මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Saturday, July 28, 2012

ඔන්න බබෝ බිල්ලා අපි අල්ල ගනිපු හොල්ලලා


ඔන්න එහෙනම් හා හා පුරා කියල පටන් ගත්තා අද කතා කරන්න හිතුවේ අපේ ආගම සහ අපේ කල්කිරියව ගැනයි.
මම දන්නා විදියට මගේ ඉන්න ගොඩක් යාළුවෝ බෞද්ධනේ.ඒත් ඒක නාමික බෞද්ධ එහෙමත් නැතිනම් උප්පැන්නෙට බෞද්ධ ද කියන්න නම් මම දන්නේ නෑ.මේ වෙද්දී ලංකාව ඇතුලේ අන්‍යගමිකරණයක් සිද්ද වේ ගෙන යනවා කියලා නොදන්නේ කොළඹ 7 ඉන්න දුවිලි කියන්නේ රෝස පව්ඩර් වගේ දෙයක්ද කියලා අහන නෝනලයි අවරුදු 10 ක් දැම්මත් ගෙවිලා නැති සපත්තු තියෙන මහත්වරුයි විතරයි.. පොඩ්ඩක් ගමක දවසක් ඇවිදලා බලන්න මොනවාද වෙන්නේ කියල.. දන්නේ නැතිනම් අපේ පැත්තේ ඇවිත් යන්න එන්න(නාවත් කමක් නෑ, මම කියන එක විස්වාස කරනවනේ... අපේ ගාලු යාළුවොන්ට කියන්නේ ගාල්ලේ stand ඒක ඉස්සරහ තියෙන මහජන බැංකුව ගාව තියෙන කොළ පාට බැනර් එක බලන්න. මම කියන්නේ බොරුද කියලා...දැන් අයින් කරලද දන්නේ නෑ )එක එක NGO ඇවිත් ගම්වල ඉන්න දුප්පත් මිනිස්ස්සුන්ට පොඩි පොඩි උදව් කරලා (දරුවට පොත් ටිකක්, ගෙදරට හාල් තුනපහ ටිකක් දීල) හෙමින් සැරේ තවත් නිර්මාණවාදී මවාපෑම් කරලා ඔය එක්තරා ආගමකට බඳවා ගන්නවා.. මම දැකලත් තියෙනවා මොකද අපේ ගොඩක් අසල්වාසීන් ඒ උදව් උපකාර අරගෙනත් තියෙනවා.ඒවා බලාපොරොත්තුත් වෙනවා .ඒත් ඒ අය ඒ ආගමට බැදිලද නම් මම දන්නේ නෑ.එයාලගේ අමුතුම විදියක් තියෙන්නේ ඒ සංවිධානේ අය වැඩ කරද්දී කිසිම කෙනෙක්ට බනින්නේ අපහසුතාවයට පත් කරන්නේ නෑ.. කන්නේ බොන්නේ එක මේසේ ඉඳගෙන.එක පුටුවේ ඉඳ ගන්නවා.එකිනෙකාට උදව් කර ගන්නවා. ඕනේ වෙලාවක තව කෙනෙක්ගේ අසාධාරණයකදී පොදු ගැටලුවකදී මුලිකත්වය ගන්නවා. මම කියන්නේ නෑ ඔහොම වැඩ කරන අය හැමෝම ඒ සංවිධානේය කියල මම කියන්නේ ඒ අයගේ වැඩ පිළිවෙල මෙන්න මේ වගේ දෙයක්ය කියලා විතරයි
අපි බෞද්ධයෝ තමා.ඒත් නිකමට වගේ ඔය මුස්ලිම් කඩ පේලි දිගේ පෝය දවසක ඇවිද ගෙන යන්නකෝ.ගොඩක් කඩ වහලා.ඒත් සිංහල කඩ ඇරලා.අන්න එහෙමයි අපේ බෞද්ධකම.සතියේ හැම සිකුරදම නිවාඩු නෑ කියලා අපි හැමෝම දන්නවනේ.ඒත් අපේ මුස්ලිම් සහෝදරයෝ තමන්ට වෙන පාඩුව අමතක කරලා පල්ලි යන්නේ තමන්ගේ ආගමට තියෙන විස්වාසය නිසා නේද? මම වැරදි නම් කියන්න මොහොමඩ්.