ඔය ඔක්කොම ටික දැන ගන්න තිබ්බා මෙන්න මේවට ගියා නම්..
"භයානක කම කියන්නේ...? ලංකාව යුද්දෙකටවත් ලෑස්ති වෙනවද..? " අනික් හමුදාවේ
ප්‍රධානින් දෙස බැලු හමුදාපති යුරේන්ද්‍ර සිං ප්රතාපවත් හඬින්
මහාචාර්යවරයාගෙන් ඇසිය.
"දැන්ම නම් ඒක ගැන කියන්න බෑ.... ඒත් ඔවුන් යුද්දයක් කලත් අපිට ඒකෙන් දිනන්න බැරි වේවි...?? මොකද උන් අර කේන්දරෙටත් වඩා පිළිගනිපු බලගතු දෙයක් කරනවා. කේන්දරේටත් වඩා ඒ දේ නිසා තමා මිනිස්සු ඔච්චර දියුණු වෙන්නේ....."තත්වයේ ඇති බරපතලකම නිසා කිසිවෙක් සිනාසුනේ නැත. මුව සෙලෙව්වේද නැත.
"වේවැල්දෙණියේ සුමංගල හාමුදුරුවෝ රජයට බල කරලා ඉල්ලලා භාවනාව සමාජගත කරලා, උන්නාන්සේ මිනිස්සුන්ව කුලප්පු කරලා මේකට ඇබ්බැහි කලා.... සුද්දගේ අරක්කු වලට වඩා මේක බලගතුයි සර්... අවුරුදු 5හේ පොඩි උන්ගේ ඉඳන් පණ අදින මහල්ලා වෙනකම්ම භාවනා කරනවා.. කොල්ලෝ කෙල්ලෝ භාවනාව විතරක් නෙමේ.. යෝගත් කරනවා.. හැම තැනම උදේ පාන්දර දවස් පටන් ගන්නේ පැයක් විතර භාවනා කරලා... මේක නිසා මිනිස්සු නිරෝගී.. අනික් දේ තමා සර් හැමෝන්ගෙම හිත හරි ඉක්මනට එක අරමුණකට ගන්න පුළුවන්. ඒකනේ ඔය කණ්ඩායම් තරඟත් ලංකාවේ ඈයෝ දිනන්නේ. ඒ විතරක් නෙමේ... හොඳම හරිය මේක....." ඇස් ලොකු කරන් අහන් ඉන්න අගමැතිනියත් මුව අය අසා සිටින ජනාධිපතිතුමත් දෙස බලමින් මහාචාර්යවරයා කතා කළේය.
"දැන්ම නම් ඒක ගැන කියන්න බෑ.... ඒත් ඔවුන් යුද්දයක් කලත් අපිට ඒකෙන් දිනන්න බැරි වේවි...?? මොකද උන් අර කේන්දරෙටත් වඩා පිළිගනිපු බලගතු දෙයක් කරනවා. කේන්දරේටත් වඩා ඒ දේ නිසා තමා මිනිස්සු ඔච්චර දියුණු වෙන්නේ....."තත්වයේ ඇති බරපතලකම නිසා කිසිවෙක් සිනාසුනේ නැත. මුව සෙලෙව්වේද නැත.
"වේවැල්දෙණියේ සුමංගල හාමුදුරුවෝ රජයට බල කරලා ඉල්ලලා භාවනාව සමාජගත කරලා, උන්නාන්සේ මිනිස්සුන්ව කුලප්පු කරලා මේකට ඇබ්බැහි කලා.... සුද්දගේ අරක්කු වලට වඩා මේක බලගතුයි සර්... අවුරුදු 5හේ පොඩි උන්ගේ ඉඳන් පණ අදින මහල්ලා වෙනකම්ම භාවනා කරනවා.. කොල්ලෝ කෙල්ලෝ භාවනාව විතරක් නෙමේ.. යෝගත් කරනවා.. හැම තැනම උදේ පාන්දර දවස් පටන් ගන්නේ පැයක් විතර භාවනා කරලා... මේක නිසා මිනිස්සු නිරෝගී.. අනික් දේ තමා සර් හැමෝන්ගෙම හිත හරි ඉක්මනට එක අරමුණකට ගන්න පුළුවන්. ඒකනේ ඔය කණ්ඩායම් තරඟත් ලංකාවේ ඈයෝ දිනන්නේ. ඒ විතරක් නෙමේ... හොඳම හරිය මේක....." ඇස් ලොකු කරන් අහන් ඉන්න අගමැතිනියත් මුව අය අසා සිටින ජනාධිපතිතුමත් දෙස බලමින් මහාචාර්යවරයා කතා කළේය.
