මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Sunday, July 29, 2012

කවුරුත් නැති තැනකට වී හැඬුවෙමි තනිවීලා



සැ. යු.- පරණ එකක්

(කහ පාට බොකේ ඒක තියන් ඉන්නේ සුදාගේ අක්කා.. සුදු පාට බොකේ ඒක තිය ගෙන ඉන්නේ ලොකු අක්කා
)

ලඟදි ලියන්න කියන්න හම්බුනේ නෑ. කෝච්චියේ පා පුවරුවේ අවධානම් ගමන්, මැයි 15 සමරපු දේශයේ මුර දේවත එළි ගැන, ඒ අම්මලාගේ කඳුළු ගැන කතා කරන්න හිතා ගෙන හිටියත් මැයි මාසේ තමන්ගේ ලස්සනම දවස ගැන හීන මවපු අක්කා කෙනෙක් අපේ පවුලෙත් බලාගෙන හිටිය නිසා ඒ වැඩ ගොඩත් එක්ක සිතුවිලි දෙකක්ම නැති වෙලා ගියා. ඒත් ඒ අක්කා ගැනවත් ඒ වැඩ ගැනවත් කිසිම අමනාපයක් නෑ. හිතේ කහටකුත් නෑ . ඔය අපේ පවුලෙන් එහාට ඉගිල්ලිලා ගිහිපු දෙවෙනි කිරිල්ලිත් එක්කම සිතුවිල්ලක් මේ විදියට සටහන් උණා. මුලින්ම අපේ අක්කා.(ඒ කියන්නේ මගේ අක්කා).. ඊළඟට ලොකු මාමළහ අක්කා.(ඒ කියන්නේ ලොකු අක්කා).. ඊළඟට තව තව අය තමන්ගේ කුඩු හදා ගෙන වෙන් වෙලා යාවි. මගේ අක්කා බැඳපු දවසේ සුදාගේ සිතුවිල්ලක් ඉපදිලා තිබුනේත් නෑ. ඒත් ලොකු අක්කා බැඳපු දවසේ නම් සුදගේ සිතුවිලි 25 ත් ඉක්මවලා ගිහිල්ලා. ඒක නිසා ලොකු අක්කට වෙන් උණ සුදාගේ සිතෙන් මගේ අක්ක්කටත් අසාධාරණයක් නොකර ඉඩ වෙන් කරන්න හිතවා.

මට මතක ඇති කාලේ අනික් නෑදෑයෝ එකකලට වඩා අපේ අම්මගේ පවුලේ නෑදෑයෝ ටික ගොඩක් එකතුයි. අම්මගේ සහෝදර සහෝදරියෝ ටිකගේ ළමයි උනත් එකම වයස් වල වගේ. ඒක නිසාදෝ කොහෙද අපි ගොඩක් එකතුයි. අපේ අක්කා, ලොකු අක්කා, සුදු අක්කා, චුටි මැණිකේ, චුටි, මම, චමීර, සසංක, එඩි අන්තිමට පොඩි. හැට හුටහා මාරක් නැති උනාට ඉන්න මේ දහ දෙන එකතු උනාම නම් එතන තියෙන සිරියාව ගැන අපිට වඩා හොඳට වටේ පිටේ මිනිස්සු කියාවි. පොඩි කාලේ වගේ හැමදාම එකතු වෙන්න බැරි උනත් ඉස්සර වගේ වැඩක් ඇති තැන කොතනද අපි ඇත තමා. ඒකට අපේ චුටි මාමාත් එක හේතුවක්. මොකද...? අපේ ලොකු මිනිස්සු වැඩ බෙදලා දෙන්න අකමැති වෙද්දී අනම් මනම් කියද්දී එච්චර වයස නැති අපේ ඒ කොල්ලා තමා කියන්නේ අරම කරපල්ලා මෙහෙම කරපල්ලා කියල. හැබැයි ඒ ඇතුලේ හැඟුණ ලෙන්ගතු කමක් එක්ක. වැඩේ නිට් නැති නම් බැනුම් තමා. තමන්ගේ පවුලේ ඇර වෙන පිට කෙනෙක්ට ආදරේ කරන වෙන කෙනෙක් අර දහ දෙනාට කියන්න කිව්ව්වොත් ඉස්සෙල්ලම කියන්නේ චුටි මාමා එහෙමත් නැතිනම් බාප්පා කියල තමා. අපේ දහ දෙනාගේ ආදරය තමා එකම නියම ශක්තිය. ගොඩක් මහා ලොකු දේවල් නැති උනාට අපි දහ දෙන අතරේ ලොකු බැඳීමක් තිබුණා කියලා නම් මම සහතික වෙනවා. යාන වාහන ඉඩම් කඩම් මිල මුදල් නැති තැන හැදෙන බැඳීම තමා නියමම බැඳීම. ඔය කිව්වේ සරලවම "අපේ ළමා සමාජේ" ගැනයි ඒකේ අනුශාශක තුමා ගැනයි.

