මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Tuesday, July 31, 2012

සිරි මා බෝ සාමිනි ඇය පිරිමි පුතෙක් ලැබුවා.....



"ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නයි...
පොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි....
වී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයි..."


ඔය ඔක්කොම කරවන්න විතරක් නෙමේ


"ගෑනු අයට සංසාරේ බර හැල්ලු වෙන්නයි....."


ඔය ඔක්කොම කොරන්න ඔන්න සුදා මල්ලිගේ අක්කා පුතෙක් වැදුවා. දැන් කියන්න එපා යකෝ වැදුවා කියන්න එපා ලැබුවා කියහන් කියල.. ඉතින් හතිලව්වේ පැටව් වදන්නෙයි පැටව් ගහන්නේ සත්තු විතරද...? මිනිස්සු පැටව් ලබනවා... අනේ ඔන්න ඔය මොකක් හරි.. සුදාගේ අක්කා අද මි පැටියෙක් වගේ සුටීම සුටි කොලු පැටියෙක් මේ ලෝකෙට එකතු කලා.. දැන් ඉතින් සුදා මල්ලිත් මාමා කෙනෙක්.. සෙල්ලම් තනතුරක්ද..? කළුබෝවිල ඉස්පිරිතාලේදී අද ඔන්න ඉර පායලා තියෙන වෙලාවක දොස්තර මාමලා නැන්දලා නර්ස් නැන්දලා හැමෝගෙම පිහිටෙන් කොල්ලා මුල්ම ඔක්සිජන් ටික සුටුස් ගාලා ඇද්දා. අනේ මන්ද.. අම්මා වගේද තාත්තා වගේද කියල නම්.. මොකා වගේ උනත් සුදා වගේ රටට බරක් නැති රටට අර්ශිර්වාදයක් උනු පුතෙක් උනොත් ඇති(මොකෝ යකෝ හිනා වෙන්නේ..? සුදා එල බුවා)


තරහ වෙන්න එපා.. දන්නේ නැද්ද..? ඔය අම්මලා ගෙන් ආත්තම්මලාගේ වැඩ කොල්ලෝ.. මමත් හලී ආසාවෙන් හිටියා කොල්ලා ඉපදිච්ච ගමන් මුණු පොතේ පින්තුරයක් දාලා රෙජිස්ටර් කොරන්න.. දැන් බන් උප්පැන්න සහතිකෙට වඩා වටින්නේ මේකයි. ඕව තේරෙනවද ඒ කටින් බලවත් උන බවලත්තුන්ට... උඹේ අම්මයි ආත්තම්මයි මාමාට දැඩි ලෙඩක් ඇදලා කිව්වා


"උඹ දාලා තිබුනොත් උපන් වෙලාවයි කොල්ලගේ පින්තුරෙයි ඔය අට මගලේ බලා ගන්නම්"


කියලා.. ඔන්න මම දන්නේ නෑ බන්.. ලොකු උනාම අම්මටයි අත්තම්මටයි ලෙඩ ඇදපන්.. මම සප් එක දෙන්නම්. මගේ එකෙක් නම් බඩේ ඉන්න ඒවත් දාලා මෙලහට..


මේ නැන්දේ මාමේ කොල්ලට නමක් තාම දාලා නෑ.. නෑ නෑ ඔහේලා කලබල වෙන්න ඕනේ නෑ .. ඔහේලට නමක් දාන්න දෙන්නේ නෑ. අම්මයි තාත්තයි කොල්ලට යස නමක් දාවි.. නිකන් අර ඔහේලා හැමෝම දන්න සුදා මල්ලිගේ නම වගේ එල කිරි නමක්..


ඇයි කොල්ලෝ මාමාට මෙච්චර සතුටු නම් උඹේ අම්මටයි තාත්තටයි කොච්චර සතුටක් ඇතිද..? හැබැයි කොල්ලෝ උඹේ අම්මා උඹට ගහද්දි නම් හිතෙයි
"මොන මගුලකට එලියට අවාද මන්ද..?"කියලා.
ඇතුලෙම හිටිය නම් ඉවරයිනේ... ඇයි යකෝ කියලා.. (අම්මියගේ හැටි මමනේ දන්නේ).. නිරංජලා ඇන්ටි කිව්වට ඇතෙක් වගේ වෙන්න කියලා.. අලියෙක් වගේ බතල කොල්ලෙක් නම් වෙන්න එපා.. රටක් වටිනා සිංහල කොල්ලෙක් වෙයන් .. අර කවුරුදෝ කිව්වේ
"රණබිම මරුනේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සලකුණු ඇත්තේ" කියලා.
එහෙමෙයි කියලා උඹට මැරෙන්නේ දෙන්න බෑනේ බන්.. පවුලේ මුල්ම දරුවා.. ඒ මදිවට කොල්ලා. පොතක් වගේ නම් උනාට කමක් නෑ.. හැබැයි බන් සමාජේ කියවන පොතක් වෙයන්.. මොකෝ නැතිනම් වෙන්නේ අල්මාරියක් අස්සේ ගුලි වෙලා ඉන්න. අනේ අර සුටී සුටී ආතල් ගොඩක් තියෙන බොළඳ නව කතාවක් වෙන්න එපා.. මොකෝ බන් නැතිනම් කොල්ලෝ කාලේ කියවාවි.. නාකි වෙද්දී විසි කරාවි.. ඒක නිසා තුන් කල් පවතින පොතක් වෙයන්...


