මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Tuesday, July 31, 2012

සිරි මා බෝ සාමිනි ඇය පිරිමි පුතෙක් ලැබුවා.....



"ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නයි...
පොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි....
වී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයි..."


ඔය ඔක්කොම කරවන්න විතරක් නෙමේ


"ගෑනු අයට සංසාරේ බර හැල්ලු වෙන්නයි....."


ඔය ඔක්කොම කොරන්න ඔන්න සුදා මල්ලිගේ අක්කා පුතෙක් වැදුවා. දැන් කියන්න එපා යකෝ වැදුවා කියන්න එපා ලැබුවා කියහන් කියල.. ඉතින් හතිලව්වේ පැටව් වදන්නෙයි පැටව් ගහන්නේ සත්තු විතරද...? මිනිස්සු පැටව් ලබනවා... අනේ ඔන්න ඔය මොකක් හරි.. සුදාගේ අක්කා අද මි පැටියෙක් වගේ සුටීම සුටි කොලු පැටියෙක් මේ ලෝකෙට එකතු කලා.. දැන් ඉතින් සුදා මල්ලිත් මාමා කෙනෙක්.. සෙල්ලම් තනතුරක්ද..? කළුබෝවිල ඉස්පිරිතාලේදී අද ඔන්න ඉර පායලා තියෙන වෙලාවක දොස්තර මාමලා නැන්දලා නර්ස් නැන්දලා හැමෝගෙම පිහිටෙන් කොල්ලා මුල්ම ඔක්සිජන් ටික සුටුස් ගාලා ඇද්දා. අනේ මන්ද.. අම්මා වගේද තාත්තා වගේද කියල නම්.. මොකා වගේ උනත් සුදා වගේ රටට බරක් නැති රටට අර්ශිර්වාදයක් උනු පුතෙක් උනොත් ඇති(මොකෝ යකෝ හිනා වෙන්නේ..? සුදා එල බුවා)


තරහ වෙන්න එපා.. දන්නේ නැද්ද..? ඔය අම්මලා ගෙන් ආත්තම්මලාගේ වැඩ කොල්ලෝ.. මමත් හලී ආසාවෙන් හිටියා කොල්ලා ඉපදිච්ච ගමන් මුණු පොතේ පින්තුරයක් දාලා රෙජිස්ටර් කොරන්න.. දැන් බන් උප්පැන්න සහතිකෙට වඩා වටින්නේ මේකයි. ඕව තේරෙනවද ඒ කටින් බලවත් උන බවලත්තුන්ට... උඹේ අම්මයි ආත්තම්මයි මාමාට දැඩි ලෙඩක් ඇදලා කිව්වා


"උඹ දාලා තිබුනොත් උපන් වෙලාවයි කොල්ලගේ පින්තුරෙයි ඔය අට මගලේ බලා ගන්නම්"


කියලා.. ඔන්න මම දන්නේ නෑ බන්.. ලොකු උනාම අම්මටයි අත්තම්මටයි ලෙඩ ඇදපන්.. මම සප් එක දෙන්නම්. මගේ එකෙක් නම් බඩේ ඉන්න ඒවත් දාලා මෙලහට..


මේ නැන්දේ මාමේ කොල්ලට නමක් තාම දාලා නෑ.. නෑ නෑ ඔහේලා කලබල වෙන්න ඕනේ නෑ .. ඔහේලට නමක් දාන්න දෙන්නේ නෑ. අම්මයි තාත්තයි කොල්ලට යස නමක් දාවි.. නිකන් අර ඔහේලා හැමෝම දන්න සුදා මල්ලිගේ නම වගේ එල කිරි නමක්..


