මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Friday, March 9, 2012

අහන් ඉන්න..


අහගෙන ගෙන ඉන්න පුලුවන්ද...? ඊයේ දවල් ඉඳන් මගේ හිත මොනවද මුමුණනවා.. අහන් ඉන්නවා නේද...?සමහර මගේ යාළුවෝ දන්නවා ඇති පොඩි උවමනාවක් වෙනුවෙන් මම ඊයේ කොළඹ ගියා කියලා.මේ අවුරුදු 20ටම මට මේ වගේ සිද්ධියක් අත්විඳින්න උන පළවෙනි අවස්ථාව.මේ ඒ ගැන මගේ හිත මුමුණන දේයි.

කොළඹ ගිය අතරේ මම මගේ පොඩි උවමනාවකට ප්‍රසිද්ධ පොත් සැලකටත් ගියා.එතන මට ඕන පොතත් අරන් පඩිපෙළ බහිද්දී මම දැක්කේ ඇස් වලින් ලෝකය දකින්නේ නැති තරුණියක්.හැබැයි ඒ කාන්තාව මුළු ලෝකයම දකින විඳින කෙනෙක් කියලා මට පස්සේ තේරුණා (එත් ඒ කාන්තාව පොට්ටවත් කණෙක්වත් නෙමේ කියලා මම කියන්නේ ඒකයි) එයාට පඩිපෙළ බහින්න අමාරුවෙන් හිටියේ මම එයාගෙන් ඇහුවම උදව් කරන්නද කියල එයාගේ මුණේ ලාවට හිනාවක් ගියා.

"එත් අනුකම්පාවෙන් නම් එපා..."

එයා කිව්වා.එයාට පාර පනින්නත් ඕනේ වෙලයි තිබුනේ.එතන ටිකක් ජනාකීර්ණ වාහන අධික මංසන්ධියක්.ඒක නිසා මමත් එයාට පාර මාරු වෙන්න උදව් කලා.උත්පලා ටෙලි නාට්‍යයේ උත්පලා තරම්වත් Fanna Film එකේ අන්ධ කාන්තාව තරම්වත් ලස්සනක් මම එයාගෙන් දැක්කේ නෑ.ඒත් මට පුදුම හිතුණා එයා ආර්ථික විද්‍යාව පිලිබඳ ගෞරව උපධිදාරිනියක් කිව්වාම.ඒ අක්කා මට ස්තුතියි කරලා යන්න ගියා.ඒත් ඒ මගේ හිතින් නම් නෙමේ,ඒ අනුකම්පාවක්වත් ආදරයක් නිසාවත් නෙමේ.අන්තිමටම ඇස් පේන මට ඒ අක්කා කිව්වේ

"මල්ලි විශ්ව විද්‍යාලය හැමදේම තියෙන තැනක්.අපිට ඕන දේ විතරක් ගන්න පුළුවන් නම් අපි දක්ෂයි.ඇස් නොපෙනෙන මම ඒවයින් හොඳම දේ තෝරලා ගත්තනම්,මල්ලිට වරදින්න විදියක් නෑනේ.පරිස්සමින් යන්න"

කියල විතරයි.එත් කොළොඹ ඉඳන් ගාල්ලට එනකම්ම මට හිතුනේ ඇත්තටම අපි දෙන්නගෙන් අන්ධ කව්දැයි කියල.ඒ අක්කට කවදාවත් Facebook එන්න හම්බ වෙන්නේත් නෑ.Requset දාල comfirm කරාම චැට් කරන්න වෙන්නෙත් නෑ.එත් ඒ අක්කට අඩු මොනාද....? අක්කේ නුඹේ ඇස පේනවා.පාට පාට එළි වලට අහුවුණ අපියි අන්ධ....

