මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Wednesday, August 22, 2012

නොබෙල් කේන්දරේ (2)


'' ඔව්... ඔව්... මට මතකයි, ඉතින් දැන් මොකද වෙලා තියෙන්නේ.." 
ජනාධිපතිතුමාගේ ඉක්මන් හඬ එතුමාගේ නොඉවසිලිමත් භාවය මොනවට පැහැදිලි කළේය.

කියෙව්වේ නැතිනම් ඉක්මනට ගිහින් කියවල එන්න.. දෙක තිබුනට එක නැතිනම් වැඩක් නෑනේ.. නෙහ්....? 
ඔන්න එහෙනම් යමු.... 

"පොඩ්ඩක් ඉන්න සර්, ඔය අතරේදී තමා මට මාස 6කටත් කලින් සප්ත වාර්ෂික නිවාඩුව දීලා මේ වැඩේ ගැන කතා බහ කරලා ලංකාවට යැව්වේ. මම මේ ආවේ මගේ නිවාඩුවෙන් භාගයකින් පස්සේ.. මොකද මම හොයා ගත්තා ඇයි ලංකාව මෙච්චර ඉක්මනට දියුණු උණේ කියලා. ඉතින් තවත් එහේ ඉන්න එක තේරුමක් නෑනේ. ඒත් සර් උන් ඒ ක්‍රමෙන් අවුරුදු ගානක් තිස්සේ භාරත මාතාවගේ වාසනාවට බිහි කරපු කපිල් දේව්ලා රාහුමන්ලා ලතා මන්ජෙශ්කාර්ල විතරක් නෙමේ රවින්ද්‍රනාත් තාගෝර්.. රවී සංකර්ලා වගේ ලෝකේ වෙනස් කරපු මිනිස්සු ලංකාවේ පිරිලා. ඉස්සර හිටිය වල් බුත දේශපාලනඥයෝ එහේ නෑ සර්. අපේ නේරු ගාන්ධි වගේ නායකයෝ තමා එහේ ඉන්න ඔක්කොම නායකයෝ.. කා කොටා ගැනිලි පාතාල ප්‍රහාර එහේ නෑ සර්. ස්ට්‍රයික් උද්ඝෝෂණ ඔය මුකුත්ම නෑ. හැමෝම කැපවෙලා වැඩ කරනවා. හරියට ජපානේ මිනිස්සු වගේ.. ඔවුන් ලංකාව දියුණු කරවනවා. උන් හැම අතින්ම අපිට වඩා සැහෙන්න ඉස්සරහින් ඉන්නේ.. අපිට ඉස්සරහට ඔයිට වඩා දේවල් අහන්න ලැබේවි සර්."  මහාචාර්යතුමාගේ හඬේහි කලින් වූ ප්‍රතාපවත් ගති නැත. ඔහේ කියවාගෙන ගියේය.
 
"ඉතින් ප්‍රකාශ්.... දැන්වත් කියනවකෝ ඔය ක්‍රමේ මොකද්ද කියල...?" ජනාධිපතිතුමාට ප්‍රශ්න ගොඩක සිර වී ඇති බවක් හැඟී ගියේය.

"මේකයි සර්.. ඇත්තටම කිව්වොත් මේක අපේම ඉන්දියානු දෙයක්. ඒත් ලංකාව කලේ ඒකෙ තිබුන වටිනාකමින් ප්‍රයෝජන ගත්තා. අනම් එක්ක අපි ඒක අත ඇරියා.. ඒ තමයි සර් කේන්දරේ...."


කාමරය තුල හුන් සියල්ලෝම "කේන්දරේ.." කියමින් මුමුන්නට විය.
ඇත්ත මොකක් දැයි කිසිත් නොදන්නා ඔයුන්ගේ මිමිණිම ගණන් නොගත් ප්‍රකාශ් දිගටම කියවන්නේය. අවට පරිසරයද වැහිබරය. මහාචාර්යවරයාගේ මුහුනද වැහිබර අහසක් මෙන් කිසිදු හැඟීමක් නැත්තේය.

