මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Friday, August 1, 2014

ගීයකින් කෙසේ කියම් සිතුම් ලයේ...

ගිය බදාදත් සුපුරුදු විදියටම මුණුපොතේ රාජකාරියට හවස් වරුවේ වැඩ මුරේට වාර්තා කළා. හැබැයි චැට් එකට ආපු කොල්ලෙක් මැසේජ් එකක් එවනවා

"මචං මට call එකක් ගනින් හොඳ කොල්ලා වගේ...."
හදිස්සියක්ද දන්නේ නෑනේ. මාත් call
එකක් ගත්තා


"ටී.............න් ටී.............න්"
මට හලෝවත් කියන්න උනේ නෑ

" මචං සිකුරාදා මාතර ජනක සර්ට උපහාර උත්සවයක් තියෙනවා. ඒකට මචං සින්දුවක් හදල ඕනේ. මේ ලොකු ලොකු වචන දන්නා එපා. අර සියක් ආයු ලැබ වගේ ටයිප් එකට වගේ නම් එල. එහෙනම් පුළුවන්නේ. රෑට ලියලා එවහන් හොඳේ."
ඔක්කොම කිව්වම පස්සේ තමා මට කතා කරන්න හම්බුණේ

"මම ලියන්න බලන්නම්... "
ඔතනින් කතාබහ නම් ඉවරයි. ඒත් දෙයියනේ මේ හදිස්සියේ සින්දු ලියන්න මට පුළුවන්ය. මගේ හිත කිව්වා.. මමත් වැඩිය ගණන් නොගෙන් ඔහේ හිටිය. ඒ සැරේ ආයෙම චැට් එකට මැසේජ් එකක් එනවා

"මේ බන් උඹ අරක ලියන්නේ නැද්ද..?"
ඒ සැරේ තමා මටත් තේරුනේ. හොඳද නරකද මන්ද වචන ටිකක් එකතු කරලා chorous එකේ පද ටික චැට් එකේම යැව්වා.
සින්දුවේ තියෙන්නේ ඒ chorous එක නෙමේ. පොඩ්ඩක් වෙනස්. චැට් එකේම රිප්ලයි එනවා

අයියෝ බන් අපේ උන්ට "ඥානාලෝකය" කියන කෑල්ල කියව ගන්න බැරි වේවිද දන්නේ නෑනේ.. පොඩ්ඩක් "ඥානාලෝකය පතුරාලු පහන් ටැඹක් සේ" පේළිය අයින් කරලා වෙන එකක් දාපන්"
කොහොමින් කොහොම හරි මෙන්න මේ පද ටික ලිය උණා.

බොර දිය වතුරේ මහ මඩ වගුරේ
සුවඳ බෙදාලන සුදු නෙළුමක් සේ
අඳුර නැසූ නැණ මිණී පහනක් සේ
පින්බර ඇදුරිඳු ඔබයි මනු ලොවේ

කිරුළු දරන්නට රජුන් තනාලු
දිවි කතරේ ජය ටැඹ පෙන්වාලු
ගුණු සුවඳින් දු පුතුන් මවාලු
පියතුම ඔබ වේ ලොව සනහාලූ

අඳුරු ලොවට සඳ කිරණක් වූ සරු
සුමුදු සුවඳ මල් පෙන්වා ලොව තුරු
මතු දින දෙරණේ සවිය සැදු ගරු
පුදමි වඳිමි මා හද පේවී ගුරු

ඒත් ජීවිතේට හිතුනේ නෑ මෙහෙම අවස්ථාවක් ලැබේවි කියලා. කොහොම උනත් සින්දු නොවුණු පද රචනා හතරක් පහක් විතරක් තිබුණ මට සින්දුවක් ලියන්න ආරාධනාව කරපු මගේ මිත්‍ර ජයවර්ධනට ගොඩක්ම පිං

ජනක අබේවර්ධන සර්ට මේ ගීතය උත්තමාභිවන්දනවක්ම වේවා....!!