හේවිසි බෙර ගහලා ගෙට වැඩම්මේව්වේ නැති උනාට පාවඩ එලලා පිළි ගත්තේ නැති උනාට කිලි කුණු කහට මුකුත් නැති අපේ හිත තුලට උඹ වැඩියේ ඊයේ පෙරේද නෙමේ පුතේ.. ඒක නිසා එදා වගේම අදයි හෙටයි උඹ දැන ගන්න ඕනේ ඒ හිත නොරිදා ඒකෙ රජ කරන්න.. හැබැයි කොල්ලෝ වැරැද්දට නම් ගහන එක ගහනවමයි.. ඒක මට පුරුදු උනේ උඹේ සීයාගෙන්... ලොකු උනාම අහපන් සීයාගෙන් මොකද මාමට ගැහුවේ.. දැන් ඌ මට ගහනවා කියලා. උඹලයි අම්ම ඒවි පොල්ලක් උස්සන් මට ගහන්න..


ගෑනියෙක් උණු මගේ අක්කා විතරක් නෙමේ බන් පිරිමියෙක් උණු මගේ අයියත් සංසාරේ බර හැල්ලු කරන්න ඉපදුන මුල්ම එකා පුතේ උඹ. එහෙම කියලා මහණ වෙන්ට ඕනේ නෑ.. හතර වරිගේ නිවන් දක්වන්ට...ඒ මිනිස්සුන්ට කරදරයක් වාතයක් වෙන්නේ නැතුව මහ ඇවුන් දෙන්නගේ ලෝකේ එලිය කරන පහනක් වෙයන්. මොකද උන්ගේ ලෝකේ උඹ.. කොච්චර ගෙවල් දොරවල් තිබුනත් ඒවා නැති වෙද්දී ඉවසා ගෙන හිටියත් දරුවෙක් තමන්ගේ ඇස් මානෙන් මිදෙද්දී නම් අඬන්නේ නැතුව ඉන්න බෑ කියලා කියන එක මට කියලා දුන්නේ උඹේ අත්තම්මා. ඒක නිසා රත්තරන් ටික වගේ හම්බුණ අම්මයි තාත්තයි අත්තම්මලා සීයලා ඔය ඔක්කොමගෙන්ම විතරක් නෙමේ ලෝකඩ වගේ වටින්නේ නැති සුදා මාමගෙන් ඕන දේවල් අරන් සුදා මාමගේ සිතුවිලි ලෝකේ එලිය කරන්න ඒවි කියලා මාමා බලන් ඉන්නවා..


බය වෙන්න එපා බන් මේ ඉන්න මාමලා නැන්දලා ඉරිසියා කොරලා ඇස්වහ කටවහ හෝවහ හදී හුනියන් කොඩිවින කොරන්නේ නෑ. එහෙම කොරනවා නම් මුලින්ම කොරන්නේ මාමට බොල. බය නැතුව හිටු.. මම ඉන්නවනේ..


දැන් තමයි වැඩ ටික පටන් ගන්නේ.. හපොයි උඹ ලොකු වෙලාම ඉපදුණා නම් කියලා හිතෙනවා.. චූ නැප්කින් හෝදන්නයි.... අඬද්දී නලවන්නයි.... ඇවිදින්න ගත්තම පස්සෙන් දුවන්නයි... කතා කරන්න ගත්තාම අහන රට පෙරලන ප්‍රශ්න වලට උත්තර දෙන්නයි... ගියාම වෙන ගිනි විජ්ජුම්ම්බර ටික මට නිකන් මැවිලා පේනවා වගේ.. කොහොමද කොල්ලෝ උඹේ අම්මා බත් එකත් බෙදන් උඹේ පස්සෙන් ගේ වටේ දුවන කොට... මල් හතට තියේවි..


සරමක් උනත් කම්බායක් උනත් මොකෝ කියලා හැමෝම කිව්වට
"සරමක් සරමක්" කියලා දැන ගත්තාම කස්ටියගේ මුණේ මතු උණ හිනාව නම් කියලා වැඩක් නෑ .. කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් බන් ඕනේ හොඳ එකෙක් වෙන්න.. එල බුවෙක් බුවියක් වෙන්න.. අර බලහන් එංගලන්තේ අසු වයස් වියැති මහලු කතක් යස අගේට රට පාලනය කොරන්නේ.. ඒක නිසා මාමා නම් උඹේ ස්ත්‍රී පුරුෂ භාවය මහා ලොකු පුරස්නයක් කර ගත්තේ නෑ. කොහොම උනත් මාස දහයක් අම්මට වද දීලා උඹ එලියට ආවනේ.. රටේ තියෙන ඔක්කොම දහ ජරාව එක්ක හුස්මකුත් ගත්තනේ.. අම්මගෙන් කිරි සුට්ටකුත් බිව්වනේ.. දැන් තියෙන්නේ කොල්ලෝ මිනිහෙක් වෙන්න.. ඔං එතකන් මම බලන් ඉන්නවා.. මාමාගෙන් පුතාට හම්බෙන මුල්ම තෑග්ග තමයි මේ සිතුවිල්ල.. අතේ සල්ලි තිබුණ නම් රන් කැකුළු ගිණුමක්වත් අරින්න තිබ්බා.. පස්සේ වරෙන්කො.. අතේ තියන වෙලාවක මොකක් හරි කොරන්නට බැරිය..