"මේක පටන් ගන්නේ 2080 දී විතර ලංකාවේ හිටිය උදාර සුදසිංහ කියන මහාචාර්යවරයා. උදාර ඉන්දියාවට ඇවිත් අවුරුදු 10ක් ජෝතිෂ්‍යය ඉගෙන ගන්නවා. අපේ නම් එක ගුරු කුලෙකින් ඉගෙන ගත්තොත් ආයේ වෙන කාවවත් ගාවට යන්නේ නෑනේ. ඒ උනාට මේ මනුස්සයා ඉන්දියාවේ තිබුණ හැම ගුරු කුලේකටම ගිහින් ජෝතිෂ්‍යය ඉගෙනගෙන තියෙනවා. ඔහුගේ කපටිකම කොච්චරද කියනවා නම් ඒ හැම ආචර්යවරයෙක්ම හිතලා තියෙන්නේ මෙයා මුලින්ම ඉගෙන ගන්නේ මගෙන් කියල..  අවුරුදු 10 අවසාන වෙද්දී ලංකාවට ගිහින් අර හැම ගුරු කුලේම ඉගෙනගනිපු දේවල් ගැන හොයල බලලා වඩා නිවැරදි ජෝතිෂ්‍යයක් උදාර හදාගෙන තියෙනවා.. "
අතට ගත් ලිපි ගොනුව පෙරලමින් මහාචාර්යතුමා කියවා ගෙන ගියේය.

 "ජෝතිෂ්‍යයක් කොහොමද සර් රටක් දියුණු කලේ..?" සරදම් සිනාවකින් ප්‍රකාශ් දෙස බැලු රාජේශ් පැවසිය.

"අන්න ඒක තමා මමත් කියන්නේ... අර නිවැරදි කියලා උදාර හදාගනිපු ජෝතිෂ්‍යය ලංකාවේ හිටිය දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවෝ පිරිසක් එකතුවෙලා උපන් වෙලාව දුන්නම 100% ක්ම නිවැරදි කේන්දරයක් බලාගන්න පුළුවන් software එකක් හදලා රජයට බාර දෙනවා. ඔවුන්ගේ රහසිගතභාවය කියන්නේ. ඉගෙන ගෙන ආපු උදාර විස්තර ටික දෙනකන් ඉංජිනේරුවෝ දන්නේ නෑ මෙහෙම දෙයක් ගැන.. ඒ අය හිතලා තියෙන්නේ කලින් හැදුවා වගේ සාමාන්‍ය වැඩක් කියලා.. ඒත් ඒ අයට මේකේ වගකීම පහදලා දුන්නම එයාලත් උදාර වගේම රහසේ වැඩේ කරලා."



රාජේශ් නාදන් බිම බලා ගෙන අසා සිටියේය.. රාජේශ්, තමාට වඩා උදාර කොච්චර බුද්ධිමත් දැයි සිතෙන්නට ඇතියි රාජේශ් දෙස් බැලු ජනාධිපතිතුමා නිහඩවම සිතුවේය.

මේ කතාව ඉවර උනාම අපිටත් මේක ක්‍රියාත්මක කරන්න විදියක් හදන්න යෝජනා කරන්න ඕනෙයි අගමැතිනිය ජනාධිපතිතුමාගේ කනට කෙඳිරිය.
තාමත් ප්‍රකාශ්ගේ කතාව නැවතී නැත.

