මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Sunday, August 12, 2012

My Heart Will Go On......... :'(



 හිතන්න එපා සුදා මල්ලි බොළඳ වෙන්න යනවා කියලා. අපි හැමෝම බොළඳ වෙන අවස්ථාවක් කොයි වෙලාවේ හරි එනවා. මේ මට ඒක දැනුණු අවස්ථාවක්. ඊයේ රෑ. හදවතට කම්පනයක්, ඇහැට කඳුලක් එක් කරන්න තරම් සමත් වුණු නිර්මාණයක කතාව ගැන කතා කරන්නයි හිතුවේ. සුදාගේ සිතුවිල්ලකින් කවදාවත් චිත්‍රපටියක් ගැන කතා කරලා නෑ. ඒත් හිතට දැනුණු නිසා කතා කරන්න ඕනේ කියලා හිතුණා. "සිය රට දේ සිරි සැප දේ" කිව්වට ෆිල්ම් එක නම් හොලිවුඩ්. අවුරුදු ගානක්ම පරණයි. කොච්චර පරණද කිව්වොත් ඒක හදලා තියෙන්නේ 1997 දී. මම මුලින්ම බැලුවේ 7 වසරේදී. එදා සම්පුර්ණයෙන්ම බලන්න බැරි උණා අන්තිම වෙද්දී අක්කා දාපු ගෝරනාඩුව නිසා. එදා ඉඳන් හිතන් හිටියත් ආපහු බලන්න ඕනේ කියලා ආපහු බලන්න උනේ නම් ඊයේ රෑ. මේ දවස් වල වැඩි හරියක් කරන්නේ ෆිල්ම් බලන එක නිසා කොහොමින් කොහොම හරි ඊයේ යාලුවගෙන් හම්බුණ "පෙන්" එක ඇතුළේ අන්න ඒ ෆිල්ම් එකත් ගබඩා වෙලා තිබුණා. ඌට පින් දිදි බලන්න ගත්තා. එදා පොඩි කලේ දැනුණ හැඟීමම ආපහු ඊයෙත් දැනුණා. අති සාර්ථක නිර්මාණයක් මට හිතෙන විදියට නම්. අඬන්න ෆිල්ම් හදන්නේ බොලිවුඩ් වල කිව්වට ඒක බොරුවක් කරලා තියෙන්නේ හොලිවුඩ් වල අද්විතීය නිර්මාණ කරුවෙක්. ආදර කතා වලින් ලෝකයක් වසඟයට ගනිපු අධ්‍යක්ෂකවරයෙක්. නිර්මාණය කොච්චර සාර්ථකද කිව්වොත් ඔස්කාර් සම්මාන 11 ක් වගේම නිර්දේශිත නාම 3 කුත් ඒ ඔස්කාර් සම්මාන උළලේදී මේ ෆිල්ම් එක වෙනුවෙන් හම්බෙලා තියෙනවා. උඩ මාතෘකාව දැකපු ගමන් සමහරු නම් ෆිල්ම් එක මොකද්ද කියල අඳුර ගන්න ඇති. චිත්‍රපටිය
"ටයිටැනික් "