මොන දේ ලිව්වත් මට ආදරේ කරන ගෑණු ළමයට නොපෙනන ඉන්නේ නෑ. මොකද මම දන්නවා එයාගෙන් තමා හොඳම comment එක හම්බවෙන්නේ කියල. ළමයෙක්ද මන්ද..? මගේ හිටපු සිංහල ගුරුතුමිය නොහොත් මගේ අම්මා. එයා සැටිස් නම් තව දෙන්නෙකුට වගේ යවනවා. ඔන්ලයින් චැට් තියෙන්නේ නිකමටය නේද..? පුදුමේ කියන්නේ ඔය 3න් දෙනාම මේ සින්දුව වෙනුවෙන් කිසිම ප්‍රමාදයකින් තොරවම එක පාරටම කිව්වා අවුලක් නෑ ලස්සනයි කියලා. ඒ කියන්නේ වැඩේ ශේප්. කොහොම හරි මාරම කට්ටක් කාලා ඔය වචන සෙට් එක සිංදුවකුත් උණා. ඒක මම සින්දුව ලියන්න ගියා වගේ දහස් ගුණයක කට්ටක්. අද උදේම සින්දුව දෙන්න ඕනේ නිසා ඊයේ රෑ 2 වෙනකම්ම නිදිමරන් සින්දුව වෙනුවෙන් මහන්සි උණ සින්දුව කියපු ජවිඳු අයියටත් මියුසික් වැඩ වලින් මහන්සි උණ අංජන අයියටත් චමුපති අයියා රංගන අයියටත් ජයවර්ධන යසින්ත උඹල දෙන්නටත් ගොඩාක් ස්තුතියි.

කෙනෙක්ට පදයක් හදන එක ලේසි කියලද හිතාගෙන ඉන්නේ...?
ඒත් පද 12ක් හදන එක ඒ තරම් ලේසි නෑ. ඒ පද දොළහ සින්දුවක් කරන එක ඊටත් වඩා අමාරුයි. මම හිතන විදියට ජනක සර් වෙනුවෙන්ම විතරක් ලිය උණ මුල්ම සින්දුව මට ලියන්න ලැබුණ එකත් මම ලියපු වචන වලින් හැදුනු මුල්ම සින්දුව ජනක සර් වෙනුවෙන් වීමත් නම් මට කවදාවත් අමතක වෙන එකක් නෑ. ඒකයි මම ආපු ගමන්ම කිව්වේ...

"මම දන්නවා ඒක ලෝකේ තියෙන හොඳම සින්දුව නොවෙන්න බව......
ඒත් ඒක මට නම් කවදාවත් අමතක වෙන්නේ නැති වේවි... :)"

මුණු පොතෙන් like එකක් දානවට වඩා comment එකක් දාල හොඳයි කියනවට වඩා කෙනෙක්ගේ කටින් මගේ කනට තවත් කෙනෙක්ගේ අතින් මගේ අතට අත දීලා ලියපු සින්දුව හොඳයි කියල කියද්දී ඇහෙද්දී දැනෙන සතුට අද උපරිමෙන්ම වින්දා. සුදා මල්ලිව දන්න ගාල්ලේ කොල්ලෝ විතරක් නෙමේ හම්බන්තොටද මාතරද කියලවත් මම හරියට දන්නේ නැති අය ඇවිත් "සින්දුව නියමයි..... ගුඩ් ලක් මචං" මට හිතුණා මට දැනුණා සුදාගේ
සිතුවිල්ලක් අසාර්ථක වෙලා නෑ කියල.

ටික දෙනෙක් සින්දුව ගැන කියන්න කියපු නිසා මේ ටික ලියන්නම්
හැබැයි රසවත් වේවිද දන්නේ නෑ