දැනට ඇති. මාමට උනත් හිතේ සතුටට ලියා ගන්න බෑ. උඹ බැලුවා.. දුව ගෙන ආවා.. මේක ලිව්වා.. දැම්මා.. තරහ වෙන්න එපා පොඩ්ඩෝ..


රට කන මි හරකෙක් නොවී රටක් වටින ලොවට ඕනේ මිනිස් පුතෙක් වෙයන්.. අම්මටයි තාත්තටයි අත්තම්මලා සීයලා ඔක්කොම එක්ක පැත්තක ඉඳන් සුදා මාමත් බලන් ඉන්නෝ..
වැරදුණා පැත්තක ඉඳන් බලන් හිටියට මූ හැදෙන එකක් නෑ.. හොඳ පාර පෙන්නන්නම්. අම්මගෙයි තාත්තගෙයි ඔක්කොම හීන වලට පණ දීපන්... ඒකෙ ගිහින් අර කලින් කිව්ව ජාතියේ එකෙක් වෙලා වරෙන්කො බුලත් අතකුයි කොකිස් ටිකකුයි අරන් මාමට වැඳලා කොරලා යන්ට...


පුතාටයි අම්මටයි තාත්තටයි තුන්දෙනාටම බුදු සරණයි.
ෆොටෝ නැති උනාට සොරි හොඳේ.. මේ ඉන්න සුදු කොල්ලට වඩා අපේ කොල්ල ලස්සනයි


ඔන්න පුතේ උඹට නිබ්බුත පද කිවේ සුදා මාමා හොඳේ


සිරි මා බෝ සාමිනි ඇය පිරිමි පුතෙක් ලැබුවා..... අහලම යන්න කොටන්න

Sunday, July 29, 2012

කවුරුත් නැති තැනකට වී හැඬුවෙමි තනිවීලා



සැ. යු.- පරණ එකක්

(කහ පාට බොකේ ඒක තියන් ඉන්නේ සුදාගේ අක්කා.. සුදු පාට බොකේ ඒක තිය ගෙන ඉන්නේ ලොකු අක්කා
)

ලඟදි ලියන්න කියන්න හම්බුනේ නෑ. කෝච්චියේ පා පුවරුවේ අවධානම් ගමන්, මැයි 15 සමරපු දේශයේ මුර දේවත එළි ගැන, ඒ අම්මලාගේ කඳුළු ගැන කතා කරන්න හිතා ගෙන හිටියත් මැයි මාසේ තමන්ගේ ලස්සනම දවස ගැන හීන මවපු අක්කා කෙනෙක් අපේ පවුලෙත් බලාගෙන හිටිය නිසා ඒ වැඩ ගොඩත් එක්ක සිතුවිලි දෙකක්ම නැති වෙලා ගියා. ඒත් ඒ අක්කා ගැනවත් ඒ වැඩ ගැනවත් කිසිම අමනාපයක් නෑ. හිතේ කහටකුත් නෑ . ඔය අපේ පවුලෙන් එහාට ඉගිල්ලිලා ගිහිපු දෙවෙනි කිරිල්ලිත් එක්කම සිතුවිල්ලක් මේ විදියට සටහන් උණා. මුලින්ම අපේ අක්කා.(ඒ කියන්නේ මගේ අක්කා).. ඊළඟට ලොකු මාමළහ අක්කා.(ඒ කියන්නේ ලොකු අක්කා).. ඊළඟට තව තව අය තමන්ගේ කුඩු හදා ගෙන වෙන් වෙලා යාවි. මගේ අක්කා බැඳපු දවසේ සුදාගේ සිතුවිල්ලක් ඉපදිලා තිබුනේත් නෑ. ඒත් ලොකු අක්කා බැඳපු දවසේ නම් සුදගේ සිතුවිලි 25 ත් ඉක්මවලා ගිහිල්ලා. ඒක නිසා ලොකු අක්කට වෙන් උණ සුදාගේ සිතෙන් මගේ අක්ක්කටත් අසාධාරණයක් නොකර ඉඩ වෙන් කරන්න හිතවා.

