මේ ගිය අඟහරුවාදා… පන්ති ගිහිල්ල එන ගමන් 62-7372 කරාපිටිය ගාල්ල ලංගම බස් රථයේ මම හිටියා.. මහන්සි ඇතුව හෝ නැතුව මම නම් බස් එකකට නගින්නෙම ආසනයක් බලාගෙන. මම නැග්ගේ ස්ටෑන්ඩ් එකෙන් නිසා මට නම් ආසනයක් හම්බුනා.ඒත් ඉතින් දකුණු ලකේ අග නගරේ ගාල්ලේ අය දන්නවනේ ඔය පාරේ යන බස් ස්ටෑන්ඩ් එකේ ඉඳල පුස්තකාලේ හරියට එන්න යන වෙලාව.. මමත් ඔහේ වාඩි වෙලා පාර දිහා බලාගෙන ආවා.. පුස්තකාලේ ගාව නැවත්තුවම එතැනදී ක්‍රිස්තියානි ආගමේ කාන්තා පුජ්‍ය පක්ෂය ලෙස හැඳින්වෙන කන්‍යා සොයුරියක් සරල සිංහලෙන් කිව්වොත් සිස්ටර් කෙනෙක් තවත් පොඩි දරුවෙක් එක්ක ඉස්සරහ දොරින් නැග්ගා. මෙතුමිය රියදුරු ආසනය පිටිපස්සේ තියෙන පුජ්‍ය පක්ෂය සඳහා වෙන් කරලා තිබෙන ආසනය වෙත ඇවිත් හිට ගත්තා. ඒත් මම දැකපු විදියට එතන හිටිය කව්රුවත් ඇයට ආසනයක් දෙන්න උත්සහ කලේ නෑ.. සාමාන්‍යයෙන් කාන්තා පුජ්‍ය පක්ෂය සඳහා දෙන්නේ දොර පැත්තේ තියෙන ආසනයක්.. ඒත් ඒ පැත්තෙන් කව්රුවක්වත් ආසනයක් දෙන්න ඉදිරිපත් උනෙත් නෑ.. ඇය අසරණව වටපිට බලලා ඉදිරිය බලා ගත්තා.. මොනවා කරන්නද කියල හිතෙන්න ඇති…? (සමා වෙන්න ඕන ඒත් මේ ගැන නොකියම බෑ.. ඔය බස් එකේ කන්‍යාරාමයේ(Convent) නිල ඇඳුම දරපු සහෝදරියොත් ටිකක් හිටියා.. ඒත් ඒ අයගේවත් මම නැගිටින්න උත්සහයක් ගන්න බවක් නම් මම දැක්කේ නෑ. ). මම බෞද්ධාගමේ..එහෙමයි කියල සිස්ටර්ට නැගිටලා යන්න දෙන්න තරම් අකාරුණික වෙන්න මට උගන්නල තිබුනේ නෑ. මම ඇයට ආසනය දෙන්න නැගිටලා ඉදිරියට යද්දීම තවත් අක්කා කෙනෙක් නැගිටලා ආසනය දෙන්න ඉදිරිපත් උණා..ඔසරිය ඇඳපු අක්ක කෙනෙක්.. ආගම කෙසේ වෙතත් මට නියම සිංහල කෙල්ලක් කියල නම් දැනුණා. මම එතුමියට කතා කරා.. කොහොම උනත් අර අක්කා දීපු ආසනයේ තමා සිස්ටර් වාඩි උනේ. මගේ ආසනයේ වාඩි නොවීම ගැන මට තරහක්වත් දුකක්වත් ඇති උනේ නෑ.. මොකද උදව්ව කලේ හිත සතුටින් මිසක් වැඩර් වෙන්න ඕන කමකින් නෙමේ නිසා වෙන්න ඇති.. මම ඒ දෙන්නගෙන්ම දැක්කේ මනුස්සකම පිරුණු හිනාවක්… ඒ දෙන්නගෙන්ම මිස් ශ්‍රී ලංකා යන්න තරම් ලස්සනක් තිබුනේ නෑ.. ඒත් ලොවක් දණ ගස්වන්න පුළුවන් තරමේ අහිංසක දයාබර හිනාවක් නම් තිබුණා කියල මට හිතුණා.. මට එහා පැත්තේ ආසනයෙයි එතුමිය හිටියේ.. මම නොකියම බහින්නයි හැදුවේ… ඒත් එතුමිය මම දිහා බලලා
“දෙවි පිහිටයි දරුවෝ”
කියනවා නම් ඇහුණා. ඇත්තමයි ඒ වගේ සතුටක් නම් මට කවදාවත් දැනිල තිබුනේ නෑ… මම බස් එකෙන් බැස්සේ පුදුමාකාර සතුටකින්..