ඒත් අපි හතර පෝය කෙසේවෙතත් පසළොස්වක පෝයකටවත් පන්සලකට ගොඩ වෙනවද...? ඒ වගේමයි බෞද්ධයාගේ අත් පොත තමා ධම්මපදය.ලංකාවේ ගෙදරකින් හොයා ගන්න අමාරුම පොත තමා ඒක.ඒත් ඔබ දන්නවනේ බයිබලයක් නැති කිතුනු ගෙදරක්, කුරාණයක් නැති මුස්ලිම් ගෙදරක් හොයන එක නොමල ගෙයකින් අබ හොයනවට වඩා අමාරුයි කියලා.. අන්න එහෙමයි අපේ වැඩ.අනික ලංකාවේ බෞද්ධයනේ ඔය කුලමල දේවල් ඇදගෙන දුප්පතා පාගගෙන කරන්න තියෙන හැම අපහසයක්ම කරන්නෙත්.. මම අහන්නේ ඒ බුදු දහමේ කොයි සුත්‍රයේ තියෙන ඉගෙන්වීමක්ද කියලා විතරයි .. ලෝකේ තියෙන නිවැරදිම අර්ථාන්විත ගිහි හෝ පැවිදි ජිවන දර්ශනයක් ඉගෙන්වෙන එකම ආගම බුද්ධාගම විතරයි.. ඒත් අන්තිමේදී වෙලා තියෙන්නේ ඒ දහමේ සුසුමක්වත් නොගැටුණු දේවල් නේද?
ඔබ හින්දි චිත්‍රපට නරඹනවා නම් දැකල ඇති ඔවුන්ගේ චිත්‍රපටයට අනිවාර්යයෙන්ම හින්දු හෝ වේවා මුස්ලිම් හෝ වේවා ආගමික ස්ථානයක වැදුම් පිදුම් කරන දර්ශනයක් ඇතුලත් කරන බව(රබ්නේ බනාඩි ජෝඩි ).. ඒකත් ඒක අවස්ථාවක්...තවත් කියනවා නම් ඒ ඇතැම් අවස්ථාවල භජන් ගීත(දෙවියන් උදෙසා ගයනු ලබන ගීත ) ගායනා කරමින් ඉතාමත් දර්ශනීය රුප පෙළක් දිග හරිනනවා(ජෝදා-අක්බර්, කබි කුෂි කබි ගම් ) අපිට හිතෙනවා මේක තමා ආකර්ශනීය කියලා.. ඒකනේ ඔය සමහර ලංකික නිලියෝ සම්මානය ගන්න වේදිකාවට ගොඩ උනාම ඉන්දියානු ක්‍රමේට වඳින්නේ.මේ ඔක්කොම දේවල් ඇතුලේ යටි අරමුණු ඇති..
ඒ කොහොම උනත් මට කියන්න බෑ ..උඹලා අපේ ආගමේම හිටපල්ලා කියලා.ඔවුන්ට යහපතක් වෙනවා නම් ජීවිතය ගෙනියන්න ආධාරයක් ලැබෙනවා නම් මම එපා කියලා කිව්වම අහවිද?අනික හරි අපි ඉන්නම් උඹ අපිට මොනාද දෙන්නේ කියලා ඇහුවම මම දීපල්ලකෝ උත්තර.ඒක නිසා ඒ ගැන තනි මට බලපැමක් කරන්න බෑ.. යන අය ගියාවේ..උපාලි ගෘහපතිට තුන් පාරක් බුදු හාමුදුරුවෝම කිව්වා මගේ සෙවණට එන්න පෙර යලිත් සිතන්න කියලා. එතරම් ආගමික නිදහසක් අපිට තියෙනවා.ඔබ ගැන ඔබ තීරණයක් ගන්න.වටහා ගැනීමකින් තොර බුදු දහමකින් අර්ථයක් නැත.ඒත් ඔබ මෙතරම් නිර්මල දහමක් අත ඇරලා යනවා කියන පාපෙට නම් මෙලොවදීම වන්දි ගෙවන්න වේවි.මීලග බිල්ල ඔබ විය හැකිය. බලාගෙන......? (අපේ ගම් පැත්තේ දුප්පත් බෞද්ධයන්ට උදව් කරන කරුණ භාරය සංවිධානය ගෙන නම් මතක් කරන්නම ඕනේ )