මට මතක ඇති කාලේ අනික් නෑදෑයෝ එකකලට වඩා අපේ අම්මගේ පවුලේ නෑදෑයෝ ටික ගොඩක් එකතුයි. අම්මගේ සහෝදර සහෝදරියෝ ටිකගේ ළමයි උනත් එකම වයස් වල වගේ. ඒක නිසාදෝ කොහෙද අපි ගොඩක් එකතුයි. අපේ අක්කා, ලොකු අක්කා, සුදු අක්කා, චුටි මැණිකේ, චුටි, මම, චමීර, සසංක, එඩි අන්තිමට පොඩි. හැට හුටහා මාරක් නැති උනාට ඉන්න මේ දහ දෙන එකතු උනාම නම් එතන තියෙන සිරියාව ගැන අපිට වඩා හොඳට වටේ පිටේ මිනිස්සු කියාවි. පොඩි කාලේ වගේ හැමදාම එකතු වෙන්න බැරි උනත් ඉස්සර වගේ වැඩක් ඇති තැන කොතනද අපි ඇත තමා. ඒකට අපේ චුටි මාමාත් එක හේතුවක්. මොකද...? අපේ ලොකු මිනිස්සු වැඩ බෙදලා දෙන්න අකමැති වෙද්දී අනම් මනම් කියද්දී එච්චර වයස නැති අපේ ඒ කොල්ලා තමා කියන්නේ අරම කරපල්ලා මෙහෙම කරපල්ලා කියල. හැබැයි ඒ ඇතුලේ හැඟුණ ලෙන්ගතු කමක් එක්ක. වැඩේ නිට් නැති නම් බැනුම් තමා. තමන්ගේ පවුලේ ඇර වෙන පිට කෙනෙක්ට ආදරේ කරන වෙන කෙනෙක් අර දහ දෙනාට කියන්න කිව්ව්වොත් ඉස්සෙල්ලම කියන්නේ චුටි මාමා එහෙමත් නැතිනම් බාප්පා කියල තමා. අපේ දහ දෙනාගේ ආදරය තමා එකම නියම ශක්තිය. ගොඩක් මහා ලොකු දේවල් නැති උනාට අපි දහ දෙන අතරේ ලොකු බැඳීමක් තිබුණා කියලා නම් මම සහතික වෙනවා. යාන වාහන ඉඩම් කඩම් මිල මුදල් නැති තැන හැදෙන බැඳීම තමා නියමම බැඳීම. ඔය කිව්වේ සරලවම "අපේ ළමා සමාජේ" ගැනයි ඒකේ අනුශාශක තුමා ගැනයි.

මගේ අක්කා ඉස්කොලේදී දිමුතු. වෙන අයට නම් බේබි.. සමහරුන්ට සුදු බේබි.. තවත් අයට සුදු අක්කා. මට නම් නිකම්ම අක්කා. දැන් නම් නර්ස් කෙනෙක්.. අපේ පවුලේ වැඩිමල්ම සාමාජිකාව. ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ කුඩුවක් හදන්න පටන් ගත්ත. හ්ම්ම්ම්ම්ම් මතක් වෙද්දීත් දුකයි. ඒත් කරන්න දෙයක් නෑ. මතක් වෙනවා ඉස්සර රණ්ඩු කරපු හැටි. එයාට දිග කොණ්ඩයක් තිබුණා. ඕකෙන් ඇදල තමා ගහන්නේ. කොට කොණ්ඩයක් තිබුණ මට කිසිම හැඟීමක් නෑ කොන්ඩෙන් ඇද්දම කොච්චර සනීපද කියලා. එක දවසක් මගේ බොරුවක් නිසා ගොඩක් එයා ගොඩක් ගුටි කෑවා. තව දවසක් මම පොඩි කලේ මට අව්වයි කියලා තොප්පියක් ගෙන්න දුවපු අක්කා ආපහු ආවේ වැටිලා දිවත් කඩාගෙන. එයාගේ වැඩ වලට කේන්ති නොයන්නෙත් නෑ. පලවෙනි පඩිය ගත්ත දවසේ ඉඳන් අදටත් මට අලුත් අවුරුද්දටයි උපන්දිනේටයි මොනවා හරි එවනවා. ඒ කියන්නේ තාමත් මතකයි අමතක වෙන්නේ නෑ කියලනේ. කොහොම හරි උසස් පෙළ කරන්නයි සාමාන්‍ය පෙළයි ගොඩක් දේවල් වලට මම පාවිච්චි කලේ එයාගේ පොත්. එයා මම වෙනුවෙන් ඒවා පරිස්සම් කරලා තිබුණා. එයාගේ වැඩේ කර ගන්න ගමන්ම. මොන දේ කරත් ගෙදර ගැනත් හොයල බලනවා. අපි හිතුවේ බඳින අයියට දෙයියන්ගේම පිහිටයි කියලා. ඇයි දෙයියනේ නැගිටින්නෙත් පරක්කු වෙලා. පොඩ්ඩ ඇත්නම් නාහෙන් අඬනවා. පරිප්පුයි බතුයි කර නොකර උයාගන්න පුළුවන්. කොහොමින් කොහොම හරි එයා ඒකට හැඩ ගැහුනා. ඒ අපේ අක්කා ගැන. අමතක උනානේ මස්සිනා ගැන කියන්න. එයා චන්දන අයියා. නර්ස් කෙනෙක් හොඳේ.