"අනිත් අයගේ හිත පාලනය කරන්නත් පුළුවන් උනාට පස්සේ අර හැමෝම වගේ අනුන්ගේ හිත කියවන්න මිනිස්සු පුරුදු උණා. කියවන්න බැරි මිනිස්සු තමන්ගේ රහස් දැන ගනී කියලා බයේ එකට එක කරන්න උනුත් භාවනා කරලා හිත දියුණු කර ගත්තා.. දියුණු කරපු හිතකට ඇතුළු වෙන්න අමාරුයි සර්... අපේ වගේ චංචල හිත් වලට ඇතුළු වෙන එක උන්ගේ අවුරුදු 10 පොඩි එකටත් මහා කජ්ජක් නෙමේ.." අතේ තිබු ලිපි ගොනුව පසෙකින් තබන ගමන් මහාචාර්ය වරයා පැවසුවේය.
"හිත් පාලනය කරන එක නම් භයානකයිනේ.. ඉතින් එහේ ජනාධිපති එහෙම මුලින්ම විරුද්ධ වෙලා නැද්ද..?" බැරෑරුම් මුහුණින් ඉන්දීය ජනාධිපති විමසුවේය.
.
"නෑ සර්.. මේ ක්‍රමය මුලින්ම කරලා තියෙන්නේ ජනාධිපතිතුමා. එතකොට බයක් වෙන්න දෙයක් නෑනේ. අනික සර් ඔය භාවනාවේ පොඩි පොඩි දේවල් ටිකක් ලැබුණාම තමා හිත් පාලනය කරන්න පුළුවන්.. තව දුරත් ඒක දිගටම භාවනා කරද්දී ඒ ආසාව නැති වෙලා යනවා..... හිත් පිරිසිදු වෙනවා.... හමුදාවේ විශේෂ බලකායක් හදලා ඒ අයට යුද්දෙදි ගන්න පුළුවන් ප්‍රයෝජන ගන්නවා. CID එක අනිත් එක... ඊට එහාට හිත් පාලනය කරන්න මිනිස්සු යන්නේ නෑ.. ඒත් සැක හිතුනොත් නම් හොයලා බලනවා.. අවුරුදු 20ක් 30ක් තමන්ගේ අරමුණකට දියුණු කරපු හිතක් ඇතිව යන අය ගැන තවත් මොන කතාද සර්.... දැන් ලංකාවේ උන් ආගම එක්ක වැඩියි.. ආගම් භේද නෑ.. ක්‍රිස්තියානි එකා පල්ලිත් යනවා.. පන්සලුත් යනවා.. බුද්ධාගම්කාරයත් ඒ වගේම තමා... උන් හැමෝම එකම විදියට හිතන්නේ.. දුප්පත් පෝසත් භේදේ නම් තියෙනවා.. ඒක නැති වෙන්නේ නෑනේ.... ඒත් උන් ඒක ගැන ගැන ඉරිසියා කරන්නේ නෑ. හිත් දියුණු නිසා ලැබෙන දෙයින් සෑහීමකට පත් වෙනවා.." ජනාධිපති තුමාට උත්තර දෙමින් මහාචාර්යවරයා කිවේය.
"මේ ප්‍රකාශ්... අපිටත් බැරිද ඔය ක්‍රමේ පොඩ්ඩක් ක්‍රියාත්මක කරලා බලන්න.. " අගමැතිනිය ජනාධිපති දෙස බලා ඇසුවේය.
"අම්මෝ යුද්ධයකද කියලා දෙගිඩියාවෙන් හිටියේ.. දැන් නම් ඉතින් කමක් නෑ... ඔව් ඔව් අපිත් මොකක් හරි කරන්න ඕනේ.." සැනසිලි දායක හැඟීමක් හිතට නංවා ගෙන මද සිනහවක් පා ජනාධිපතිතුමා කිවේය.