ඔය සිද්ධිය උනේ දවල්..මේ ඊයේ රෑ උණ සිදුවීමක්.එක්තරා නාලිකාවක සංගීත නිර්මාණ සඳහා සම්මාන ප්‍රදානය කලා කියල දන්නවානේ.ඒක වැඩක් ඇති දෙයක් නැති නිසා මම බැලුවේ නැති උනත් මමත් ඕක යන්තම් දැක්ක.ඒකෙදි හොඳම නිර්මාණකරුවා විදියට තේරුනේ මේඛලා ගමගේ නම් ගායිකාවයි.ඒත් ඇස් පෙන්නේ නැති කලාකරුවෙක්.එයා ජනප්‍රියම තරුව නොවෙන්න පුළුවන්.කෑලි කැපිය හැකි ගණ අඳුරකින් පිරුණ ඇගේ ලෝකයෙන් ලාංකීය සංගීත කේෂ්ත්‍රයේ හොඳම කලාකාරිනිය වෙනවා කියන එක නම් ලේසිපාසු වැඩක් නෙමේ.අනික ඒ තුට්ටු දෙකේ සිල්ලර නිර්මාණයක් සඳහාත් නෙමේ.ඔබ ඒ ගීතය රස විඳලා ඇති අනන්තවත්.මම දකින මෑත කාලීන විශිෂ්ටතම නිර්මාණය කියල කියන්න පුළුවන්.ඒ තරම් උසස් නිර්මාණයක්.ඔසරිය ඇඳලා අම්මත් එක්ක වේදිකාවට ඇවිත් සම්මානය අරන් නිර්මාණය කරන්න උදව් කරපු අයට ස්තුතියි කරපු විදිය හරිම පුදුමයි.ගවුම් කෑල්ලක් නාන රෙද්දක් ඇඳන් එන්නේ නැතුව සිංහල කාන්තාවක් වගේ ඔසරියක් ඇඳන් ආපු මේඛලා අක්කේ නුඹ දිනුවේ ඒ වෙලාවේ නැගිටලා අත්පොලසන් දුන්න ප්‍රේක්ෂක ජනතාව විතරක් නෙමේ නුඹට පෙන්නේ නැති මුළු ලෝකයත් එක්ක බව නම් කියන්නම ඕනේ.ඇස් පෙන්නේ නැති අක්කා ඔය පද පේලි ටික ඇඟිලි තුඩු වලින් බ්‍රේල් ක්‍රමයට එක පාරක් කියවද්දී අපිට ඇස වලින් බලලා දෙපාරක් කියවන්න බැරි කමක් නෑ.මම දන්නවා නුඹත් උපාධිදාරිනියක් කියල....

ඇස් නොපෙනෙන නුඹලා ගන්න වීර්යයි ඇස් පේන අපි ගන්න වීර්යයි එකම තරාදියකින් නම් කිරන්න බැරි වේවි.නුඹලාගේ වීර්යය ඒ තරම් බරයි අක්කේ. අනුකම්පාවේ ඇඟිලි ගුලි ගැහුණු දයාබරත්වයේ දෑත් ඔවූනට ශක්තියක්.ඒ දෑත් දිගු කරන්න ලජ්ජා වෙන්නවත් අමතක කරන්නවත් එපා.මේත් අපේ ලෝකයම දිනන්න පාරමිතා පුරන අක්කලා අයියල නංගිලා මල්ලිලා බව නම් එක තත්පරයකටවත් අමතක කරන්න නම් එපා.
"සිලි සිලියේ හමන සුළග කොඳුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය නුඹටයි නුඹගෙයි"

7 comments:

  1. ප්‍රකට වගේම දක්ෂ සංගීතඥයෙක් වුණු බීතෝවන් බීරි අයෙක් නොවැ. ඒ වගේමයි අන්ධ අය ඇස් දෙකෙන් ලෝකය නොදැක්කත් තමන්ගේ මනසින් අපිටත් වඩා හොඳට ලෝකය දකිනවා

    ReplyDelete
    Replies
    1. බිතෝවන් අන්ධයි කියලා මම දැනන් හිටියේ නෑ නොවැ

      Delete
    2. පොඩි එකෝ කමෙන්ට් එක හරියට කියවන්ඩ ;)

      Delete
    3. ඈ මට වැරදිලා නෙහ්...
      වැරදීම මනුස්ස ගතියක්ලු ලොකු එකෝ

      Delete
  2. පට්ට ඇත්ත මල්ලි
    ඒ මිනිස්සුන්ගේ ධෛර්යය එක්ක අපිට හැරෙන්න බෑ ඒ ධෛර්යය නිසාම තමා උන් ඔලුව උස්සලා මේ ලෝකේ ඉන්නේ තමන්ගේ අඩුපාඩු ගැන පසු නොතැවී ලෝකේ දිනන්න උත්සහ කරන එක පට්ට අමාරු වැඩක් උනත් උන්ගේ හිත් එකට හයියයි

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.... ඒක ගැන නම් කියන්න මට සිංහල හෝඩියේ අකුරු මදි...
      මට පුදුම උන් දිහා මිනිස්සු අමුතුවට බලනවා කියලා දැන දැනත් හිත හයියට ඉන්නේ කොහොමද කියලා..?

      Delete
  3. සහතික ඇත්ත කතාවක්.. ජය වේවා..

    ReplyDelete

මේ ඒක නෙමේ තාමත් මට අත දුන්නේ නැතිනම් ෆොලෝ පාරකුත් දනවකෝ ඈ...
ආවාම කියෙව්වාම අහක බලන් යන්නේ නැතුව හිතට ආපු දේ කහටක් නැතුව කොටලම ගියා නම්
"ඔහෙලගේ හිතටත් නිදහසක්..........
....................මගේ හිතට ශක්තියක්" මොකෝ අමාරු දෙයක්යැ..
දාමු දාමු comment එකක් දාලම යමු

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...