මේ යාලුවොන්ට නිලුෂි. සමහරුන්ට ජින්ජි. තවත් සමහරුන්ට ලොකු... තවත් අයට ලොක්කා.. මට එයා ලොකු අක්කා. අපේ පවුලේ දෙවෙනි සාමාජිකාව. මේ පහුගිය මාසේ තිබුන විවාහ උත්සව රාශියක් පැවැත්වුන මැයි මාසේ 17 ත් වෙනිදා එයාත් යුග දිවියට එළඹුන. ඒ නිලන්ත අයියා එක්ක. පොලිසියේ වැඩ. මම හිතන්නේ පොඩ්ඩක් මාරු වෙලා වීමක් වෙලා. කොටින්ම කිව්වොත් කනට ඇහෙන්න කතා කරන්නේ නෑ ඒ අයියා.. අනේ ඒ තරම් අහිංසකයි. අප්පට සිරි. ඒකට අපේ එක්කෙනා. ඒකටත් එක්ක හරි යන්න මෙයා කෑ ගහනවා දෙවනත් වෙන්න. ඉස්ස්සර ඉඳන්ම පොඩ්ඩක් කලබලකාරී චරිතයක්. මොනවා නැතත් හොඳට රස කරලා කතා කියන්න නම් පුළුවන්. මම ඉස්සර හරි ආසයි එයා කැම්පස් එකේ ඉඳන් එන දවස් වලට එහෙ යන්න. රස කතා ගොඩයි.. ඒක නිසාම තමා මම කැම්පස් යන්න ආස උනෙත්. ඒ කතා කොච්චර රසද කිව්වොත් මතකද මේ කතාව...
" කත් පුමයාගේ පුතා නොහඬව, මස් වැද්දාගේ පුතා නොහඬව.. කෙල තොල්ලාගේ පුතා නොහඬව .."
මට වඩා බාල අයට නම් මතක නෑ. ඒත් ඔය ඉස්සර අපිට සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය පාඩමකට තිබුන කතාවක්. මට ඔය කතාව ඒ අක්කා කියද්දී මම 9 වසරේ. එදා ඒ අක්කා ඔය දෙබස් එක්කම කතාව මට කිව්වා. ඒ දෙබස් මට මතකයි අක්කට පින් සිද්ධ වෙන්න. ඒක නම් විභාගෙටත් උදව් උණා. එයාලගේ කැම්පස් එකේ මොනවා හරි ස්ටිකර් එකක් ගැහුවොත් අනිවා එයින් එක එක ගානේ මටත් දෙකක් තුනක් දෙනවමයි. කිසිම දවසක අපේ සමාජේ කවුරුවත් මගේ හිත රිද්දලා නම් නෑ. මත ගැටුම් ඇති වේවි. ...නේද ? මල්ලි , කියලා සමතයකට පත් වේවි.. ඔක්කොම දේවල් කරලා එකට හිටපු කෙනෙක් කොහේ හරි නවත්තලා දාලා එද්දී දුක වැඩි. මොකද මම එහේ යන්න කැමැති ඒ අක්කල තුන් දෙනාම ඉන්නවා නම් විතරයි. රස ගුලාවක්. මිහිරිතම හෝරාවල් රැසක්. ඒකයි... එයත් ගිය ඉරිදා ඉඳන් කුඩුවක පදිංචි උණා.

කෙල්ලෙක් හැදුවොත් දෙන්නම වෙනවා. ගෙදරට නාකි වේවි ඉන්න බෑනේ. කොහොම හරි එයත් ගියා. ඒ දෙන්නා ජිවිතේ පටන් ගන්නයි ගියේ. අපිට නවත්තන්න අයිතියක් නෑ. එහෙම නැවැත්තුව කියලා ඒකට සමාන සතුටක් දෙන්න බෑ. ගොඩක් අවවාද අනුශාශන මැද හැමෝගෙම ආශීර්වාදය මැද්දේ ඒ දෙන්නා ජිවිතේ පටන් ගත්තා. මට නම් තාමත් ඒ දවස් වල වගේමයි. පොඩි උන් වගේ ඉන්න තිබුණ නම් කොහොමද..? ඒත් ඉතින් මොනවා කරන්නද..? 17 වෙනිදා ලං වෙද්දී මහා යුද්ධයක්... ඔය දේවල් කරද්දී හිතුණා හාපෝයි හඳ පානේ ගියානම් එකක් කියලත්. ඒත් ඉතින් එහෙම පිටත් කරලත් කොහොමද..? කොහොමින් කොහොම හරි වැඩ ටික ඉවර කරලා හුස්මක් කටක් ගත්තා විතරයි. කට්ටිය අද ඇහුවත් එක්ක මොකද සුදාට උනේ කියලත්.. අක්කේ මගේ අතේ සල්ලි තිබුණ නම් පොඩි හරි දෙයක් මම දෙනවා. ඒත් ඉතින් දුප්පත් මම මොනවා කරන්නද..? මොනවා දුන්නත් නැතත් එදා ඉඳන් තිබුන ආදරේ අදටත් නොඅඩුවම දෙනවා. අයියටත් එක්කම. මොන ප්‍රශ්නේ ආවත් ඉවසන්න. මොකද ජිවිතේ නෙල්ලි ගෙඩියක්.. හපලා හපලා ඔක්කොම කටුක රස වින්දට පස්සේ තමා තියෙන්නේ මිහිරිම පැණි රස. ඒක නිසා පැමිණි දුක් පැණි රසයි කියල ජීවිතේට මුණ දෙන්න. ඕන දේකට අපි ඉන්නවා. ඔය දෙන්නටම. මගේ අක්කල දෙන්නටයි හම්බුණ දාහෙන් සම්පතක් උන මස්සිනා මහත්වරු දෙන්නටයි හැමෝන්ටම බුදු සරණයි... ඉක්මනටම කොල්ලෙක් කෙල්ලෙක් අරන් ආපහු එන්න කියලා විතරයි කියන්න තියෙන්නේ.. අර සින්දුවෙන්ම මම අදට නවතින්නම්...
ඉගිලිලා ගොසින් හදපු කුඩුවත් අරන්
නැවත එන්න පියඹලා දුවේ....