ඇයි කොල්ලෝ මාමාට මෙච්චර සතුටු නම් උඹේ අම්මටයි තාත්තටයි කොච්චර සතුටක් ඇතිද..? හැබැයි කොල්ලෝ උඹේ අම්මා උඹට ගහද්දි නම් හිතෙයි
"මොන මගුලකට එලියට අවාද මන්ද..?"කියලා.
ඇතුලෙම හිටිය නම් ඉවරයිනේ... ඇයි යකෝ කියලා.. (අම්මියගේ හැටි මමනේ දන්නේ).. නිරංජලා ඇන්ටි කිව්වට ඇතෙක් වගේ වෙන්න කියලා.. අලියෙක් වගේ බතල කොල්ලෙක් නම් වෙන්න එපා.. රටක් වටිනා සිංහල කොල්ලෙක් වෙයන් .. අර කවුරුදෝ කිව්වේ
"රණබිම මරුනේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සලකුණු ඇත්තේ" කියලා.
එහෙමෙයි කියලා උඹට මැරෙන්නේ දෙන්න බෑනේ බන්.. පවුලේ මුල්ම දරුවා.. ඒ මදිවට කොල්ලා. පොතක් වගේ නම් උනාට කමක් නෑ.. හැබැයි බන් සමාජේ කියවන පොතක් වෙයන්.. මොකෝ නැතිනම් වෙන්නේ අල්මාරියක් අස්සේ ගුලි වෙලා ඉන්න. අනේ අර සුටී සුටී ආතල් ගොඩක් තියෙන බොළඳ නව කතාවක් වෙන්න එපා.. මොකෝ බන් නැතිනම් කොල්ලෝ කාලේ කියවාවි.. නාකි වෙද්දී විසි කරාවි.. ඒක නිසා තුන් කල් පවතින පොතක් වෙයන්...


හේවිසි බෙර ගහලා ගෙට වැඩම්මේව්වේ නැති උනාට පාවඩ එලලා පිළි ගත්තේ නැති උනාට කිලි කුණු කහට මුකුත් නැති අපේ හිත තුලට උඹ වැඩියේ ඊයේ පෙරේද නෙමේ පුතේ.. ඒක නිසා එදා වගේම අදයි හෙටයි උඹ දැන ගන්න ඕනේ ඒ හිත නොරිදා ඒකෙ රජ කරන්න.. හැබැයි කොල්ලෝ වැරැද්දට නම් ගහන එක ගහනවමයි.. ඒක මට පුරුදු උනේ උඹේ සීයාගෙන්... ලොකු උනාම අහපන් සීයාගෙන් මොකද මාමට ගැහුවේ.. දැන් ඌ මට ගහනවා කියලා. උඹලයි අම්ම ඒවි පොල්ලක් උස්සන් මට ගහන්න..


ගෑනියෙක් උණු මගේ අක්කා විතරක් නෙමේ බන් පිරිමියෙක් උණු මගේ අයියත් සංසාරේ බර හැල්ලු කරන්න ඉපදුන මුල්ම එකා පුතේ උඹ. එහෙම කියලා මහණ වෙන්ට ඕනේ නෑ.. හතර වරිගේ නිවන් දක්වන්ට...ඒ මිනිස්සුන්ට කරදරයක් වාතයක් වෙන්නේ නැතුව මහ ඇවුන් දෙන්නගේ ලෝකේ එලිය කරන පහනක් වෙයන්. මොකද උන්ගේ ලෝකේ උඹ.. කොච්චර ගෙවල් දොරවල් තිබුනත් ඒවා නැති වෙද්දී ඉවසා ගෙන හිටියත් දරුවෙක් තමන්ගේ ඇස් මානෙන් මිදෙද්දී නම් අඬන්නේ නැතුව ඉන්න බෑ කියලා කියන එක මට කියලා දුන්නේ උඹේ අත්තම්මා. ඒක නිසා රත්තරන් ටික වගේ හම්බුණ අම්මයි තාත්තයි අත්තම්මලා සීයලා ඔය ඔක්කොමගෙන්ම විතරක් නෙමේ ලෝකඩ වගේ වටින්නේ නැති සුදා මාමගෙන් ඕන දේවල් අරන් සුදා මාමගේ සිතුවිලි ලෝකේ එලිය කරන්න ඒවි කියලා මාමා බලන් ඉන්නවා..