"ලංකාව වටේ තියෙන ඉස්පිරිතාල වලට අර software එක දීලා දරු උපතක් වෙන වෙලාවට හරියටම නියම වෙලාව බලලා ඒ වෙලාවට දරුවාගේ කේන්දරේ හදනවා. ඉස්සර වගේ මාස ගානක් ගිහින් නෙමේ කේන්දරේ හදන්නේ. උප්පැන්න සහතිකේටත් කලින් තමා ලංකාවේ කේන්දරේ හදන්නේ. අර කේන්දරෙන් දරුවාගේ අනාගතය මොන වගේද කියල බලලා දරුවාගේ අනාගතේට හරි යන්න පසුබිම හදලා දරුවා ගැන සැලකිල්ලෙන් ඉන්නවා. අම්මල තාත්තල
අකමැතිත් නෑ.. ලංකාවේ මිනිස්සු කේන්දරේ ගැන පුදුම විදියට විස්වාස කරනවනේ.. ඒක නිසා දරුවට හොඳක් වේවි කියලා ඒ මිනිස්සුත් රජය කියන විදියට වඩා කරනවා.. ඔය වැඩේ වෙන්නේ මෙහෙමයි සර් " මහාචාර්යවරයා වතුර ටිකක් උගුරට හලා ගත්තේය.
"දැන් අපි හිතමු දරුවාගේ කේන්දරෙන් පෙන්නනවා දරුවා අනාගතේ ව්‍යාපාරිකයෙක් වෙනවා කියලා. ඒත් ඒ දරුවා ඉන්නේ දුප්පත් තැනක. ඒ දරුවට අවුරුදු 10 ඉඳලම රජයෙන් ව්‍යාපාර ගැන දැනුම දෙන්න සම්මන්ත්‍රණ වලට.... ප්‍රදර්ශන වලට..... සමුළු වලට.... සහභාගී කරවනවා... අතට සල්ලි දීලා ඒක කළමනාකරණය කරන හැටි උගන්නනවා. ලංකා රජ මගින් කරන ව්‍යාපාර වල පුහුණුවක් ලබා දෙනවා.. ව්‍යාපාර වලට ඕනේ කරන දැනුම ලබා දෙනවා..  ඉතින් සර් ඕවා ඔහොම වෙද්දී හැදෙන තරුණයා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.. ඔන්න ඔය වගේ ඉතින් ඔබතුමා හිතන්න අවුරුදු 10 ඉඳන්ම ඔය විදියට තමන්ගේ අනාගතේට වැඩ පිළිවෙලක් තියෙද්දී රටක් දියුණු නොවී තියේවිද...? ඔය කේන්දරෙත් එක්කම ලංකාවේ හිටියා ඔබතුමාගේ පියත් එක්ක සමීප සම්බන්දතාවක් තිබ්බ වේවැල්දෙණියේ සුමංගල හාමුදුරුවෝ මතකද...? උන්නාන්සේ තවත් දෙයක් ඔය වැඩ පිළිවෙලට අඳුන්වලා දෙනවා. අන්න ඒක තාම සර් භයානකම...."  

මහාචාර්යතුමාගෙන් ඇස් නලළේය. එහි ඇති භයානකකමට දෝ යටි තොලට දැමු හින් දාඩිය ටිෂු කොලයක් උරා ගත්තේය.

අන්න ඒ භයානකම දේ අහන්න අනිවාර්යයෙන්ම අන්තිම කොටසත් බලන්න එන්න.

අඩු පාඩු තියේ නම් කියලා යන්න.. මොකද ඒක තමා සහෝදරත්වය.

සැ. යු :- මේ කතාව මගේම කතාව වුනත් මේකේ පදනම මට යාලුවෙක් කියපු කතාවක් ආශ්‍රයෙන් මමම ගොඩ නැගුවක්. යාලුවත් ඒ කතාව කියවලා තිබුනේ පොතකින්. ඒත් ඒ පොතේ නමවත් කතුවරයාගේ නමවත් මතක නැති එක ලොකු පාඩුවක්.. ඒ ගැන සමා වෙන්න.


 


21 comments:

  1. අඩේ.. මටත් කේන්දරයක් තිබුනා නම් කලින් බලා ගන්නවා නේ කැම්පස් ගියාට ඩිග්‍රිය ලැබෙන්නේ නෑ කියලා!! අපරාදේ අවුරුදු 13ක් ඉස්කෝලෙයි, තව අවුරුද්දක් ගෙදරයි, තවත් අවුරුද්දක් කැම්පස් එකෙයි චාටර් වුනේ!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ... කලින් call එකක් දුන්න නම් හදල තියන්න කියල කියන්නවත් තිබ්බා. ලොකු ඉංජිනේරු මහත්තයෙක් වෙලා එද්දී ඔය කතා කියන එකක් නෑ..
      මේ පැත්තට ආවට බොහොම ස්තුතියි.

      Delete
  2. කේන්දර විද්‍ය ප්‍රබන්ධයක් ඒකත් නරක නෑ බලමුකෝ ඉතූරැ ටිකත්.

    ReplyDelete
    Replies
    1. බලමු බලමු අටම් අයියේ..
      හද පිරි ස්තුතිය........... ආවට මේ පැත්තට......

      Delete
  3. විද්‍යා ප්‍රභන්ධ...
    මරු මරු මරු...
    එල ඈ...
    මචං ජෝතිශ්‍ය ඉන්දියාවේ නෙමේ කියලා මතකයක් තීනවා..
    (ඇත්ත කියන්න බයයි.. මීවනපලානයන්ට වගේ මටත් රාවන විරෝධීන් නෙලුවොත්හෙම..)