මගේ අක්කා ඉස්කොලේදී දිමුතු. වෙන අයට නම් බේබි.. සමහරුන්ට සුදු බේබි.. තවත් අයට සුදු අක්කා. මට නම් නිකම්ම අක්කා. දැන් නම් නර්ස් කෙනෙක්.. අපේ පවුලේ වැඩිමල්ම සාමාජිකාව. ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ කුඩුවක් හදන්න පටන් ගත්ත. හ්ම්ම්ම්ම්ම් මතක් වෙද්දීත් දුකයි. ඒත් කරන්න දෙයක් නෑ. මතක් වෙනවා ඉස්සර රණ්ඩු කරපු හැටි. එයාට දිග කොණ්ඩයක් තිබුණා. ඕකෙන් ඇදල තමා ගහන්නේ. කොට කොණ්ඩයක් තිබුණ මට කිසිම හැඟීමක් නෑ කොන්ඩෙන් ඇද්දම කොච්චර සනීපද කියලා. එක දවසක් මගේ බොරුවක් නිසා ගොඩක් එයා ගොඩක් ගුටි කෑවා. තව දවසක් මම පොඩි කලේ මට අව්වයි කියලා තොප්පියක් ගෙන්න දුවපු අක්කා ආපහු ආවේ වැටිලා දිවත් කඩාගෙන. එයාගේ වැඩ වලට කේන්ති නොයන්නෙත් නෑ. පලවෙනි පඩිය ගත්ත දවසේ ඉඳන් අදටත් මට අලුත් අවුරුද්දටයි උපන්දිනේටයි මොනවා හරි එවනවා. ඒ කියන්නේ තාමත් මතකයි අමතක වෙන්නේ නෑ කියලනේ. කොහොම හරි උසස් පෙළ කරන්නයි සාමාන්‍ය පෙළයි ගොඩක් දේවල් වලට මම පාවිච්චි කලේ එයාගේ පොත්. එයා මම වෙනුවෙන් ඒවා පරිස්සම් කරලා තිබුණා. එයාගේ වැඩේ කර ගන්න ගමන්ම. මොන දේ කරත් ගෙදර ගැනත් හොයල බලනවා. අපි හිතුවේ බඳින අයියට දෙයියන්ගේම පිහිටයි කියලා. ඇයි දෙයියනේ නැගිටින්නෙත් පරක්කු වෙලා. පොඩ්ඩ ඇත්නම් නාහෙන් අඬනවා. පරිප්පුයි බතුයි කර නොකර උයාගන්න පුළුවන්. කොහොමින් කොහොම හරි එයා ඒකට හැඩ ගැහුනා. ඒ අපේ අක්කා ගැන. අමතක උනානේ මස්සිනා ගැන කියන්න. එයා චන්දන අයියා. නර්ස් කෙනෙක් හොඳේ.