බය වෙන්න එපා බන් මේ ඉන්න මාමලා නැන්දලා ඉරිසියා කොරලා ඇස්වහ කටවහ හෝවහ හදී හුනියන් කොඩිවින කොරන්නේ නෑ. එහෙම කොරනවා නම් මුලින්ම කොරන්නේ මාමට බොල. බය නැතුව හිටු.. මම ඉන්නවනේ..


දැන් තමයි වැඩ ටික පටන් ගන්නේ.. හපොයි උඹ ලොකු වෙලාම ඉපදුණා නම් කියලා හිතෙනවා.. චූ නැප්කින් හෝදන්නයි.... අඬද්දී නලවන්නයි.... ඇවිදින්න ගත්තම පස්සෙන් දුවන්නයි... කතා කරන්න ගත්තාම අහන රට පෙරලන ප්‍රශ්න වලට උත්තර දෙන්නයි... ගියාම වෙන ගිනි විජ්ජුම්ම්බර ටික මට නිකන් මැවිලා පේනවා වගේ.. කොහොමද කොල්ලෝ උඹේ අම්මා බත් එකත් බෙදන් උඹේ පස්සෙන් ගේ වටේ දුවන කොට... මල් හතට තියේවි..


සරමක් උනත් කම්බායක් උනත් මොකෝ කියලා හැමෝම කිව්වට
"සරමක් සරමක්" කියලා දැන ගත්තාම කස්ටියගේ මුණේ මතු උණ හිනාව නම් කියලා වැඩක් නෑ .. කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් බන් ඕනේ හොඳ එකෙක් වෙන්න.. එල බුවෙක් බුවියක් වෙන්න.. අර බලහන් එංගලන්තේ අසු වයස් වියැති මහලු කතක් යස අගේට රට පාලනය කොරන්නේ.. ඒක නිසා මාමා නම් උඹේ ස්ත්‍රී පුරුෂ භාවය මහා ලොකු පුරස්නයක් කර ගත්තේ නෑ. කොහොම උනත් මාස දහයක් අම්මට වද දීලා උඹ එලියට ආවනේ.. රටේ තියෙන ඔක්කොම දහ ජරාව එක්ක හුස්මකුත් ගත්තනේ.. අම්මගෙන් කිරි සුට්ටකුත් බිව්වනේ.. දැන් තියෙන්නේ කොල්ලෝ මිනිහෙක් වෙන්න.. ඔං එතකන් මම බලන් ඉන්නවා.. මාමාගෙන් පුතාට හම්බෙන මුල්ම තෑග්ග තමයි මේ සිතුවිල්ල.. අතේ සල්ලි තිබුණ නම් රන් කැකුළු ගිණුමක්වත් අරින්න තිබ්බා.. පස්සේ වරෙන්කො.. අතේ තියන වෙලාවක මොකක් හරි කොරන්නට බැරිය..


දැනට ඇති. මාමට උනත් හිතේ සතුටට ලියා ගන්න බෑ. උඹ බැලුවා.. දුව ගෙන ආවා.. මේක ලිව්වා.. දැම්මා.. තරහ වෙන්න එපා පොඩ්ඩෝ..


රට කන මි හරකෙක් නොවී රටක් වටින ලොවට ඕනේ මිනිස් පුතෙක් වෙයන්.. අම්මටයි තාත්තටයි අත්තම්මලා සීයලා ඔක්කොම එක්ක පැත්තක ඉඳන් සුදා මාමත් බලන් ඉන්නෝ..
වැරදුණා පැත්තක ඉඳන් බලන් හිටියට මූ හැදෙන එකක් නෑ.. හොඳ පාර පෙන්නන්නම්. අම්මගෙයි තාත්තගෙයි ඔක්කොම හීන වලට පණ දීපන්... ඒකෙ ගිහින් අර කලින් කිව්ව ජාතියේ එකෙක් වෙලා වරෙන්කො බුලත් අතකුයි කොකිස් ටිකකුයි අරන් මාමට වැඳලා කොරලා යන්ට...