ඔක්කොන්ටම කලින් ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්.ජැක් ඩෝ(ව්)සන් ලෙස ලියනාඩෝ ඩි කැප්රියොත්, රෝස් ඩේවිට්(පස්සේ ඩෝ(ව්)සන්) ලෙස කෙට් වින්ස්ලට්නුත් සුපිරි රංගනයක යෙදෙද්දී ඒ අතරේ බිලී සේන්, ෆ්රාන්සස් ෆ්‍රීෂර්, වගේම ආදරණිය රෝස් ආච්චි අම්ම ලෙස ග්ලෝරිආ ස්ටුඅර්ට් ආදී දහස් සංඛ්‍යාත නළු නිලි කැලක් තමන්ගේ රංගන හැකියාවන් ෆිල්ම් එකට ලබාදෙද්දී ජේම්ස් කැමරන් කතාව ලියලා අධ්‍යක්ෂණය කරනවා. මිනිත්තු 194 ක කාලයක් තිස්සේ දිවෙන මේ ෆිල්ම් එක හදවතට දැනෙන්න සලස්වපු සංගීතය ජේම්ස් හොර්නර් අධ්‍යක්ෂණය කරලා. අවුරුදු ගණනාවක් එක දිගට අදටත් එදා වගේම ලෝකයක් ආදරය කරන විල් ජෙනින්ස් ලියපු Celine Dion ගායනා කරන "My Heart Will Go On.." ගීතය ඇතුලත් උනෙත් මේ චිත්‍රපටියට. ඩොලර් මිලියන 200 ක් වියදම් කරලා හදලා ඩොලර් බිලියන දෙකකට වැඩි අදායමක් ලබලත් අද වෙනකුත් ලෝකය අත් නොහරිපු මේ ෆිල්ම් එක මුලින්ම පෙන්නලා තියෙන්නේ 1997 නොවැම්බර් 1 වෙනිදා ටෝකියෝ ජාත්‍යන්තර චිතපට උළෙල සඳහායි . ඊට පස්සේ 1997 දෙසැම්බර් 19 වෙනිදා ඉඳන් අද වෙනකනුත් බිලියන දහස් ගණනක ආදරය ලබමින් ලෝකෙට ආදරය මේ යැයි කියල දීපු විශිෂ්ට නිර්මාණය "ටයිටැනික්" ගැන මිට වඩා තොරතුරු මෙතනින් ගන්නත් පුළුවන්....  
බලන්න ඕනේ නම් කොටන්න

මම හිතන්නේ නෑ ටයිටැනික් ෆිල්ම් එකේ කතාව නොදන්නා කවුරුවත් ඇතියි කියලා. ඒක නිසා කතාව නම් කියන්න කිසිම බලාපොරොත්තුවක් නෑ. සුදාට ජිවිතේ ගැන ආපු ටයිටැනික් සිතුවිල්ලේ තව පොඩි පොඩි සිතුවිලි ටිකක් කියනවා කියලයි හිතුවේ. ජිවිතේ ගැන ෆිල්ම් එකකින් ඉගෙන ගන්න එක මෝඩ කමක් උනාට අද්විතීය සංගීතයත් එක්ක ඒ දැකපු දර්ශන සුදාගේ හදවතට නම් කතා කලා. අනිත් අයට දිරවාවිද නම් දන්නේ නෑ.මේ ඒ පොඩි සිතුවිලි....

"නැව ගිලුනත් බෑන්ඩ් චුන්" කියන කතාව ලෝකෙට අවේ මේ ෆිල්ම් එකත් එක්ක. නැව දියත් වෙන වෙලාවේ ඉඳල නැව ගිලෙන අන්තිම මොහොත වෙනුවෙනුත් සංගීත කණ්ඩායම තමන්ගේ සේවය කරනවා. වතුර ගිලි ගිලි නැව දෙකඩ වෙද්දීත් ඔවුන් තමන්ගේ සේවය කරනවා.. ඒකයි කියන්නේ රාජකාරිය යනු දේවකාරියටත් වඩා ඉහලය කියලා. එහෙම කියලා මැරෙන්න නෙමේ. හැකි සෑම විටම නොසැලී නොබියව තමන්ගේ සේවය කරන්න. නැවේ කපිතාන්ට, නැවේ ප්‍රධාන ඉංජිනේරුවාට හැමෝන්ටම කලින් පලා යන්න හැකියාව තිබුනත් ඔවුන් නැව තුලම උවමනාවෙන්ම මිය යන්නේ තමන්ගෙන් සිදු උණා අතපසු වීම වැරැද්ද නිසා අහිංසක මගී ජනතාවට පත් වුණු විපත ගැන හිතලා. ලෝකේ එහෙම මිනිස්සු හරි අඩුයි. තමන්ව බේරලා බෝට්ටුවකට දාන්න කියලා රෝස් ගේ අතිනත ගන්න ඉන්න තරුණය(හොක්ලින්ක්ස්) නැවේ ඉහල ප්‍රධානියෙක්ගේ සාක්කුවට සල්ලි මිටියක් දැම්මත් කාන්තාවන් සහ දරුවන් පළමුව බේරා හැරිය යුතුය කියලා මතයේ ඉන්න එම නිලධාරිය ඒ සල්ලි වලින්ම ආපහු ගහන්නේ සල්ලි නෙමේ ජිවිතේ කියන එක ලෝකෙට කියන්න වෙන්න ඇතී. ජැක් සහ රෝස් නැවේ සාද වර්ග දෙකකට සහභාගී වෙනවා. එකක් ඉහල පන්තියේ සාදයක්. අනික තුන්වෙනි පන්තියේ මිනිස්සුන්ගේ සාදයක්.. සල්ලි කාර මිනිස්සුන්ගේ වැදගත්ය කියන මිනිස්සුන්ගේ පුහු අටෝප නිසා හැබෑ සතුට හැංගිලායි තියෙන්නේ. ඒත් තුන්වෙනි පන්තියට ගිය රෝස් ගේ තුලින් ඉස්මතු වෙන්නේ අර හැංගිලා තුබුණ සතුටමයි නේද..? කිසිම බාධාවක් නෑ. නටනවා ගයනවා. ඒත් ඉහල පැලැන්තියේ.....???
ඕකට අපේ ගායකයෙකුත් කියලා තියෙන්නේ
"පිදුරු සෙවි කල පැල්පතේ ඇති
සාමේ නැත මහා මන්දිරේ "