මේ යාලුවොන්ට නිලුෂි. සමහරුන්ට ජින්ජි. තවත් සමහරුන්ට ලොකු... තවත් අයට ලොක්කා.. මට එයා ලොකු අක්කා. අපේ පවුලේ දෙවෙනි සාමාජිකාව. මේ පහුගිය මාසේ තිබුන විවාහ උත්සව රාශියක් පැවැත්වුන මැයි මාසේ 17 ත් වෙනිදා එයාත් යුග දිවියට එළඹුන. ඒ නිලන්ත අයියා එක්ක. පොලිසියේ වැඩ. මම හිතන්නේ පොඩ්ඩක් මාරු වෙලා වීමක් වෙලා. කොටින්ම කිව්වොත් කනට ඇහෙන්න කතා කරන්නේ නෑ ඒ අයියා.. අනේ ඒ තරම් අහිංසකයි. අප්පට සිරි. ඒකට අපේ එක්කෙනා. ඒකටත් එක්ක හරි යන්න මෙයා කෑ ගහනවා දෙවනත් වෙන්න. ඉස්ස්සර ඉඳන්ම පොඩ්ඩක් කලබලකාරී චරිතයක්. මොනවා නැතත් හොඳට රස කරලා කතා කියන්න නම් පුළුවන්. මම ඉස්සර හරි ආසයි එයා කැම්පස් එකේ ඉඳන් එන දවස් වලට එහෙ යන්න. රස කතා ගොඩයි.. ඒක නිසාම තමා මම කැම්පස් යන්න ආස උනෙත්. ඒ කතා කොච්චර රසද කිව්වොත් මතකද මේ කතාව...
" කත් පුමයාගේ පුතා නොහඬව, මස් වැද්දාගේ පුතා නොහඬව.. කෙල තොල්ලාගේ පුතා නොහඬව .."
මට වඩා බාල අයට නම් මතක නෑ. ඒත් ඔය ඉස්සර අපිට සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය පාඩමකට තිබුන කතාවක්. මට ඔය කතාව ඒ අක්කා කියද්දී මම 9 වසරේ. එදා ඒ අක්කා ඔය දෙබස් එක්කම කතාව මට කිව්වා. ඒ දෙබස් මට මතකයි අක්කට පින් සිද්ධ වෙන්න. ඒක නම් විභාගෙටත් උදව් උණා. එයාලගේ කැම්පස් එකේ මොනවා හරි ස්ටිකර් එකක් ගැහුවොත් අනිවා එයින් එක එක ගානේ මටත් දෙකක් තුනක් දෙනවමයි. කිසිම දවසක අපේ සමාජේ කවුරුවත් මගේ හිත රිද්දලා නම් නෑ. මත ගැටුම් ඇති වේවි. ...නේද ? මල්ලි , කියලා සමතයකට පත් වේවි.. ඔක්කොම දේවල් කරලා එකට හිටපු කෙනෙක් කොහේ හරි නවත්තලා දාලා එද්දී දුක වැඩි. මොකද මම එහේ යන්න කැමැති ඒ අක්කල තුන් දෙනාම ඉන්නවා නම් විතරයි. රස ගුලාවක්. මිහිරිතම හෝරාවල් රැසක්. ඒකයි... එයත් ගිය ඉරිදා ඉඳන් කුඩුවක පදිංචි උණා.

