මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Saturday, July 28, 2012

මිරිවැඩි සඟලක් ඉල්ලා (නො)හැඬුවෙමි






සුදු පාට කළු පාට
පාසලට දාන් යන
යුනිෆොර්මයට.....
නැතුව බැරි,
දානෙකට මගුලකට
එක එක මෝස්‌තර
පන්සලේදී පල්ලියේදී
තැන තැන්වලදී මාරු වෙන
දුප්පත්ද පෝසත්ද
කියලා......
බර කිරත හැකි
ඇදුමේ බඳ පටියේ
වර්ණයට
වෙනස් වෙන.....
අඩිය උස හයි හිල්ස්,
අඩිය නැති ෆැලැට්,
සැන්ස්.. රබර්... හම්...
නානාවිධ
ගමනට බිමනට
දෙපා සරසන
විදි සරන
විප්‍රකාර
සපත්තු ජෝඩු
සෙරෙප්පු කැලි අස්සේ
අගෙයි මට
"පැලැස්ටික් මිරිවැඩි සඟල"
මුතු මැණික්
එබ්බවුවටත් වඩා.........

12 comments:

  1. සහතික ඇත්ත.. බ්ලොග් ලෝකෙට සාදරෙන් පිළි ගන්නවා මචෝ!!

    ReplyDelete
    Replies
    1. අද තමා බ්ලොග් එකකින් මෙච්චර සන්තෝසයක් ලැබුවේ... හිතට මාර මෙව්වා එකක්.. කියා ගන්න බෑ.. උඹට කොහොම ස්තුති කරන්නද මන්ද..? :)

      Delete
    2. මුල් කාලෙ මෙන්ම ඒ සතුට අපි තාමත් ලබනවා..

      ජයෙන් ජය සහෝ !

      Delete
    3. මමත් ඒක විඳින්න බලාපොරොත්තු වෙනවා
      බොහෝම ස්තුතියි

      Delete
  2. හරිම ලස්සනයි යාළු :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි හිරු.... මම තමා නවකයෙක්.. ඒත් ඉතින් නවක වද එපා හොඳේ

      Delete
    2. ඒ ගැන නම් බය වෙන්න එපා.. මෙයා නවක වදයට සැහෙන්න විරුද්ධයි නේ!!

      Delete
    3. එහෙනම් හලී තෝක්

      Delete
  3. welcome to blogger's world..

    all the best !

    ReplyDelete
    Replies
    1. Thanks sAm Ayiya... I already reader of ur blog.. Its soo nice brother :)

      Delete
  4. මම මේ කතාව මුලින්ම කියවපු දවසේ දැක්කේ කකුල් දෙකම නැති ළමයෙක්ගේ රූපයක්. ඒ හා සමානවම සංවේදී බවක් මේ රූපෙනුත් එනවා...

    ReplyDelete
    Replies
    1. ඔය රූප ඔක්කොම හොයා ගන්නේ මුණු පොතෙන්.. ගොඩක් අය බනිද්දි ඒකෙන් ගන්න පුළුවන් උපරිම දේ මම ගත්තා.. :) රූපේ විතරද සංවේදී..?

      Delete

මේ ඒක නෙමේ තාමත් මට අත දුන්නේ නැතිනම් ෆොලෝ පාරකුත් දනවකෝ ඈ...
ආවාම කියෙව්වාම අහක බලන් යන්නේ නැතුව හිතට ආපු දේ කහටක් නැතුව කොටලම ගියා නම්
"ඔහෙලගේ හිතටත් නිදහසක්..........
....................මගේ හිතට ශක්තියක්" මොකෝ අමාරු දෙයක්යැ..
දාමු දාමු comment එකක් දාලම යමු

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...