මතකද සර්ගේ නිසදැසක් තියෙනවා
"කෑකැරුණු බොර දියට
සුපිපි නෙළුමක් ලෙසට
නුඹ හිමිය යම් දිනෙක
මේ විෂම ලෝකයට............."
ඔන්න ඕකේ තමා ආරම්භයක් ගන්න හිතුවේ. සර්නුත් අපි වගේම සමාජේ බොර දියේ මඩ වගුරේ ඉන්න කෙනෙක්ම තමා, ඒත් සර්ගේ වෙනස සර් ඒ මඩේ ඉඳන් මඩ ගඳ වලට එහා ගිය උතුම් සුවඳක් බෙදා ගෙන මඩේ නොගැවී ඉන්න කෙනෙක්. එහෙම නෑ කියලා කාටවත් කියන්න බෑ. නිකම්ම නිකන් පහනකටත් අදුර නසන්න පුළුවන්. ඒත් ඒ පහන මැණික් වලින් හදපු පහනක් නම් ඊට වඩා වටිනාකමක් එළියක් තියෙනවා නේද..? භෞතික විද්‍යාව දන්නා අයට ඕනේ නම් ආලෝක පරාවර්තනය වර්තනය අවධි කෝණය ගැන එහෙම හිතුවට වරදක් නෑ. අපි මැත්ස් කරපු අය විතරක් නෙමේ ගාල්ල මාතර හම්බන්තොට මැත්ස් බයෝ ආර්ට්ස් කොමර්ස් කරපු හැම දෙනාම දැන් දන්නවා ජනක සර් කියන්නේ මනුස්ස ලෝකෙට ඉපදුන පින්බර පින්වන්ත ගුරු උතුමෙක් බව. එහෙම අයට විතරයි මෙහෙම ආයාසයකින් තොරව පැසසුම් ප්‍රශංසා ලබන්නත් පුළුවන් වෙන්නේ..

සර් හැදුවේ නිකම්ම නිකන් ළමයි ටිකක් නෙමේ. අනාගතේ රට බාර ගන්න ඉන්න ඉංජිනේරුවෝ විතරක් නෙමේ නළුවෝ..... ඒ විතරකුත් නෙමේ රට බර ගන්න ඉන්න රජ පැටව් ටිකකුයි සර් හැදුවේ. ජිවිතේ දුෂ්කරයි.. ඒකයි කතරක් කියලා කිව්වේ ඒ කතරේදී ජය ටැඹක් කියන්නේ මොකද්ද කියල ආයේ අමුතුවෙන් මොනවා කියන්නද..? ඒකයි හැම ප්‍රශ්නෙකටම අපි සර් ගාවට දුවන් එන්නේ.. එතන තමා හොඳම විසදුම තියෙන්නේ. උගත් මෝඩයෙක් හදන එකට වඩා ගුණ සුවඳින් පිරි මිනිහෙක් හදන එක අමාරුයි. ලෝකයක් සනසවපු තාත්ත කෙනෙක් වගේ සර්නුත් ගුණ සුවඳින් පිරිච්ච ළමයි ටිකක් හැදුවා. ඒකයි සර්ගේ වෙනස

අඳුරු ලෝකයට ඕනෑම ආලෝක කිරණයක් කියන්නේ මාරම වටිනා දෙයක්. ඒ ඒ කිරණ දුර්වල උනොත් වැඩක් නෑ. ඉර එලිය සාරවත් උනත් අදික රස්නෙන් අපිව පිඩා කලොත් වැඩක් නෑ. ඒත් සාරවත් සිසිල් හඳ එලිය වගේ කරුණාවෙන් සර් අපිට අපේ කළුවර ලෝකෙට ආලෝකයක් උණා. ලෝකේ ඉහල අතු පතර වල තිබුණු සිහින සුමුදු සුවඳ මල් පෙන්නුවේ.... යථාර්තයක් කලේ සර්. වර්තමානයේ විතරක් නෙමේ. අනාගතෙත් ගරු කටයුතු ලෙස ශක්තිය සර් හදලා තිබ්බා. ඒකයි මම මගේ හදවත පිරිසිදු කර ගෙන පේ කර ගෙන ඒ ගුරු උතුමන්ව පුදන්නේ වඳින්නේ

සර් ගැන ආයේ අලුතින් කියන්න මට නම් මුකුත් නෑ. අඩුවක් පාඩුවක් තියේනම් comment එකකින් දන්වාවි කියලා හිතනවා

උත්තමාභිවන්දනා ජනක අබේවර්ධන ගුරු උපහාර උත්සවය මට ජිවිතේ හොඳම දවස උණා. මොකද අපේ සින්දුව විතරක්ම නෙමේ.... ඒකෙ තිබුණ මාතර කොල්ලෝ කෙල්ලොන්ගේ සංවිධාන ශක්තිය නැති නම් තවත් එක් උපහාරයක් විතරක්ම වෙන්න තිබ්බා. ආදරය ගුරු භක්තිය විනෝදය එකට එකතු කරපු උඹල හැමෝම වෙනුවෙන් සුදාගේ සිතුවලකින් මෙසේ ආචාර කර සිටින වගයි..
උඹලට ජය...!!
සර්ට තවත් චිරාත් කාලයක් නිදුක්ව නිරෝගිව දහස් සංඛ්‍යාත ගුණ සුවඳින් දූ පුතුන් මවන්නට වාසනාව ලැබේවා....!!