"ඔන්න ඔය ටික තමා අරුන්ගේ දියුණුවට හේතුව.. අපිටත් මොකක් හරි කරන්න බැරි වෙන එකක් නෑ.. මට අමතක උනානේ නිවාඩුව ගැන කියන්න... මම හිටියේ උදාරගේ පුතෙක් ලහ. මිනිහත් මහාචාර්ය කෙනෙක්. කැලණිය විශ්ව විද්‍යාලේ.. හරිම හොඳයි. මිනිහා තමා මට ඔය ඔක්කොම විස්තර කිව්වේ. ඒකනේ මට වැඩි දවසක් නොගියේ.. දැන් එහේ සුද්දෝ වැහි වැහැල.. ඇයි සර් උන් කියනවනේ මුන් සිංහලයෝද කියලා හිතා ගන්නවත් බැරිලු.. සම්පුර්ණෙන් වෙනස් වෙලාලු.. මටත් මාර විදියට සැලකුවා. හරියට එදා ඉඳන් දන්නා යාලුවෙක් වගේ.. අපි ගියා එහේ බලන්න රෙපයාර් කරපු සිගිරි රජ මාලිගාව.... මාර ලස්සනයි.... දළදා මාලිගාව.... අනුර්ධපුරේ ට්‍රිප් එකකුත් ගියා.. උන් කොච්චර දියුණු උනත් සම්ප්රදාය කඩලා නෑ සර්.. උන් සිරිපාදේ අදටත් යන්නේ අර එදා තිබුණු කැලේ මැද්දෙන්මයි.. ඔය තේ එක බොන්න.. නිවිලා යාවි.. පොඩ්ඩක් ඉන්නකෝ මම ගනිපු ෆොටෝ පෙන්නන්න.."
අල්මාරිය අසල තැබූ ලැප්ටොප් පරිගණකය ගැනීමට අනික් පසට හැරුණු මහාචාර්යවරයාගේ වෙනස් වීම කිසිවෙකුටත් ඇස නොගැටුනේය..මහාචාර්යවරයා මල මිනියක් මෙන් සුදුමැලි විය. ඇවිදින්නන් වාලේ ඇවිදින්නෙක් සේ දිස් විය. අත පය ඔහේ විසි විය. පරිගණකය මේසය මත තබා පිරිස් දෙස මලානික බැල්මක් හෙළිය.
"ඕක ඉක්මනට දානවකෝ ප්‍රකාශ්..." තවමත් ඔහුගේ වෙනසක් නොදුටු අගමැතිනිය කලබලයෙන් පැවසුවේය.
නැවතත් මලානික බැල්මක් ඉදිරියට හෙලු මහාචාර්ය වරයා. . "මම මේ ඔක්කොම හොයා ගත්තා.. ඔවුන් මට සැලකුවා තමන්ගේ එකෙක්ට වගේ.. ඒත් මම උන්ට ද්‍රෝහී උණා.. අනේ මට සමාවෙන්න මට මේක නොකර ඉන්න විදියක් නෑ.... මටත් උන්ට යටත් .........." කියන්නට තැනු දේ කියන්නට ඉඩ ලැබුනේ නැත.
නැවතත් මලානික බැල්මක් ඉදිරියට හෙලු මහාචාර්ය වරයා. . "මම මේ ඔක්කොම හොයා ගත්තා.. ඔවුන් මට සැලකුවා තමන්ගේ එකෙක්ට වගේ.. ඒත් මම උන්ට ද්‍රෝහී උණා.. අනේ මට සමාවෙන්න මට මේක නොකර ඉන්න විදියක් නෑ.... මටත් උන්ට යටත් .........." කියන්නට තැනු දේ කියන්නට ඉඩ ලැබුනේ නැත.
ඔහුට පමණක් නොව
කිසිවෙකුට කිසිවක් කියන්නට හැකියාවක් ලැබුනේ නැත. මහාචාර්යවරයා තම බෑගය මත
තිබු සුරතෙහි මහපට ඇඟිල්ල අසලම වූ බොත්තම තද කළේය..
...................................................................................................................................................................