Saturday, July 28, 2012

මිරිවැඩි සඟලක් ඉල්ලා (නො)හැඬුවෙමි






සුදු පාට කළු පාට
පාසලට දාන් යන
යුනිෆොර්මයට.....
නැතුව බැරි,
දානෙකට මගුලකට
එක එක මෝස්‌තර
පන්සලේදී පල්ලියේදී
තැන තැන්වලදී මාරු වෙන
දුප්පත්ද පෝසත්ද
කියලා......
බර කිරත හැකි
ඇදුමේ බඳ පටියේ
වර්ණයට
වෙනස් වෙන.....
අඩිය උස හයි හිල්ස්,
අඩිය නැති ෆැලැට්,
සැන්ස්.. රබර්... හම්...
නානාවිධ
ගමනට බිමනට
දෙපා සරසන
විදි සරන
විප්‍රකාර
සපත්තු ජෝඩු
සෙරෙප්පු කැලි අස්සේ
අගෙයි මට
"පැලැස්ටික් මිරිවැඩි සඟල"
මුතු මැණික්
එබ්බවුවටත් වඩා.........

දනට පිනට දුන්නේ මං හිතේ මනාපෙන්



හිතුවේ අදත් අලුත් සටහනක් දන්නා.මේ නම් අපේ සම+හරක් කොන්දක් නැති වෛද්‍ය විද්‍යාලයකට වැස්සකටවත් ගොඩ වෙලා නැති බෙහෙත් දෙන්නේ නැති කොන්දොස්තර මහත්+හොරු ගැනයි.(ආරම්භයේදීම කියන්න ඕනේ මහත්වරුත් ඉන්න බව). මුලින්ම පටන් ගන්නම් මට මේ අලුත් බස් ගාස්තුත් එක්ක තියෙන එපා වෙන අර්බුදය.මම බස් එකේ ඇවිත් බහින්නේ හතරමන් හන්දියකට මෙහා තියෙන නව මාවතක් ගාව.. ඉස්සරනම් රුපියල් 10යි.මේ ළගදි උණ ඉන්ධන මිල ඉහල දැමීමත් එක්කම අපේ පෞද්ගලික බස් හිමියෝ මහා ලොකු සෙල්ලමක් දාල අඩව්වක් කස්තිරමක් අල්ලලා බස් ගාස්තුත් වැඩි කර ගත්තනේ.මම කියන්නේ නෑ බස් ගාස්තු වැඩි කරන්න එපා කියල.. දනට පිනට බස් දුවන්නේ නෑනේ. ඒක නිසා ඉන්ධන මිල වැඩි උණා.ඒත් එක්කම බස් ගාස්තු වැඩි වෙන එක සාධාරණයි. දැන් එතනට රුපියල් 12යි.


මේ ඊයේ උණ සිද්ධියක්.


කොන්දොස්තර මහත්මය ticket ගන්න කිව්වම මමත් රුපියල් 20 දික්කරා.අපේ කොන්දොස්තර මහත්තයත් 20 අරගෙන රුපියල් 2ක් නැද්ද ඇහුව. ඇත්තටම ඒ වෙලාවේ මගේ ගාව කාසි තිබුනේ නෑ.මම නෑ කිව්වම මේ මහත්තය ඉඳන් කිව්වා බෑග් එකේ බලන්නලු..(මටත් පුදුම හිතුන.මිනිහ මගේ බෑග් එක ඇවිස්සුවද කියලවත්.) ඒ බැලුවත් නෑම තමා.මම ආයිමත් නෑ කිව්වම මෙන්න මේ අපේ මහත්තයා බනින්න ගත්තා.කාසි අරන් එන්නලු.. නිකම් මේ අපි බස් ගාස්තු වැඩි කරගත්ත වගේ.ඒ මහත්තයා අතේ කාසිත් තිබුණා.මට හිතා ගන්න බෑ.ඇයි ඒවායින් මට ඉතුරුව දෙන්න බැරි කියල.(ඒ මහත්මය facebook ඉන්නවා නම්..මේ ඔබතුමාගේ ගුණ තම ගායනා කරන්නේ.) ඒ එක සිද්ධියක් විතරයි... 


තව නම් කොච්චර තියෙනවද.. පිටිපස්සෙන් කෑ ගහනවා මැද පොල්ල අල්ලන් ඉස්සරහට යන්නලු. ආපහු ඒ මහත්මයාම ඉස්සරහට ගිහින් කෑ ගහනවා අර පොල්ලම අල්ලන් පස්සට යන්නලු. ඊළගට මැදට ඇවිත් කෑ ගහනවා දෙපැත්තට යන්නලු.. මහා යුද්දයක්. බස් ticket එකක් දෙන්නේ නෑ.ඒත් රුපියලක් මදි උනොත් ආයේ ඔය බස් එකේ ගියේ නැති අම්මට තාත්තටත් ප්‍රශස්ති හදනවා.බස් එකකට නග්ගා ගන්නේ නිකන් දිව්‍යලෝකෙට වඩම්ම ගන්නවා වගෙයි.ඒත් ඉතින් නැග්ගම බහින්න වෙන්නේ සර්වාංග රෝග පිලිබඳ දොස්තර කෙනෙක්ට chit එකක් දාන ගමන්ම තමා..


