැද්ද මං
වෙල් දෙණි වල උඩ පැනලා
සමනල් තටුවක නැගලා
කවි ගී වරම් කියලා
මහත්තයෝ මතක නැද්ද මං
පාඩම් පොත් හොඳට බලා
සිස්සත්වය පාස් වෙලා
සිදාදියට පිය නගලා
මහත්තයෝ මතක නැද්ද මං
මහා විභාග පාස් වෙලා
ජිවක වෙදදුරෙකු වෙලා
මතක පොතෙන් මා මැකිලා
මහත්තයෝ එදා හිටිය සුදු බණ්ඩා මං
ගං වතුරේ ඔරු පැද්දේ
කෙකටිය මල් දම් ගෙතුවේ
මහත්තයෝ මතක නැද්ද මං
පොලු ගහලා අඹ කැඩුවේ
කුරුම්බා බි ගුටි කෑවේ
අත්වැල් බැඳ සිනාසුනේ
මහත්තයෝ මතක නැද්ද මං
වැවේ පිපුණු මල් නෙළුවේ
ඒ මල් සිරිපා පිදුවේ
දොහොත් මුදුන් දී වැන්දේ
මහත්තයෝ මතක නැද්ද මං
වෙල් දෙණි වල උඩ පැනලා
සමනල් තටුවක නැගලා
කවි ගී වරම් කියලා
මහත්තයෝ මතක නැද්ද මං
පාඩම් පොත් හොඳට බලා
සිස්සත්වය පාස් වෙලා
සිදාදියට පිය නගලා
මහත්තයෝ මතක නැද්ද මං
මහා විභාග පාස් වෙලා
ජිවක වෙදදුරෙකු වෙලා
මතක පොතෙන් මා මැකිලා
මහත්තයෝ එදා හිටිය සුදු බණ්ඩා මං
ඒක නේන්නම්. එහෙම අමතක කරලා කොහොමද..ඉස්සර ගමේ උන්න දඟ කොල්ලව. හොරෙන් අඹ කඩලා මාට්ටු වෙලා ගුටි නොකා බේරුනේ යාන්තමින්. නැද්ද මම අහන්නෙ..
ReplyDeleteකවි පද ටික සරළයි..සුන්දරයි
අනිවා නෙහ්.. මොනවා නැතත් ගුටි කාපු එකවත් මතක තියෙන්න එපායැ
Deleteබොහොම ස්තුතියි ගොඩ වැදුනට
අපිනං එදා ඉදංම මේ මගුල් නගරේ හිටපු නිසා ඔහොම අත්දැකීං නෑ බං..
ReplyDeleteපද ටිකනං එල...
මටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමා මචං.. කවි ටිකනම් නියමයි. :)
Deleteඅයියෝ අපරාදේ ගමේ ඉන්ට එපාය..
Deleteතරියටයි ඉෂාන් අයියාටයි ගම බලන්න ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්නද..? බොහොම ස්තුතියි තරියෝ ඇන්ඩ් ඉෂාන් අයියා
ආසයි බං අහද්දිත් :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ආසයි නෙහ්...
Deleteමල් හතයි පොහොට්ටු දෙකයි..
ආවට ස්තුතියයි..
ගොඩක් මහත්තූරැන්ට අද වෙලා තියෙන්නේ ඕක තමා බං
ReplyDeleteඒ මහත්+හොරුන්ට අටම් අයියා බන්....
Deleteමොනා කොරන්ටද..?
මේ පැත්තේ ආවට ස්තුතියි ඈ
මේ දවස්වල ට්‍රේනින් එකක් හන්දා කියවන්ඩ නිදහසක් නෑ.
ReplyDeleteෆලෝ කරලා ගිහින් නිවාඩු වෙලවක කියවන්නම් !
ආආආ ඒකට කමක් නෑ... පස්සේ ඇවිත් තේ ටිකක් බීලම යන්ට එන්නකෝ..............
Deletesira kavi tika
ReplyDeleteovama nathath mata mage podi kaale mathak una :-)
එහෙනම් ශෝක් නේ.. මොනවද හිතුනේ..?
Deleteකොච්චර උනත් දොස්තර මහත්තයත් හිතිං තනිවෙන වෙලාවට ගමට යනව ඇති.
ReplyDeleteඅනේ... එහෙම වෙනෝ නම් බැරිය...
Deleteමහත් වෙච්චි උදවියට.. හිකිස්
ReplyDeleteඇයි ඉදිමිච්ච් උන්ට.... හික්ස්
Deletelassana kavi tikak ayya.....
ReplyDeleteThanks aealiya nangi/malli :)
Deleteayyo ayye......dan mal wala nam tiyena pirimi lamainuth innawada?mamanam nangiyek hode........ :)
Deleteaha..... hari hari nagi.. :)
Deleteඅයියෝ ඕවා ඔහොම තමයි.පොඩි මිනිස්සු ලොකු වෙද්දි උන්ට ඔහොම ලෙඩ හැදෙනවා.. කවි ටික මාර ලස්සනයි.
ReplyDeleteබොහොම ස්තුතියි අයියේ... අඩුපාඩු තියේ නම් කියන්න හොඳේ
Delete:) කියල වැඩක් නැහැ..මේක ලස්සනම ලස්සනයි!
ReplyDeleteඔබට ජය!
අනේ ඒ මොකෝ කියලා වැඩක් නැත්තේ.. ..?
Deleteබොහොම ස්තුතියි හිරු හිමාවී
ela
ReplyDeleteThanks suchi.. :)
Deleteඅඩේ මේ හොර කුරුම්බා කඩපු සුදාද?.. ;)
ReplyDeleteනෑ නෑ ඌ නෙමේ... මොකෝ ඒ සුදට පොල් ගස් යන්ට බෑ නොවැ....
Deleteඌ කැඩුවා.. මම බිව්වා
ලස්සන කවිය සහෝ.. අනේ මන්දා..මට මේ වගේ එකක් මතක් වෙනවා.. සින්දුවක්ද මන්ද.. දැන් මතක් කරගන්න බැ..
ReplyDeleteඅයියෝ මතක් වෙන්නෙම නැද්ද..? ශික්... මොන කරන්නද..?
Deleteපස්සේ හිමිට මතක් කරලා කරන්නකෝ රෙඩ් අක්කේ.. :)
ලොකු තැන්වලට යන්න යන්න මුල අමතක වෙන එක නම් හොඳ දෙයක් නෙමේ...
ReplyDeleteසම+හරක්ට ඕක වෙනවමයි අයියේ... ඒක නවත්තන්න බෑමයි.. පස්ස බිම ඇනුණාම තමා තේරෙන්නේ.. මොකෙක්වත් නෑ කියලා
Deleteලස්සන පද ටික..සුදු බණ්ඩා හොඳ තැනකට ගියා එහෙනං :D
ReplyDelete