    ReplyDelete
    Replies
    1. අනේ තරියෝ.. ඒක නම් මමත් හරියටම දන්නේ නෑ.. ඒත් ඔය වේද තියෙන්නේ එකේ නිසා.. මම අනුමාන කරලා ලිව්වා.. කවුද ඩෝ තරියට ගහන්නේ... මම නෙළුවේ සුදා.. :P හික්ස්
      තැන්කු තැන්කු

      Delete
  4. කේන්දර ගැන මගේ තියෙන විශ්වාසය අතරමැදි එකක්. බලමුකෝ නේද ඉතුරු ටිකත් කියවලා. ජය...!

    ReplyDelete
    Replies
    1. අන්තය ලඟ රැඳී නැතිව
      මැද පාරෙන් ගමන් යන්න
      දිනුම එතන එකලස් බව
      බුදු සමිදුත් කිවා බණට....
      අද හෙටම දාන්නම්කො.. අනිවා බලන්න එන්න.. ආවටත් ස්තුතියි

      Delete
  5. ඒකත් නලක නෑ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නාලක නෑ නමේ..
      රජාගේ කේන්දරේ මාරක අපල එහෙම තියේද කියල බලා ගත්තොත් හොඳා....
      ඔහේටත්.... සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  6. කේන්දර විද්‍යාප්‍රබන්ඬයක්... මේකනම් හිට් වෙනවා :)

    ReplyDelete
    Replies
    1. කේන්දර කතාවට comment 9යි. මාර හිට් විල්ල..
      කොහොම උනත් ඔහේ ඇවිත් නිකම්ම ගියේ නැතුවට මම මේ මොනවද දෙන්නේ කියල කල්පනා කලේ... ?

      Delete
  7. මෙහෙම දෙයක් හීනෙන් හරි වෙනවා නම් කොච්චර දෙයක්ද?.

    ReplyDelete
    Replies
    1. හීනෙන් හිනා වේවි මා හිනස්සපන් මේ රෑ යාමේ.. මොකෝ කියන්නේ කැබිනට් එකට දාමුද..?

      Delete
  8. සුදා මල්ලි කතාව පට්ට ඉතුරු ටිකත් හොදට ලියලා ඉක්මනට දාන්න.
    ඒ වගේම අපේ රට ඔය කේන්දර ක්‍රමෙන් නැතත් ඉක්මනට දියුණු වෙනවා නම් හොදයි :)

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්.. ඒක නම් ඇත්ත.. මොකෝ මට නම් දැන් ආශ්චර්යය ඇති වෙලා මඩ අයියේ.
      ඇයි හත්තිලව්වේ සුවල්ප යමාමහ පෙළහර පෑමක්ද මේ වෙන්නේ..?
      ආවට පින් ඇත මේ අයියා හට

      Delete
    2. කවුරු ආවත් අපිට සෙතක් වෙන්නේ නෑ මල්ලි :/

      Delete
    3. ඒක එහෙම වෙන්න එපාය.. අපි ඉතින් දේශ ප්‍රේමි ජනතාවනේ....
      මට නිකන් පිස්සු වගේ අනේ..

      Delete
  9. කේන්දරේ බලාගන්න ඒක හොදයි කාට කාටත් මේ යන විදියට

    ReplyDelete
    Replies
    1. කියන්නේ මං අහිං බලා උන්න වගේ ආයේ...
      උනේ මොකෝ වෙන්නේ මොකෝ....
      කොහොමද කර කාරේ.....
      කාටද මේ කේන්දරේ බලන්න ඕනා.........
      මේ පැත්තේ ආපු නිසා නිකන් බලල දෙන්නම්....

      Delete
  10. මේ කොටසත් පට්ට . . . සිරාවට ලියලා තියෙනවා . . .

    ReplyDelete

මේ ඒක නෙමේ තාමත් මට අත දුන්නේ නැතිනම් ෆොලෝ පාරකුත් දනවකෝ ඈ...
ආවාම කියෙව්වාම අහක බලන් යන්නේ නැතුව හිතට ආපු දේ කහටක් නැතුව කොටලම ගියා නම්
"ඔහෙලගේ හිතටත් නිදහසක්..........
....................මගේ හිතට ශක්තියක්" මොකෝ අමාරු දෙයක්යැ..
දාමු දාමු comment එකක් දාලම යමු

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...