හැබැයි මේ අතරේ මිනිස් ගුණ ඇති කොන්දොස්තර මහත්වරුත් ඉන්නවා.. ඔය වෘත්තියේ ගරුත්වය රකින්න.මොන දේ උනත් ගර්භනී මවක්,දරුවෙක් වඩා ගත්ත මවක්,පුජ්‍ය උතුමෙක්,ආබාධිත කෙනෙක් නැග්ගම කෑ ගහලා ආසනය අරන් දෙන්න මේ හැම කොන්දොස්තර මහත්තයම කැප වෙනවා.ඒක ගැන නම් බොහෝම ස්තුතියි.ලෙන්ගතු හිනාවකින්,මිනිස්කම පිරුණු වචනයකින් කතා කරන්න.ඔබ සේවය වඩාත් පුජනීය කරන්න ඒ හිනාවට නිසැකව හැකි වේවි.

හති........ද..?





දැන් අහන්න එපා ඇයි බෙහෙත් දෙන්නද කියල මේ සැරේ මම ලියන්න හිතුවේ අපේ මේ තරගකාරී ජිවිත ගැන.. මට ලැබුණු අදහස් අනුව තීරණය කළා දිගට කතා කරන්න ඕනේ මාතෘකා කොටස් වලට කඩන්න.. මේ එකේ 1 වෙනි පියවර... 

උණු උණුවේ හම්බුණ ආරංචියක් නිසා අද කතා කරන්නේ හිතුවේ ඒ ගැනයි.ම්ම් පහුගිය සතියේ එක්තරා විෂයක් සම්බන්ධව සමස්ත ලංකා තරඟ එහෙමත් නැතිනම් all island තරඟ කොළඹ කොහේදෝ තැනක තිබුණා කියල ඒ විෂය සම්බන්දව උනන්දු අය නම් දන්නවා.. විෂය තමා සංගීත හ නාට්‍ය.මේකේ නාට්‍ය කිව්වට වේදිකා නාට්‍ය වලට අවදානයක් යොමු කෙරෙන්නේ නෑ.ඕකේ නාට්‍ය ලෙස හැදින්වෙන්නේ සංගීතමය නාට්‍ය. ඒ කියන්නේ මුද්‍රා ,ඉඟි නළු, ගීත යන නාට්‍ය වර්ග ටික විතරයි. සංගීතමය පැත්තෙන් ගායන වාදන තරඟ තියෙනවා.. ඒවත් තව කොටස් වලට බෙදෙනවා.. ඒවා කියන්න ගියොත්.... (ඇත්තම කිව්වොත් මටත් මතක නෑ හොඳේ..).. සංගීතය කරන අය ගාව පුදුම ඉවසීමක් තියෙනවා කියලනේ ඔය පඬිවරු කියල තියෙන්නේ.මම දන්නා සංගීතය කරන අය ගාව නැත්තෙත් ඕකමයි.ඉතින් ඔය තරඟ කියන්නේ ආයේ හයිය තියේනම් තරඟ කරලා දිනන්න තියෙන නියම තැනක්.

ඔන්න මේ සැරෙත් තරඟ තිබිල තියෙනවා.ඕකට යන අය දන්නවා.අනන්ත බාධක දුක් පීඩා විඳ රෑ නිදි මරලා පුරුදු පුහුණු වෙලා තමා නැහිලා නැහිලා උපරිමයක් අරගෙනනේ එන්නේ... ඒ තරම් වටිනා කමක් තියෙනවා.... එත් ඔය කොච්චර දුක් විඳලා ආවත් නියම විනිශ්චයක් ලැබුනේ නැතිනම්... මම දැකල තියෙනවා සමහර ප්‍රසිද්ද ගායිකාවෝ ගුරුවරු ලෙස උගන්නවන පාසලේ (ගායකයොත් ඉන්නවා.ඒත් ඒ අය මේ වැඩේ කරනවා මම දැකල නෑ) තමන්ගේ කණ්ඩායම තරග කරද්දී විනිශ්චය මණ්ඩලය අසල කැරකෙනවා. ඒකෙන් අපිට උනත් හිතෙන්නේ යම් අසාධාරණයක් වෙන්න ඉඩ තියෙනවා කියලනේ ඒ වෙලාවට.ඒ අය උනත් දැන ගන්න ඕනේ ඒවගේ අයව එතනින් ඉවත් කරන්න.

සමහරු ඉන්නවා රාමුවකට සිමා වෙලා ජන ගී ආශ්‍රිත නිර්මාණයක් කරන්න කිව්වොත් ගැමි ගීම විතරයි. වැරදිලාවත් සේ ගී(උගතුන් විසින් රචිත ගී) දැම්මොත් ඔන්න ඉතින් ඉවරයි.ඔය O /L වලටත් උගන්නව සේ ගී කියන්නේ ජන ගී වල එක කොටසක් කියල.

සමහරක් අය රටේ ජනප්‍රිය පාසල් වලට යම් යම් පරමාර්ථ වලට පොඩි පොඩි ලකුණු වැඩිපුර ලබා දෙනවා කියලත් අපි දැකල තියෙනවා. දැන් කෑ ගහවි අපි විනිවිදයි කියල (ඒත් ඉතින් අපි කොන්ඩේ බැදපු චීන්නු නෙමේනේ) එක නිස ඕව දකිද්දී අපෙත් ඇගේත් මාළු නටනවනේ.මම කියන්නේ මේ අති තරඟකාරී බවද ඒකට එක හේතුවක්. ඔතන පාසල්-පාසල්, දිස්ත්‍රික්ක- දිස්ත්‍රික්ක,පළාත්-පළාත් අතර ගැටුමක්නේ තියෙන්නේ.හොඳම දේයි ගෙනත් තරඟෙට දාන්නේ.අසාධාරණයක් උනොත් ලොකු අර්බුදකයක් වෙන්න තියෙන ඉඩ වැඩියි.මම කියන්නේ ඔය පේන ඇස දෙකෙන් නෙමේ තවත් තුන් වෙනි ඇසක් ඇරලා මොළෙන් කල්පනා කරලා නිවැරදි විනිශ්චයක් ලැබුනොත් අපිට උනත් නිදහසේ හති දාන්න පුළුවන් නේද...?