"ඉන්දීය ජනපති ඇතුළු මහ මොළ රැසක් මරුට... " " ඉන්දීය ජනාධිපති ඇතුළු ප්‍රභූ පිරිසක් ඉලක්ක කල ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකා රජය තරයේ හෙලා දකි....." පසු දින පුවත් පත් බලමින් සිටි උදාරගේ පුත් පුර්ණගේ නෙත ගැටුනේය.
" අනුන්ගේ කිල්ලෝට වල හුණු බලන්න එනවට ඕවා හොඳ පාඩම්.... " පුර්ණ තොල් මැතිරුවේය. ඒත් සමගම අල්ලපු ගෙදර ක්‍රියාත්මක කර තිබු ගුවන් විදුලි යන්ත්‍රයේ හඬ පුර්ණට ඇසුණේය...
"ඔබ හට අත පොවනට උන් මුන් හට
ඉඩ තොතබමු ලංකා.......
අවහොත් මෙහි උන් ලුහු බඳවා
ගොළු මුහුදේ ඔබමු ලංකා....
දිය ගොඩ අහසේ සැම තැන ඔබගේ
නම කියවමු ලංකා.....
අවසාන ඔබ හට පොහොරව මේ කය
මෙහිම හොවමු ලංකා......"
ලංකා..... ලංකා......
හොඳ නරක... අඩු පාඩු..... තියේ නම් කියලා යන්න.. මොකද ඒක තමා සහෝදරත්වය.
සැ. යු :- මේ කතාව මගේම කතාව වුනත් මේකේ පදනම මට යාලුවෙක් කියපු කතාවක් ආශ්රයෙන් මමම ගොඩ නැගුවක්. යාලුවත් ඒ කතාව කියවලා තිබුනේ පොතකින්. ඒත් ඒ පොතේ නමවත් කතුවරයාගේ නමවත් මතක නැති එක ලොකු පාඩුවක්.. ඒ ගැන සමා වෙන්න.
එළ කතාව. කිසි අවුලක්, අඩු පාඩුවක් නෑ. ඇත්තටම හිත කියවන්න පුළුවන් උනානම් නියමයි ඈ..
ReplyDeleteසිංගර් එකේ නම් ඉන්නවා ගැනුන්ගේ හිත් කියවන්න පුළුවන් කොල්ලෙක්.. එල නේ.. කොල්ලෝ එතකොට අහපු ගමන් දන්නවා කෙල්ල කැමතිද නැද්ද කියලා..?
Deleteඑහෙමනේ හිතුවේ.. ? :D :D :D
දාපු ගමන් දුවන් ආවට ගොඩක් ස්තුතියි.....
එල එල මචං..
ReplyDeleteපට්ට...
අන්ඩර් කවර් ආපු එකාව අන්ඩර් කවර්ම යවල නේ ලංකාවේ උං??
ඔය මොනවා වෙනස් උනත් සම්ප්රදාය වෙනස් කොලේ නෑ කිව්වේ ඒකනේ බන්.. :) තේරුනාද කොලු පැටියට.. :P
Deleteආවට ස්තුතියි බන්
අදයි කියවන්න ආවේ.. අන්තිම කොටස කියෙව්වෙ.. කතාව හොදයි.. මුල ඉදන් කියවන්නම්.. එල කිරි!
ReplyDeleteආවට බොහොම ස්තුතියි. කියවලම එන්ටකෝ..... :)
Deleteහොඳ කතාවක් මල්ලි.. ජය වේවා.. :D
ReplyDeleteඅනේ.. ඔය ඇත්තමද..? මට හරි සතුටුයි අෆ්ෆා
Deleteසාර්ථකයි ගොඩ නගපු විදිහ වගේම කතාවේ තේමාවටත් මම බොහොම කැමතියි ජය ...................:D
ReplyDeleteබොහොම ස්තුතියි.. ඒත් ඔය ගෞරවය මට විතරක්ම නෙමේ...මෙන්න මෙයාටත් ලැබිය යුතුයි.. " මේ කතාව මගේම කතාව වුනත් මේකේ පදනම මට යාලුවෙක් කියපු කතාවක් ආශ්රයෙන් මමම ගොඩ නැගුවක්. යාලුවත් ඒ කතාව කියවලා තිබුනේ පොතකින්. ඒත් ඒ පොතේ නමවත් කතුවරයාගේ නමවත් මතක නැති එක ලොකු පාඩුවක්.. ඒ ගැන සමා වෙන්න. " :)
Deleteනියම කතාව. ඇත්තටම නිර්මාණාත්මකයි. අන්තිම ටික කියවනකම් කුතුහලය දිගටම තිබුනා. සුබපැතුම් යාළුවා. ජය...!
