මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Thursday, August 9, 2012

සිත හඬයි... මා තනිවෙයි..... මා දවාලයි මේ සොකේ....



අනේ නංගියේ උඹට මේ මොකද්ද උනේ...? ඊයේ ඉඳන් මගේ හිතේ තිබුන ප්‍රශ්නේ. බ්‍රහස්පතින්දා, සිකුරාදා දවස් දෙකේම මුණු පොතේ හිටිය නැති මම හැන්දෑ යාමේ මුණු පොතේ ඇවිත් එබිලා බලද්දී පණිවිඩ 5 ක් දැක්කා. 

 
කවදාවත් මට ඔහොම ඇවිත් නැති නිසා හරිම අසාවෙන් උද ගෙන බැලුව.4 කම දන්නා කියන අයගෙන්. සිකුරාදා උදේ පන්ති යන විදිය ගැන කියලා. අනික් පණිවිඩේ ඇවිත් තිබුනේ කාගේදෝ හොර මුණු පොත් ගිණුමකින්. මට කවදාවත් එහෙම පණිවිඩ එන්නේ නැති නිසා පුදුමයක් එක්ක ඇරලා බැලුවම මම දෙලෝ රත් උණා. මේ ඒ පණිවිඩේ.

"mchn me 4tos sandage. ara sandamalige. f.b. prfil aka
tyene "Sandaa" andum natuwa kollonta 4tos yawanawa. athul ekak ganin.. patta baduva.
habi me 4tos apu bwa kyana epa.
eki bella ellan marewi. 4tos ewanawa kollon ta "

මට හිත ගන්න බැරි උණා. මම කාට කියන්නද..? මොනවා කරන්නද..? මම හොඳට දන්නා නංගි කෙනෙක් නිසා එයට කියන්නත් බෑ. ඒ ළමය මොකක් හරි කරගත්තොත්. මට උනත් කරන්න කියන්න දෙයක් හිත ගන්න බැරි උණා. එහෙම්මම මුණු පොතෙන් අයින් වෙලා නිදා ගන්න ගියා. වලත්ත හිතකින් නෙමේ. මම හොඳට දන්නා ඒ කෙල්ලට මොකද්ද උනේ කියලා. මතකද මම එක දවසකුත් කිව්වා මුණු පොතේ ඉන්න කාන්ත පාර්ශවය කතාබහ කරද්දී ෆොටෝ අප්ලෝඩ් කරද්දී මිට වඩා පරිස්සම් වෙන්න කියලා. මම කියපු එක දැකලද නැද්ද කියලා මම දන්නේ නෑ.ඒත් කොහොමහරි මම හොඳට දන්නවා එයාගේ ෆොටෝ එකක්වත් ඒ ගිණුමේ නෑ කියලා.එහෙම තියෙද්දිත් අර වගේ ෆොටෝ ටිකක් ආවම ඕන කෙනෙක් ටිකක් බය වෙනවනේ. මහලොකු දෙයක් නොතිබුනත් තිබුනේ ඇය අපහසුතාවයට පත්වෙන විධියේ ෆොටෝ ටිකක් බව නම් කියන්න පුළුවන්. කොහොමින් කොහොම හරි මම අද උදේම අර නංගිගෙන් ඕක ගැන ඇහුවම. සඳා තනිකරම අපහසුතාවයට පත් උණා.ඒත් කොහොමහරි සඳා වචන ගැට ගහ ගත්තා. කෙටියෙන් කිව්වොත් වෙලා තියෙන්නේ මේකයි.

ඒ නංගි කෙනෙක් එක්ක යාලුයි. එක සඳාගේ ගිණුමේත් දාලා තියෙනවා නමත් එක්කම. මමත් එක දන්නවා ඒ දවස්වලම. ඒ නංගිත් ඒ කෙනාට පණ ඇරලා ආදරෙයි. ඒ කොල්ලත් එහෙම්ම වෙන්න ඇති. ඒත් ඒ සම්බන්දේ නවත්තන්න උත්සහ ගන්න කිසියම් කෙනෙක් ඒ වගේ ෆොටෝ හදලා යාළුවොන්ට යවනවා කියලා තමා මට කිව්වේ.