කෙල්ලෙක් හැදුවොත් දෙන්නම වෙනවා. ගෙදරට නාකි වේවි ඉන්න බෑනේ. කොහොම හරි එයත් ගියා. ඒ දෙන්නා ජිවිතේ පටන් ගන්නයි ගියේ. අපිට නවත්තන්න අයිතියක් නෑ. එහෙම නැවැත්තුව කියලා ඒකට සමාන සතුටක් දෙන්න බෑ. ගොඩක් අවවාද අනුශාශන මැද හැමෝගෙම ආශීර්වාදය මැද්දේ ඒ දෙන්නා ජිවිතේ පටන් ගත්තා. මට නම් තාමත් ඒ දවස් වල වගේමයි. පොඩි උන් වගේ ඉන්න තිබුණ නම් කොහොමද..? ඒත් ඉතින් මොනවා කරන්නද..? 17 වෙනිදා ලං වෙද්දී මහා යුද්ධයක්... ඔය දේවල් කරද්දී හිතුණා හාපෝයි හඳ පානේ ගියානම් එකක් කියලත්. ඒත් ඉතින් එහෙම පිටත් කරලත් කොහොමද..? කොහොමින් කොහොම හරි වැඩ ටික ඉවර කරලා හුස්මක් කටක් ගත්තා විතරයි. කට්ටිය අද ඇහුවත් එක්ක මොකද සුදාට උනේ කියලත්.. අක්කේ මගේ අතේ සල්ලි තිබුණ නම් පොඩි හරි දෙයක් මම දෙනවා. ඒත් ඉතින් දුප්පත් මම මොනවා කරන්නද..? මොනවා දුන්නත් නැතත් එදා ඉඳන් තිබුන ආදරේ අදටත් නොඅඩුවම දෙනවා. අයියටත් එක්කම. මොන ප්‍රශ්නේ ආවත් ඉවසන්න. මොකද ජිවිතේ නෙල්ලි ගෙඩියක්.. හපලා හපලා ඔක්කොම කටුක රස වින්දට පස්සේ තමා තියෙන්නේ මිහිරිම පැණි රස. ඒක නිසා පැමිණි දුක් පැණි රසයි කියල ජීවිතේට මුණ දෙන්න. ඕන දේකට අපි ඉන්නවා. ඔය දෙන්නටම. මගේ අක්කල දෙන්නටයි හම්බුණ දාහෙන් සම්පතක් උන මස්සිනා මහත්වරු දෙන්නටයි හැමෝන්ටම බුදු සරණයි... ඉක්මනටම කොල්ලෙක් කෙල්ලෙක් අරන් ආපහු එන්න කියලා විතරයි කියන්න තියෙන්නේ.. අර සින්දුවෙන්ම මම අදට නවතින්නම්...
ඉගිලිලා ගොසින් හදපු කුඩුවත් අරන්
නැවත එන්න පියඹලා දුවේ....


4 comments:

  1. ලොකු මස්සිනාලා දෙන්නා පොඩි මස්සිනාට හරි ආදරෙයි වගේ :D

    ReplyDelete
    Replies
    1. ආදරෙයි.. අක්කලා ගන්න කලින් ඊටත් වඩා ආදරෙයි..
      කොහොම උනත් එල කිරි මස්සිනාල දෙන්නෙක්

      Delete
  2. ගීතයේ පද මාලාව සම්පුර්ණයෙන් ම දාලා, ඔරිජිනල් සින්දුවට ලින්ක් එකකුත් දැම්මා නම් එල!! හරියට අස්වැන්න ලියන අපේ දයානන්ද රත්නායක අයියා වගේ..
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. හොඳ හොඳ සෙල්ලම් එලි වෙන යාමෙට වගේ... ඉස්සරහට එහෙම කරන්නම්කො...
      බොහෝම ස්තුතියි

      Delete

මේ ඒක නෙමේ තාමත් මට අත දුන්නේ නැතිනම් ෆොලෝ පාරකුත් දනවකෝ ඈ...
ආවාම කියෙව්වාම අහක බලන් යන්නේ නැතුව හිතට ආපු දේ කහටක් නැතුව කොටලම ගියා නම්
"ඔහෙලගේ හිතටත් නිදහසක්..........
....................මගේ හිතට ශක්තියක්" මොකෝ අමාරු දෙයක්යැ..
දාමු දාමු comment එකක් දාලම යමු

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...