6 comments:

  1. ලංකාවේ හුඟක් බෞද්ධයෝ කරන්නේ පරම්පරාවෙන් එන වටිනාම මැණිකක් කාටවත් පෙන්නනේ නැතුව පෙට්ටගමක දාලා පරිස්සම් කරන මනුස්සයාගේ භූමිකාව

    මලයා කතාවේ ඡේද වෙන්කරන්න පුලුවන් නම් ඒක කියවන්න පහසුවක් වේවි.....

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත...!!
      ශිට් ඒක අමතක උනානේ අයියේ :(

      Delete
  2. හසිත කියපු කතාවට නෝටියත් එකගයි.
    ඒ වගේම සු.මලයා කියපු අනික් කතාවත් හුගාක් දුරට අත්ත්තක් තියනවා.ලාංකික බෞද්ධ අයගේ ගෙවල් වල ධම්මපදය තියෙන්නේ කීයෙන් කී දෙනා ලඟද. බෞද්ධයා ගේ මුදුන්මල්කඩ තැනගේ වහල යට.
    ඒත් පන්සලක් පල්ලියක් දකින්න නෑ යන බස් එහෙක යනවා නම් පස්ස උස්සනවා.සෝබනේට.
    මචං ලංකාව කියන්නේ පුදුම රටක්. පුපුම වගේම පින්බර රටක්.ලංකාවේ අනාගතේ රැඳිලා තියෙන්නේ ලාංකිකයාගේ ගුණධර්ම රකෙනම ප්‍රමාණය අනුව.ඒක අපේ අතේ.මිනිස්සුනේගේ අතේ.

    ඒ වගේම මචං මම බෞද්ධ කතෝලිකයෙක්. තාත්ති බෞද්ධ, අම්මි කතෝලික. ඒ වගේම මම අද වෙනකොට ධම්ම පදය, බයිබලය දෙකම කියවලා තියනවා. ඒ වගේම ඒ පොත් සේරම දැනටත් මගේ රූම් එකේ තියනවා.

    ReplyDelete
    Replies
    1. කොහොම උනත් නිවැරදි දේ දකින්න ආගම ප්‍රශ්නයක් නෙමේ නේද නෝටි අයියේ..?
      රැන්ගෝ එහෙමෙයි කියලා මම දන්නේ නෑනේ

      Delete
  3. දැන් මුන් අළුත් සෙල්ලමක් පටං අරන් පුතේ.දැන් මුන් බුද්ධාගමේම උන් දාලා එක එක කෝලම් කරනවා. ඔය සිරිවර්ධන, සමන්ත බද්‍ර වගේ කාලකන්නින්ව දාලා. අපි ඉතින් එවුන්ට බැන බැන ඉන්නවා. අරුන් යටින් ගේම ගහනවා.

    ඉතිහසයේ අන් කවරදාකටවත් වඩා වර්තමාන ශ්‍රීලංකාව තුළ බුදුදහම සිය පැවත්ම සම්බන්ධයෙන් බරපතළ අභියෝගයකට මුහුණ දී ඇති බව අවධාරණයෙන් ලියා තබමි

    ReplyDelete

මේ ඒක නෙමේ තාමත් මට අත දුන්නේ නැතිනම් ෆොලෝ පාරකුත් දනවකෝ ඈ...
ආවාම කියෙව්වාම අහක බලන් යන්නේ නැතුව හිතට ආපු දේ කහටක් නැතුව කොටලම ගියා නම්
"ඔහෙලගේ හිතටත් නිදහසක්..........
....................මගේ හිතට ශක්තියක්" මොකෝ අමාරු දෙයක්යැ..
දාමු දාමු comment එකක් දාලම යමු

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...