"අනේ අයියේ පුළුවන් නම් අයියගේ යාලුවොන්ට මේ ගැන කියන්න"

කියලා කිව්වම අහක බලන්න බෑනේ.

"යාළුවනේ, ඒ නංගි ලස්සනයි. කෙටියෙන්ම කිව්වොත් පට්ටයි. ඒත් ඔය කියන විදියේ මෝල් අමාරුවකින් ඉන්න කෙනෙක් නම් නෙමේ. එක නිසා අතල් ගන්න උත්සහ ගන්න එක අර්ථ විරහිත දෙයක් වේවි. ඒ වගේම ඕක ගැන ඇගෙන් අහලා ඇයට ජීවතේ එපා කරවන්න එපා. මොකද දැනටමත් ඇය මාර අපහසුතාවයකින් ඉන්නේ ලෝකයට මුණ දෙන්න බැරුව. ඇයව තේරුම් ගන්න"
සඳා ගැන කියන්න ඕන දේවල් කිව්වා. මේ පස්සේ මට හිතුණ දේවල් ටිකක්.

ඕන කෙනෙක් කැමති නිරුවත දකින්න. (දැන් කියපියව් ඔය බොරු අපි එහෙම නෑ. සුදා දැන් වලත්ත වෙලා කියලා) චියා කියලා අහක බැලුවත් ආයේ ඇහේ කොනින් හොයන්නේ ඒ දේම තමා. ඔය එහෙම නෑ කියන අයට තියෙන්නේ ලෙඩක්. ඒකට නම් කරන්න දෙයක් නෑ. ඕක තාම සාමාන්‍ය මනුස්ස ස්වභාවය. ඒක තේරුම් ගත්තා මිනිස්සු ඒක වෙළඳ භාණ්ඩයක් කරගෙන. හොඳම උදාහරණය චිත්‍රපට කර්මාන්තය. තමන්ගේ අලෙවිකරණ කටයුත්තේ ඉඳන් නිර්මාණකරණයෙන් සම්භාව්‍ය ගණයට ඔසවා තැබීම තෙක් කිසියයම් කෙනෙක්ගේ (බොහෝ දුරට කාන්තාවකගේ) කෙස් ගහේ සිට දෙපතුලේ නිය පොත්ත තෙක් කැමරාව සැරිසරනවා. දිය රෙදි ඇඳන් නාන සිදුවීම්, දුහුල් සාරි ඇඳන් වැස්සේ තෙමෙන සිදුවීම්... ඒවයි ප්‍රතිපල. නිරුවතට මිනිස්සු අකමැති කියනවා නම් ලෝකේ පළවෙනි රස්සාව නිරුවතත් එක්ක බැඳිලා තියේවිද..?. ඒත් අපි බල්ලෝ බළලු නෙමේනේ. සදාචාර සම්පන්න ජාතියක එක පරම්පරාවක්. මේ යට ඇඳුම ඇඳන් මුහුදේ නාන ගෑනු අපේ රටේ නෑනේ. පිටරට වල හිටියට. දැන් නම් දෙරණේ ඉන්නවා. ඒක නවත්තන්න අපිට බෑ. ඒක නිසා ගණන් කරන ගැහැනියක් හැර වෙනත් කෙනෙක්ගේ නිරුවත් ෆොටෝ එකක් එලියට අවොත් ඒ කෙනාට කලන්තේ දාන්නේ ආයේ සිහිය එන්නම නෙමේ. ඒක නිසා දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන්න. 
 
