දැන් අහන්න එපා ඇයි බෙහෙත් දෙන්නද කියල මේ සැරේ මම ලියන්න හිතුවේ අපේ මේ තරගකාරී ජිවිත ගැන.. මට ලැබුණු අදහස් අනුව තීරණය කළා දිගට කතා කරන්න ඕනේ මාතෘකා කොටස් වලට කඩන්න.. මේ එකේ 1 වෙනි පියවර...
උණු උණුවේ හම්බුණ
ආරංචියක් නිසා අද කතා කරන්නේ හිතුවේ ඒ ගැනයි.ම්ම් පහුගිය සතියේ එක්තරා
විෂයක් සම්බන්ධව සමස්ත ලංකා තරඟ එහෙමත් නැතිනම් all island තරඟ කොළඹ කොහේදෝ
තැනක තිබුණා කියල ඒ විෂය සම්බන්දව උනන්දු අය නම්
දන්නවා.. විෂය තමා සංගීත හ නාට්‍ය.මේකේ නාට්‍ය කිව්වට වේදිකා නාට්‍ය වලට
අවදානයක් යොමු කෙරෙන්නේ නෑ.ඕකේ නාට්‍ය ලෙස හැදින්වෙන්නේ සංගීතමය නාට්‍ය. ඒ
කියන්නේ මුද්‍රා ,ඉඟි නළු, ගීත යන නාට්‍ය වර්ග ටික විතරයි. සංගීතමය
පැත්තෙන් ගායන වාදන තරඟ තියෙනවා.. ඒවත් තව කොටස් වලට බෙදෙනවා.. ඒවා කියන්න
ගියොත්.... (ඇත්තම කිව්වොත් මටත් මතක නෑ හොඳේ..).. සංගීතය කරන අය ගාව පුදුම
ඉවසීමක් තියෙනවා කියලනේ ඔය පඬිවරු කියල තියෙන්නේ.මම දන්නා සංගීතය කරන අය
ගාව නැත්තෙත් ඕකමයි.ඉතින් ඔය තරඟ කියන්නේ ආයේ හයිය තියේනම් තරඟ කරලා දිනන්න
තියෙන නියම තැනක්.
ඔන්න මේ සැරෙත් තරඟ තිබිල තියෙනවා.ඕකට යන අය දන්නවා.අනන්ත බාධක දුක් පීඩා විඳ රෑ නිදි මරලා පුරුදු පුහුණු වෙලා තමා නැහිලා නැහිලා උපරිමයක් අරගෙනනේ එන්නේ... ඒ තරම් වටිනා කමක් තියෙනවා.... එත් ඔය කොච්චර දුක් විඳලා ආවත් නියම විනිශ්චයක් ලැබුනේ නැතිනම්... මම දැකල තියෙනවා සමහර ප්‍රසිද්ද ගායිකාවෝ ගුරුවරු ලෙස උගන්නවන පාසලේ (ගායකයොත් ඉන්නවා.ඒත් ඒ අය මේ වැඩේ කරනවා මම දැකල නෑ) තමන්ගේ කණ්ඩායම තරග කරද්දී විනිශ්චය මණ්ඩලය අසල කැරකෙනවා. ඒකෙන් අපිට උනත් හිතෙන්නේ යම් අසාධාරණයක් වෙන්න ඉඩ තියෙනවා කියලනේ ඒ වෙලාවට.ඒ අය උනත් දැන ගන්න ඕනේ ඒවගේ අයව එතනින් ඉවත් කරන්න.
සමහරු ඉන්නවා රාමුවකට සිමා වෙලා ජන ගී ආශ්‍රිත නිර්මාණයක් කරන්න කිව්වොත් ගැමි ගීම විතරයි. වැරදිලාවත් සේ ගී(උගතුන් විසින් රචිත ගී) දැම්මොත් ඔන්න ඉතින් ඉවරයි.ඔය O /L වලටත් උගන්නව සේ ගී කියන්නේ ජන ගී වල එක කොටසක් කියල.
සමහරක් අය රටේ ජනප්‍රිය පාසල් වලට යම් යම් පරමාර්ථ වලට පොඩි පොඩි ලකුණු වැඩිපුර ලබා දෙනවා කියලත් අපි දැකල තියෙනවා. දැන් කෑ ගහවි අපි විනිවිදයි කියල (ඒත් ඉතින් අපි කොන්ඩේ බැදපු චීන්නු නෙමේනේ) එක නිස ඕව දකිද්දී අපෙත් ඇගේත් මාළු නටනවනේ.මම කියන්නේ මේ අති තරඟකාරී බවද ඒකට එක හේතුවක්. ඔතන පාසල්-පාසල්, දිස්ත්‍රික්ක- දිස්ත්‍රික්ක,පළාත්-පළාත් අතර ගැටුමක්නේ තියෙන්නේ.හොඳම දේයි ගෙනත් තරඟෙට දාන්නේ.අසාධාරණයක් උනොත් ලොකු අර්බුදකයක් වෙන්න තියෙන ඉඩ වැඩියි.මම කියන්නේ ඔය පේන ඇස දෙකෙන් නෙමේ තවත් තුන් වෙනි ඇසක් ඇරලා මොළෙන් කල්පනා කරලා නිවැරදි විනිශ්චයක් ලැබුනොත් අපිට උනත් නිදහසේ හති දාන්න පුළුවන් නේද...?
අමතක කරන්න එපා මේ තරගෙදි නම් හති දාන්න තරමට තරඟේ නොදිව්වොත් නම් අපි පරාද බව. ඒක නිසා ඉවසීම තියන් හති දාගෙන දුවමු.. :)
No comments:
Post a Comment
මේ ඒක නෙමේ තාමත් මට අත දුන්නේ නැතිනම් ෆොලෝ පාරකුත් දනවකෝ ඈ...
ආවාම කියෙව්වාම අහක බලන් යන්නේ නැතුව හිතට ආපු දේ කහටක් නැතුව කොටලම ගියා නම්
"ඔහෙලගේ හිතටත් නිදහසක්..........
....................මගේ හිතට ශක්තියක්" මොකෝ අමාරු දෙයක්යැ..
දාමු දාමු comment එකක් දාලම යමු