මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Friday, March 9, 2012

විනාඩි 5 ක් දෙන්න

වෙලාව එහෙමත් නැතිනම් කාලය.


කාලය විවිධාකාරයිනේ.හොඳ කාලය,නරක කාලය,තව තියෙනවා... අපිට හොඳ උනත් නරක උනත් කාලය ගෙවිල යනවා.තවත් කෙනෙක්ට නරක කලෙකදී අපිට හොඳ කාලයක් වෙන්න පුළුවන්.ඔය කාලය කන කෙනාට තමා කාලකන්නියා කියන්නේ..


සිංහල අපි කියනවනේ කාලය රන් හා සමානයි කියල.මේ වෙද්දී ඒක සම්පුර්ණයෙන්ම බොරුවක් වෙලා.මේ ලෝකේ තියෙන අමිලම දේ තමා කාලය කියන්නේ.නැති උන රත්තරන් උනත් සල්ලි තියේනම් ආපහු ගන්න පුළුවන්.ඒත් නැති උන කාලයක් කිසිදාක ආපහු ගන්න බෑ නේද..?ගෙවෙන හැම තත්පරයක්ම ජිවිතයට අත්දැකීමක් එකතු කරලයි නැති වෙන්නේ.එකී කාලයට අවුරුද්ද,මාසය,සතිය.දවස,පැය,විනාඩිය,තත්පරය කියල වටිනාකම් දීල තියෙන්නේ.අමතක කරන්න එපා ලෝකේ සමහරුන්ට තත්පරෙන් 10න් එකත් වටිනවා.ඒ කියන්නේ ඇහිපිය ගහනවටත් වඩා අඩු කාලයක්.ඔබට ලැබිල තියෙන්නේ බොහොම සීමිත කාලයක්.ඒක තත්පර වලින් ගත්තොත් කල්පයක් වගේ.ඒත් දශක විදියට ගත්තොත් උපරිම 10යිනේ.ඒක නිසා ගෙවෙන හැම තත්පරයෙන්ම වැඩ ගනිමු.

ඔය ලංකාවේ ව්‍යාපාරික ලෝකයේ ඉහල ඉන්න බොහොමයක් අය කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිපු අය.අපේ සමකාලීනයෝ ගත්තොත් ඔය කාලයෙන් උපරිම ප්‍රයෝජන අරන් තියෙන අය තමා පහුගිය උසස් පෙළ වලදී උසස් ලෙසම ප්‍රතිපල අරන් තියෙන්නේ.එයාල කියාවි අපි අරක කලා මේක කලා කියල.එත් අමතක කරන්න එපා එයාලගේ කාලයේ දිශානතිය තිබුනේ A3 ක් කියන අරමුණ වෙනුවෙන් බව.ඔය මොන දේ කලත් එයාලගේ ඒ දිශානතිය වෙනස් වෙලා නෑ.විභාගේ අන්තිම දවස වෙනකනුත්.(අහලා බලන්න) අපි කාලය කොච්ච්චර අපතේ යවනවද කිව්වොත් ජිවිත කාලෙන් හරි අඩක්ම අපි නින්ද සඳහායි වැය කරන්නේ.ඉතුරු කාලයේත් අපි බලන් හිටියොත් කාලය ඔහේ ගලා ගෙන යාවි.එත් අපි එතනමයි නේද..?ජපානයේ මිනිස්සුන්ගෙන් දුම්රියේ යද්දීත් (45km යන්න පැයක් යන දුම්රි තියෙන්නේ ලංකාවේ), දුම්රියක් එනකනුත් පොතක් කියවන දසුනක් දකින එක හරිම සුලබයි.අනික එහෙ මිනිස්සු මෙහෙ වගේ "cat walk " එකෙන් ලතාවට පැද්දී පැද්දි භූතයෝ වගේ යන ගමනක් නෙමේ තියෙන්නේත්.ඔවුන් ඒ ඇවිදින වෙලාව පවා අවම කරලා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා.ඒ ඔවුන්ගේ ජිවන රටාව.ඉතාම පැහැදිලියි ඒක ඔවුන්ගේ සංවර්දනයට ප්‍රධාන හේතුවක් කියල.6S,5S නෙමේ ලංකවට ඕනේ.කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදියක් දවසක කියල දෙන්න පුළුවන් නම් ඊට පහුවෙනිදට ලංකාව කොතනද කියල ඔබට වත් හිතා ගන්න බැරි වේවි.මේ facebook උනත් කරන්නේ කාලය කා දැමීමක් නෙමේද?. facebook නරකයි කියනවා නෙමේ. එත් බලන්න ඒක නිසා අපිට දවසට කොච්චර කාලයක් නාස්තියක් වෙනවද කියල..

කාලය නවත්තන්න අපිට බැරි වේවි. එත් අපේ හිත නවත්ත ගෙන තොණ්ඩුව දාන්න නම් පුළුවන් වේවි.(අවවාදයට වඩා ආදර්ශය උතුම් කියල මමත් ඒක පිළිපදිනවා) අමතක කරන්න එපා.නැති වෙන්නේ අපේ කාලය, අපේ සංවර්ධනය කියල;

තවත් දෙයක් කාලයට අර්ථයක් දෙන්න. සිදු වූ දේ,දුටු දේ,ඇසු දේ අමතක වේවි.. එත් ඒ කාලය නිසා ඇති වූ හැඟීම කාලයක්ම තියේවි.
මේ ආරාධනය වඩා යහපත් හැඟීමක් වෙනුවෙනුයි :)

2 comments:

  1. "ජපානයේ මිනිස්සුන්ගෙන් දුම්රියේ යද්දීත් (45km යන්න පැයක් යන දුම්රි තියෙන්නේ ලංකාවේ), දුම්රියක් එනකනුත් පොතක් කියවන දසුනක් දකින එක හරිම සුලබයි."

    මේ ගැන නම් මම මගේ ඇස් දෙකෙන්ම ඇත්තටම දැක්ක නිසා කියන්නේ සිංගප්පූරුවේ මිනිස්සු විදුලි පඩි පෙළවල්වලදිත් හයියෙන් දුවනවා ඒ තරමටම කාලය ඉතුරු කරගන්න. ඒ වගේමයි කෝච්චිවල නිකම් ඔහේ යන්නේ නැතුව පොත් පත්තර කියවිල්ල එහෙමත්

    ReplyDelete
    Replies
    1. අපේ අය වැඩක් කරන්න තියෙන වෙලාවට වැඩක් කරන්නෙත් නැති එකේ නිකන් ඉන්න කොට මොනවා කරයි ද..?

      Delete

මේ ඒක නෙමේ තාමත් මට අත දුන්නේ නැතිනම් ෆොලෝ පාරකුත් දනවකෝ ඈ...
ආවාම කියෙව්වාම අහක බලන් යන්නේ නැතුව හිතට ආපු දේ කහටක් නැතුව කොටලම ගියා නම්
"ඔහෙලගේ හිතටත් නිදහසක්..........
....................මගේ හිතට ශක්තියක්" මොකෝ අමාරු දෙයක්යැ..
දාමු දාමු comment එකක් දාලම යමු

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...