තාක්ෂණයේ දියුණුවත් එක්ක ඔලු බද්ධ කිරීමි අධි සංවේදී කැමරා වගේ දේවල් නිසා කරන්න බැරි දෙයක් නෑ. ඔබ ඔය පට්ට බඩුවක් කියලා හිතන කෙනෙක් අහිංසක කෙල්ලෙක් නම්. මානසික ලෙඩ්ඩු ඇති. ඒත් ඉන්න හැමෝම ලෙඩ්ඩු නෙමේනේ. ඒක නිසා මොළෙන් කල්පනා කරලා තමන්ගේ ආත්ම ගරුත්වය වගේම අනිත් කෙනාගේ ආත්ම ගරුත්වය රකින්න උත්සහ ගන්න ගමන් ඔබේ සතුට ඔබේ ළඟ තිය ගන්න බල්ලෝ බළලු වෙන්නේ නැතිව.

සැලකිය යුතුයි.... පින්සිද්ධ වෙයි.... "ඔය කෙනා කවුද කියලා නම් අහල පණිවිඩ අහන්න එපා.....!!!".

16 comments:

  1. මානසික අසහනකාරයෝ හැම තැනම..

    ReplyDelete
    Replies
    1. ලංකා කේන්දරේ සිකුරු 7 ලු

      Delete
  2. හ්ම්ම්ම්.... ඔහොම කරන අයට අක්කෙක් නංගියෙක් අම්මේක් වත් නැතුව ඇති... ජරා සත්තු..

    ReplyDelete
    Replies
    1. ජන්මොප්පත්තියේ වැරද්දනේ.. ඕව හදන්න බා. මකලම දන්නා ඕනේ

      Delete
  3. Replies
    1. ඇත්තටම පව්.. ඊට පස්සේ ඔය මිනිහට තේරුම් කරලා දුන්න... ඒත් තේරුනාද නම් දන්නේ නෑ.... කොච්චර අවුලකින්ද ඉන්න ඇත්තේ

      Delete
  4. Replies
    1. ඒක බල්ලන්ට අපහාසයක්

      Delete
  5. හ්ම්ම්..මටත් ඔය වගේම සිද්ධියක් උනා ලඟදි..ලිපියකුත් ලියන්න උනා ඒ නිසාම....

    ReplyDelete
    Replies
    1. කොච්චර කිව්වත් තිරිසන්නු ඒ වැඩ නවත්තන්නේ නෑනේ..

      Delete
  6. තිරිසන් අදහස් කවදා වෙනස් වෙයිද???

    ReplyDelete
    Replies
    1. මාටියා අයියේ.... අනවශ්‍ය අවයව කපා ඉවත් කල දවසට

      Delete
  7. හෆ්ෆේ...මේ කතාවනම් සහතික ඇත්ත, ම්ම්ම්...මේ වගේ කෙල්ලෝ අමාරුවේ දාන එවුන්ටනම් මොකක් හරි අවුලක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. උප්පත්තියේ අවුල සිතු උප්පත්තියේ අවුල...

      Delete
  8. ගෑනු ළමයි බුකියට ෆොටෝ දාද්දි පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ.අනික ෆ්‍රෙන්ඩ් ලා විදිහට ඕනේ එකයි එපා එකයි දාගත්තම මල කරදරේ ගෑනු දරුවෝ පොඩ්ඩක්හිතලා බලලා වැඩ කරනවා නම් මේවගේ සිද්දි වෙන එක නැත්තටම නැති කරන්න බැරි උනත් අඩු කරන්න පුළුවන් වෙයි .

    ReplyDelete
  9. ඔව් ඉතින් එයාලගේ අතෙත් ලොකු වගකීමක් තියෙනෝ තමන්ගේ මෙව්වා එක තමන් රැක ගන්ට... නැතිනම් "මඩ" වදීවි..

    ReplyDelete

මේ ඒක නෙමේ තාමත් මට අත දුන්නේ නැතිනම් ෆොලෝ පාරකුත් දනවකෝ ඈ...
ආවාම කියෙව්වාම අහක බලන් යන්නේ නැතුව හිතට ආපු දේ කහටක් නැතුව කොටලම ගියා නම්
"ඔහෙලගේ හිතටත් නිදහසක්..........
....................මගේ හිතට ශක්තියක්" මොකෝ අමාරු දෙයක්යැ..
දාමු දාමු comment එකක් දාලම යමු

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...