12 comments:

  1. ‍‍‍ඔ‍යා ‍ගො‍ඩක්‍ ‍සාර්‍ත‍ක‍යි ‍යා‍ලු. ‍මේ ‍‍ප‍ද ‍පේ‍ලි ‍ටි‍ක ‍ඔ‍යා‍ගෙ ‍සර්‍ගෙ ‍ඇස්‍ ‍ව‍ල‍ට ‍ස‍තු‍ටු ‍‍කඳුලු ‍ගෙ‍නෙ‍යි. ‍ඔ‍යා‍ට ‍ජ‍ය!!!!!!

    ReplyDelete
  2. පදමාලාව ගැන නම් කියන්න දෙයක් නැහැ. ඉහලින්ම සාර්ථකයි. ගේය කාවය ගුණය හොඳටම තියෙනවා. ගිත රචනයට අදාලව හොඳ දැනුමක් ලබාගෙන තවදුරටත් ලියන්න ගත්තොත් ඔබට කලා ලොව හොඳ ගමනකකට මුල පුරන්න පුළුවන්..

    මගේ සුබ පැතුම්

    ReplyDelete
  3. අපූරු පද ටිකක්!
    ජයෙන් ජය!

    ReplyDelete
  4. ඔබේ හැකියාවට සුභ පතනවා වගේ සර්ටත් දිගාසිරි පතනවා

    ReplyDelete
  5. ආගන්තුකයාගේ බ්ලොගය හරහා ඔබගේ අඩවියට ගොඩවිය ඔබ එහි දමා තිබූ කමෙන්‍ටුවක් දැක්කෙමි පුලුවන් නම් මේ සදහා ඔබගේ දායකත්වය ලබා දෙන්න
    http://alhelp.blogspot.com/2012/09/blog-post_25.html
    http://maheshslife-multiaxial.blogspot.com/2012/10/blog-post.html
    mea dekama kiyawabala tiranayak ganna

    obage kavi padha tika apuuruyi

    ReplyDelete
  6. ලස්සනයි යාළු ජයෙන් ජය................

    කළුවර හීනය___.

    ReplyDelete
  7. පද ටික නම් ජනක සර්ටම කියාපු ඒවා මල්ලී.. ඇත්ත මල්ලී ජනක සර් වගේ මනුස්සයෙක්ගෙන් අපි ඉගන් ගන්න පිං කරලා තියෙන්න ඕන..

    ජය වේවා..

    ReplyDelete
  8. මල්ලියේ සින්දුවේ රෙකොඩින් එකක් තියෙනවා ඒකත් දාන්නකෝ.. අපිටත් අහන්න.. ජය වේවා..
    හොඳ ගී පද රචකයෙක් වෙන්නට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  9. පද පෙලෙන් එන අරුත උපරිමයි ! ඔබේ දක්ශතාවයට ජය !

    ReplyDelete
  10. අපූරු උත්සාහයක්... තමන්ගේ හැකියාව ගැන විශ්වාසය තියා ගන්න... ජය !

    ReplyDelete
  11. ඔන්න් මාත් ආවෝ............ආයිත් එන්නෝ..........

    ReplyDelete
  12. ඔබට ජය!
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete

මේ ඒක නෙමේ තාමත් මට අත දුන්නේ නැතිනම් ෆොලෝ පාරකුත් දනවකෝ ඈ...
ආවාම කියෙව්වාම අහක බලන් යන්නේ නැතුව හිතට ආපු දේ කහටක් නැතුව කොටලම ගියා නම්
"ඔහෙලගේ හිතටත් නිදහසක්..........
....................මගේ හිතට ශක්තියක්" මොකෝ අමාරු දෙයක්යැ..
දාමු දාමු comment එකක් දාලම යමු

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...