පුතාටයි අම්මටයි තාත්තටයි තුන්දෙනාටම බුදු සරණයි.
ෆොටෝ නැති උනාට සොරි හොඳේ.. මේ ඉන්න සුදු කොල්ලට වඩා අපේ කොල්ල ලස්සනයි


ඔන්න පුතේ උඹට නිබ්බුත පද කිවේ සුදා මාමා හොඳේ


සිරි මා බෝ සාමිනි ඇය පිරිමි පුතෙක් ලැබුවා..... අහලම යන්න කොටන්න

10 comments:

  1. යෝධ බල දීර්ඝායුෂ වේවා කොලුවෝ!! මාමා වගේ නොවී හොඳ මිනිහෙක් වෙයන්!
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. නරක වෙලා හිටි..
      ආ.... කොල්ල කිව්වා නජාත් මමට "තැන්ක්ස් "කියලා කියන්නෙයි කියලා
      මේ ගිහින් ආවා විතරයි

      Delete
  2. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙම නම් ලැබුනත් එපා කියන්නේ නෑ.. හොඳ පුරෝහිත කෙනෙක් උනොත්
      මේ මිස්ටර් රජ .. ඒකට වෙකන්සියක් තියා ගන්න හොඳේ

      Delete
  3. එහෙ මෙහෙ රිංගනකොට කොහෙදෝ මංදා මෙතන්ට කඩන් පාත් උනා,කියවපු පලවෙනි පොස්ට් එකම හිතට අල්ලල ගියා, මමත් ලබන මාසේ දිහාට පුංචි කෙනෙක් වෙන්න ඉන්නෙ,මටමත් ඉතින් ඉන්නෙ හරිම නොඉවසිල්ලෙන් තමා. මට කියන්න තියෙන්නෙත් දරුවටයි අම්මටයි තිසරණ සරණම වේවා කියලා තමයි

    ReplyDelete
    Replies
    1. හරි ශෝක් නේ.. මටත් දකින්න කලින් නම් එච්චර මෙව්වා එකක් තිබුනේ නෑ..
      දැක්කට පස්සේ තමා මාත් ෆෝරම් උනේ.. කොහේ රිංගුවත් ඇවිත් තියෙන්නේ...
      නරක තැනකට එහෙම නෙවේ නේ
      එහෙම නේ කාව්‍යා..?
      මම පුතාටයි අම්මටයි දෙන්නටම කියන්නම්කො

      Delete
  4. කවුරු වගේ වුනත් පුතේ මාමා වගේනං වෙන්ට එපා ඕං..
    හික්ස්..

    ReplyDelete
    Replies
    1. කොල්ල කියනවනේ.. මම වෙන්නෙම "මාමා" වගේ කියලා....
      හික්ස්

      Delete
  5. පුංචි පුතාත්, අම්මාත් තාත්තාත් ඇතුළු පුංචි පවුලට තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් යහපතක්ම වේවා.... සුදා මාමාටත් ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හසිත අයියා.. ඒ වගේම අයියටත් එසේම වේවා...!! සියලු කටයුතු සාර්ථක වේවා...!!

      Delete

මේ ඒක නෙමේ තාමත් මට අත දුන්නේ නැතිනම් ෆොලෝ පාරකුත් දනවකෝ ඈ...
ආවාම කියෙව්වාම අහක බලන් යන්නේ නැතුව හිතට ආපු දේ කහටක් නැතුව කොටලම ගියා නම්
"ඔහෙලගේ හිතටත් නිදහසක්..........
....................මගේ හිතට ශක්තියක්" මොකෝ අමාරු දෙයක්යැ..
දාමු දාමු comment එකක් දාලම යමු

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...