මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ
අත්වැල් බැඳ ගත් ඇත්තෝ.
Saturday, July 28, 2012
දනට පිනට දුන්නේ මං හිතේ මනාපෙන්
හිතුවේ අදත් අලුත් සටහනක් දන්නා.මේ නම් අපේ සම+හරක් කොන්දක් නැති වෛද්‍ය විද්‍යාලයකට වැස්සකටවත් ගොඩ වෙලා නැති බෙහෙත් දෙන්නේ නැති කොන්දොස්තර මහත්+හොරු ගැනයි.(ආරම්භයේදීම කියන්න ඕනේ මහත්වරුත් ඉන්න බව). මුලින්ම පටන් ගන්නම් මට මේ අලුත් බස් ගාස්තුත් එක්ක තියෙන එපා වෙන අර්බුදය.මම බස් එකේ ඇවිත් බහින්නේ හතරමන් හන්දියකට මෙහා තියෙන නව මාවතක් ගාව.. ඉස්සරනම් රුපියල් 10යි.මේ ළගදි උණ ඉන්ධන මිල ඉහල දැමීමත් එක්කම අපේ පෞද්ගලික බස් හිමියෝ මහා ලොකු සෙල්ලමක් දාල අඩව්වක් කස්තිරමක් අල්ලලා බස් ගාස්තුත් වැඩි කර ගත්තනේ.මම කියන්නේ නෑ බස් ගාස්තු වැඩි කරන්න එපා කියල.. දනට පිනට බස් දුවන්නේ නෑනේ. ඒක නිසා ඉන්ධන මිල වැඩි උණා.ඒත් එක්කම බස් ගාස්තු වැඩි වෙන එක සාධාරණයි. දැන් එතනට රුපියල් 12යි.
මේ ඊයේ උණ සිද්ධියක්.
කොන්දොස්තර මහත්මය ticket ගන්න කිව්වම මමත් රුපියල් 20 දික්කරා.අපේ කොන්දොස්තර මහත්තයත් 20 අරගෙන රුපියල් 2ක් නැද්ද ඇහුව. ඇත්තටම ඒ වෙලාවේ මගේ ගාව කාසි තිබුනේ නෑ.මම නෑ කිව්වම මේ මහත්තය ඉඳන් කිව්වා බෑග් එකේ බලන්නලු..(මටත් පුදුම හිතුන.මිනිහ මගේ බෑග් එක ඇවිස්සුවද කියලවත්.) ඒ බැලුවත් නෑම තමා.මම ආයිමත් නෑ කිව්වම මෙන්න මේ අපේ මහත්තයා බනින්න ගත්තා.කාසි අරන් එන්නලු.. නිකම් මේ අපි බස් ගාස්තු වැඩි කරගත්ත වගේ.ඒ මහත්තයා අතේ කාසිත් තිබුණා.මට හිතා ගන්න බෑ.ඇයි ඒවායින් මට ඉතුරුව දෙන්න බැරි කියල.(ඒ මහත්මය facebook ඉන්නවා නම්..මේ ඔබතුමාගේ ගුණ තම ගායනා කරන්නේ.) ඒ එක සිද්ධියක් විතරයි...
තව නම් කොච්චර තියෙනවද.. පිටිපස්සෙන් කෑ ගහනවා මැද පොල්ල අල්ලන් ඉස්සරහට යන්නලු. ආපහු ඒ මහත්මයාම ඉස්සරහට ගිහින් කෑ ගහනවා අර පොල්ලම අල්ලන් පස්සට යන්නලු. ඊළගට මැදට ඇවිත් කෑ ගහනවා දෙපැත්තට යන්නලු.. මහා යුද්දයක්. බස් ticket එකක් දෙන්නේ නෑ.ඒත් රුපියලක් මදි උනොත් ආයේ ඔය බස් එකේ ගියේ නැති අම්මට තාත්තටත් ප්රශස්ති හදනවා.බස් එකකට නග්ගා ගන්නේ නිකන් දිව්‍යලෝකෙට වඩම්ම ගන්නවා වගෙයි.ඒත් ඉතින් නැග්ගම බහින්න වෙන්නේ සර්වාංග රෝග පිලිබඳ දොස්තර කෙනෙක්ට chit එකක් දාන ගමන්ම තමා..
හැබැයි මේ අතරේ මිනිස් ගුණ ඇති කොන්දොස්තර මහත්වරුත් ඉන්නවා.. ඔය වෘත්තියේ ගරුත්වය රකින්න.මොන දේ උනත් ගර්භනී මවක්,දරුවෙක් වඩා ගත්ත මවක්,පුජ්‍ය උතුමෙක්,ආබාධිත කෙනෙක් නැග්ගම කෑ ගහලා ආසනය අරන් දෙන්න මේ හැම කොන්දොස්තර මහත්තයම කැප වෙනවා.ඒක ගැන නම් බොහෝම ස්තුතියි.ලෙන්ගතු හිනාවකින්,මිනිස්කම පිරුණු වචනයකින් කතා කරන්න.ඔබ සේවය වඩාත් පුජනීය කරන්න ඒ හිනාවට නිසැකව හැකි වේවි.
කටු ගහපුවා
කට කහනවට
Subscribe to:
Post Comments (Atom)
මනුස්සකම් අඳුරන කොන්දොස්තරලා හොයන එක කළු නික හොයනවා වගේ තමා. හුඟක් එවුන් දන්නේ පොඩ්ඩ බැරිවෙන කොට පුප්පන්නයි, රුපියලට දෙකට මරාගන්නයි තමා. මම නම් පුලුවන් හැම වෙලේම මාරු කාසි අරගෙන යන්නේ. ඒ වගේමයි ea මනුස්සායට වැඩියෙන් කීයක් වත් ගන්න දෙන්නේ නැතුව ඉන්න ෆුල් ට්‍රයි එක දෙනවා.
ReplyDeleteඔය අයියා කිව්වේ " කොන්දොස්තර කෙනෙකු වීමේ මුලික සුදුසු කම් "
Deleteහෙට ඉඳන් බස් එකේ ගිහින් ඉවරද මන්ද.. :(
මොනව වුණත්,හැමෝම අත් දකින ඇත්ත තමයි ලියලා තියෙන්නෙ
ReplyDeleteආඅ ඒක හරි... :)
Deleteඅපෙන් රු.2ක් අඩු උනොත් ඒකට කෑගහනවා. ඒ උනත් එයාල ඉතුරු දෙනකොට රු.2ක් අඩු උනොත් ඒක ගානක්වත් නෑ.
ReplyDelete