ආදරය.... වතුරට නොහේදුනු ආදරය... සීතලට ගල් නොගැහුණු ආදරය... නැවත් සමග යට නොවුණු ආදරය... සයුරේ හදවතට නොවිකුණු ආදරය.... ලෝකයක් ආදරය කල ටයිටැනික් ආදරය... රෝස් ගෙන් ජැක්ට ලැබුණු ආදරය... ජැක්ගෙන් රෝස්ට ලැබුණු ආදරය.. කොහොම කිව්වත් එකම එක ආදරයක් විතරයි. ෆිල්ම් ගණනාවක් බලල තිබුනත් හදවතට දැනුණු එකම ආදරයත් ඒක විතරමයි. දුප්පත්කම ආදරේට බාදාවක් නෙමේ.. මුහුදට පනින්න ගිය අනුන්ගේ ජිවිතයක් බේරන්න මුහුදට පනින්න ලෑස්ති වෙන්න නම් ඒ හදවත් කොච්චර ආදරයකින් පිරිලා තියෙන්න ඕනෙද...? ඒ ජිවිතේ තමන්ගේම කර ගන්න ලෝකේ තියෙන හැමදේම අතාරින්න ලේස්ති නම් ඒ ආදරය කොච්චර ලස්සන වෙන්න ඕනෙද...? මුහුදු වතුර පිරෙද්දීත් අඬන දරුවෙක් අතට ගන්න නම් ඒ ආදරය කොච්චර කරුණ බර වෙන්න ඕනෙද..? තමන්ට පහසුවෙන්ම අම්මා එක්ක බෝට්ටුවෙන් යන්න පුළුවන්කම තියෙද්දිත් තමාගේ ආදරය හොයා ගෙන ගිලෙන නැවක් ඇතුලට රිංගන්න නම් ඒ ආදරය කොච්චර නිර්භීත වෙන්න ඕනෙද...? පරිස්සමට යන්න බෝට්ටුවකට නැගලත් ආපහු ගිලෙන නැවට ගොඩ වෙලා ආදරය හොයාගෙන එන්න නම් ඒ ආදරය කොච්චර තමන්ගේ වෙලාද....? වතුර මිදෙන ජලයේ ලී කැල්ලක එල්ලිලා ඒ ලීය උඩ ආදරය තියාගෙන රැක ගන්න නම් ඒ ආදරය කොච්චර ආරක්ෂාකාරිද ..? තමන් වෙනුවෙන් තමන්ගේ බලාපොරොත්තු ඉටු කන්න පොරොන්දු වෙලා කැපවෙලා ඉන්න ආදරයක් ආදරේට කොච්චර ආදරේද...? තමන්ට, ආදරය තමන් සන්තකේටම කර ගන්න බැරි උනත් ආදරේ හීන ඉටු කරන්න මහන්සි වෙන ආදරේ කොච්චර උතුම්ද..? ෆොටෝ එකක්වත් නැතුව අවුරුදු ගානක් හිතේ ඇඳිලා තිබුණ ඒ රුපෙට ආදරය කරලා දරු පරපුරක් හදලා ආදරේ බලාපොරොත්තු ඉටු කරපු ආදරේ කොච්චර පිවිතුරුද...? ආදරය යනු ලඟින් තබා ගැනීමම නොවේ.....!!! ඊට එහාට මම මුකුත්ම කියන්නේ නෑ.
 