ඔන්න ඕකයි කතාව. කතාව කිව්වට විතරක් මදිනේ පසුවදනකුත් ඕනනේ….
මම අයෙත් වතාවක් පැහැදිලිවම කියනවා මම බෞද්ධයෙක්.. ඉර බැහැගෙන ගිය අදත් ,හඳ පායලා තියෙන මේ රෑත්, ආපහු ඉර පායන හෙටත් මම බෞද්ධයෙක්ම තමා.. ඒත් ඒ උප්පැන්නෙට නම් නෙමේ. මට ඕන උනේ අර්ථාන්විත බෞද්ධයෙක් වෙන්නයි.. හැම ආගමකටම ගරු කරන ආදරය කරන මිනිහෙක් වෙන්නයි. නිකමට හිතන්න අපේ ආගමේ ඉන්න දස සිල් මාතාවකට ඔහොම උණා නම් ඇය මොන තරම් අසරණ වේවිද…? තමන් උපමා කරන් හැසිරෙන්න කියලයි බුදු හාමුදුරුවෝ කිව්වේ. ඒ වගේම අමතක කරන්න එපා බුදු සමිඳු 100% පූර්ණ නිදහසක් දුන්නා ආගමික නිදහස වෙනුවෙන්.. පන්සලක් පල්ලියක් බෝධියක් දැක්කම නැගිට නැගිට වඳින මිනිස්සු ඉන්න අපේ රටේ අර සිස්ටර්ට ආසනයක් දෙන්න කෙනෙක් නැති උන එක ගැන නම් මට කණගාටුයි.. බිම පෙරලි පෙරලි වඳින කෙනෙක් නොවී ඇත්ත ඇති සැටියෙන් දකින්නයි ඕන කලේ.. මේ බෞද්ධයා ක්‍රිස්තියානි කිරීමේ ව්‍යාපෘතියක ප්රචාරක සටහනක් නම් නෙමේ.. මම කියන්නේ මෙච්චරයි.. ලෝකේ දරුණුයි.. අපි හැමෝම තැලිලා මිරිකිලයි ඉන්නේ.. ඒක නිසා උදව්වක් ඕන තැනදී ඔබේ දෑත් දිගු කරන්න මැලි වෙන්න එපා.. ඒ අත කළුද සුදුද වයසකද තරුණද ගැහැනුද පිරිමිද කියල බලන්න එපා.. එක කරුණාවන්ත බැල්මකින් දිගු කරන දෑත තිරිසන් බැල්මක් දුටු විගස ආපස්සට ගන්න අමතක කරන්නත් එපා.. නැතිනම් ඔබ අපායටම ඇදල දාලා මිසක් ඔවුන් නවතින එකක් නැති වේවි… ඔබේ උදව්වයි දයාවයි ආදරයයි පිරුණ ලෝකය මිට වඩා හුඟක් ලස්සන ලෝකයක් බව මට විස්වාසයි.. එන්න ඔබත් ඒ ලෝකේ ඇවිද යන්නට.. හිමින් ගියොත් පමා වේවි..

“එන්න අපි අත් වැල් බැඳන් ඒ ලෝකෙට දුවමු..”
http://nutz.me/2012/03/%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%94/