ReplyDeleteමොනවා කියන්නද කියලා හිත ගන්න බෑ... බොහොම බොහොම ස්තුතියි. :)
Deleteඑල මචන්. සිරා. (Y)
ReplyDeleteතැන්ක්ස් මචන් :)
Deleteලස්සනට ලියලා තියෙනවා
ReplyDeleteතව තවත් ලියන්න සුහ පතනවා..!
බොහොම ස්තුතියි. :)
Deleteonna mamath me paththata ada tama mulinma awe........asawen kiyewwa ayya me kathawa.......onna dannam digatama ayyage post kiyawanna ennamko hode....... :)
ReplyDeleteපැමිණීම සාදරයෙන් පිලි ගන්නවා විතරක්ම නෙමේ.. ඇවිත් හොඳ නරක කියලා යාවි කියලත් බලාපොරොත්තු වෙනවා හොඳේ.. :)
Deleteaniwaryenma ayya. :)
Deleteපට්ට මචන් සුදා මල්ලි .....!
ReplyDeleteකුතුහලේ හතර අතේ තිබ්බ නිසා කතාව තව සිරා
ඉන්දියන් කාරයොන්ට කුඩු වෙන්න දෙන්න ඕනේ ;)
නැතුව.. උන්ව කුඩේ කුඩු කරන්න ඕනේ.. පූර්ණ කලා වගේ.
Deleteමඩයියේ ඔහෙට බොහොම ස්තුතියි ඈ... :D
Wow!!!... creative... We want a technologically and spiritually developed nation..
ReplyDeleteyep.. Agree... when we won everytimes in past, we had a good spiritual energy.. But we havent it now.. atleast can we manage our feelings..? Thanks soo much ayiya.
Deleteසෑමාට සාමය හා සතුට.....!!!
ReplyDeleteවෙලාවට දෙක තිබ්බෙ නැත්නම් සොරි
ReplyDeleteඅපෝ ඔව් දෙක නැතුව මුකුත් කරන්න බෑනේ..
Deleteමේ විදිහටම අර අපිටම කෙලින්න ඉන්න බටහිර අධිරාජ්‍යවාදීන්ටත් ගේමක් දුන්න නම් එල . . හික් හික් හික් . ..
ReplyDeleteහොඳ ලිවීමේ හැකියාවක් තියෙන බව පේනවා . .. අලුත් අලුත් හොඳ නිර්මාන ඉදිරියට කරන්න කියා ඉල්ලා සිටින්න කැමතියි මල්ලී (පුතා . .:D )
දෙමු දෙමු...හැකියාව ගැන දෙනම තක්සේරුවක් දෙන්න ඉක්මන් වෙන්න එපා.. :) ඕකට අපේ අම්මගෙනුත් උදව් ගත්තා
Deleteබොහොම ස්තුතියි අයියා.. (මම විරුල්ට පුතා කියන්නම්) :D :D
හොඳ නිර්මානයක් කොටස් සේරම ආයෙම එකතු කරලා නැවත ලියන්න.හැබැයි පරන ලිපිය නොබලා
ReplyDeleteඒ කිව්වේ...?
Deleteකොටස් සියල්ලම කියෙව්වා... අපූරු අලුත්ම සංකල්පයක්... හැබෑටම මේ විදියට පාලන තන්ත්රය වෙනස් කරන්න පුලුවන් උනොත් ලංකාව දියුණු වෙන එක නවත්තන්න බෑ... ඒ උනාට වර්තමානෙ එය සිහිනයක් පමණයි...
ReplyDeleteපෝස්ටුව අපූරුයි... ජය!
බොහොම ස්තුතියි අයියා.... ඒත් ඕවා කවදා කෙරේවිද දන්නවද..?
Delete