16 comments:

  1. ෂෝක් පෝස්ට් එක.තව ඒවා තියෙනවා වගේ හොද ලිපි.මං සුබපතනවා ඔයාට දිගටම ලින්න!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ධම්මික අයියේ

      Delete
  2. ආදරය...
    හිතේ තියෙන ලස්සන හැඟීමක්...

    ReplyDelete
    Replies
    1. කවුරුත් දකින්නේ නැති ගණන් ගන්නේ නැති comment කරන්නේ නැති මගේ සිතුවිල්ලකට ඇවිත් දාන පොඩි වචන දෙක තුන ගොඩක් වටිනෝ

      Delete
    2. හිහි..අපි හැමෝම බ්ලොග් ලියනවානේ..ඉතින් අපි ලියන දෙයක් කෙනෙක් කියවලා ඒ ගැන අදහසක් දෙන කොට හිතට පුදුම සන්තෝසයක් එනවානේ.. :)

      Delete
    3. අම්මපා ඇත්තමයි :)

      Delete
  3. අපි නෑනේ ඔය ලව් සීන් වලට :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මළ කෙලියයි
      උඹ වහන්සේගෙන් පසුව රජෙක් නැතෙයි.. :O

      Delete
  4. "මේ ඒක නෙමේ තාමත් මට අත දුන්නේ නැතිනම් ෆොලෝ පාරකුත් දනවකෝ ඈ..."

    …:) ඕන් දුන්න. උඩ තිබ්බ සින්දුව නම් මම හරි ආස එකක්.

    ReplyDelete
    Replies
    1. සෝයි අනේ.. තැන්ක්ස් සෝ මච්

      Delete
  5. ඕං එහෙනම් මාත් follow කරනවා

    ReplyDelete
    Replies
    1. පින් සිද්ද වෙච්චාවේ...!!

      Delete
  6. ඔන්න මාත් ආව.පස්සෙනුත් එන්නම් මීට පස්සේ.
    බොරු කියන්නේ මොකටද මම නම් ෆිල්ම් එකේ ආසම කොටස අර චිත්‍රෙ අඳින තැන.එතන ජැක් ගේ ඇස් ගින්දර වගේ,
    ඒ නිසාමයි ආස.


    ReplyDelete
    Replies
    1. ඇස් ගින්දර උනාට තියෙන නිවුණු ගතිය කොහොමද ආ
      මම නම් ආසම.. රෝස් පපුව ඉස්සරහට දාලා අර නම් ලිස්ට් එකක් ගන්න ආපු මනුස්සයා නම ඇහුවම "රෝස් ඩොව්සන්" කියලා නම කියන එකටයි රෝස් ලී දොර උඩ වාඩි වෙලා ජැක් වතුරේ ඉඳන් කතා කරද්දී දෙන පොරොන්දු ටිකටයි.. එන්න එන්න.. මාත් බලන් ඉන්නෝ..

      Delete
  7. මං ඔය ෆිල්ම් එකේ බලලා තියෙන්නේ ගිලෙන කොටස විතරයි බං.
    ඒ කාලේ වී.එච්.එස්නේ තිබ්බේ.
    අම්ම අපිට බලන්න දුන්නේ අන්තිම ටික විතරයි..
    ඒ ටිකත් ඉතිං පට්ට..

    ReplyDelete
    Replies
    1. අම්මා හොඳ වෙලාවට අන්තිම ටික විතරක් බලන්න දුන්නේ.. අන්තිනම් ඉතින් බඩුම තමා..
      ළඟ පාත හිටිය නම් ෆිල්ම් එක දෙන්නවත් තිබුණා.. එකත් කොහෙද..?
      comment කොරාට ඉස්තුතියි..

      Delete

මේ ඒක නෙමේ තාමත් මට අත දුන්නේ නැතිනම් ෆොලෝ පාරකුත් දනවකෝ ඈ...
ආවාම කියෙව්වාම අහක බලන් යන්නේ නැතුව හිතට ආපු දේ කහටක් නැතුව කොටලම ගියා නම්
"ඔහෙලගේ හිතටත් නිදහසක්..........
....................මගේ හිතට ශක්තියක්" මොකෝ අමාරු දෙයක්යැ..
දාමු දාමු comment එකක් දාලම යමු

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...