අමතක කරන්න එපා මේ තරගෙදි නම් හති දාන්න තරමට තරඟේ නොදිව්වොත් නම් අපි පරාද බව. ඒක නිසා ඉවසීම තියන් හති දාගෙන දුවමු.. :)

ඔන්න බබෝ බිල්ලා අපි අල්ල ගනිපු හොල්ලලා


ඔන්න එහෙනම් හා හා පුරා කියල පටන් ගත්තා අද කතා කරන්න හිතුවේ අපේ ආගම සහ අපේ කල්කිරියව ගැනයි.
මම දන්නා විදියට මගේ ඉන්න ගොඩක් යාළුවෝ බෞද්ධනේ.ඒත් ඒක නාමික බෞද්ධ එහෙමත් නැතිනම් උප්පැන්නෙට බෞද්ධ ද කියන්න නම් මම දන්නේ නෑ.මේ වෙද්දී ලංකාව ඇතුලේ අන්‍යගමිකරණයක් සිද්ද වේ ගෙන යනවා කියලා නොදන්නේ කොළඹ 7 ඉන්න දුවිලි කියන්නේ රෝස පව්ඩර් වගේ දෙයක්ද කියලා අහන නෝනලයි අවරුදු 10 ක් දැම්මත් ගෙවිලා නැති සපත්තු තියෙන මහත්වරුයි විතරයි.. පොඩ්ඩක් ගමක දවසක් ඇවිදලා බලන්න මොනවාද වෙන්නේ කියල.. දන්නේ නැතිනම් අපේ පැත්තේ ඇවිත් යන්න එන්න(නාවත් කමක් නෑ, මම කියන එක විස්වාස කරනවනේ... අපේ ගාලු යාළුවොන්ට කියන්නේ ගාල්ලේ stand ඒක ඉස්සරහ තියෙන මහජන බැංකුව ගාව තියෙන කොළ පාට බැනර් එක බලන්න. මම කියන්නේ බොරුද කියලා...දැන් අයින් කරලද දන්නේ නෑ )එක එක NGO ඇවිත් ගම්වල ඉන්න දුප්පත් මිනිස්ස්සුන්ට පොඩි පොඩි උදව් කරලා (දරුවට පොත් ටිකක්, ගෙදරට හාල් තුනපහ ටිකක් දීල) හෙමින් සැරේ තවත් නිර්මාණවාදී මවාපෑම් කරලා ඔය එක්තරා ආගමකට බඳවා ගන්නවා.. මම දැකලත් තියෙනවා මොකද අපේ ගොඩක් අසල්වාසීන් ඒ උදව් උපකාර අරගෙනත් තියෙනවා.ඒවා බලාපොරොත්තුත් වෙනවා .ඒත් ඒ අය ඒ ආගමට බැදිලද නම් මම දන්නේ නෑ.එයාලගේ අමුතුම විදියක් තියෙන්නේ ඒ සංවිධානේ අය වැඩ කරද්දී කිසිම කෙනෙක්ට බනින්නේ අපහසුතාවයට පත් කරන්නේ නෑ.. කන්නේ බොන්නේ එක මේසේ ඉඳගෙන.එක පුටුවේ ඉඳ ගන්නවා.එකිනෙකාට උදව් කර ගන්නවා. ඕනේ වෙලාවක තව කෙනෙක්ගේ අසාධාරණයකදී පොදු ගැටලුවකදී මුලිකත්වය ගන්නවා. මම කියන්නේ නෑ ඔහොම වැඩ කරන අය හැමෝම ඒ සංවිධානේය කියල මම කියන්නේ ඒ අයගේ වැඩ පිළිවෙල මෙන්න මේ වගේ දෙයක්ය කියලා විතරයි
අපි බෞද්ධයෝ තමා.ඒත් නිකමට වගේ ඔය මුස්ලිම් කඩ පේලි දිගේ පෝය දවසක ඇවිද ගෙන යන්නකෝ.ගොඩක් කඩ වහලා.ඒත් සිංහල කඩ ඇරලා.අන්න එහෙමයි අපේ බෞද්ධකම.සතියේ හැම සිකුරදම නිවාඩු නෑ කියලා අපි හැමෝම දන්නවනේ.ඒත් අපේ මුස්ලිම් සහෝදරයෝ තමන්ට වෙන පාඩුව අමතක කරලා පල්ලි යන්නේ තමන්ගේ ආගමට තියෙන විස්වාසය නිසා නේද? මම වැරදි නම් කියන්න මොහොමඩ්.ඒත් අපි හතර පෝය කෙසේවෙතත් පසළොස්වක පෝයකටවත් පන්සලකට ගොඩ වෙනවද...? ඒ වගේමයි බෞද්ධයාගේ අත් පොත තමා ධම්මපදය.ලංකාවේ ගෙදරකින් හොයා ගන්න අමාරුම පොත තමා ඒක.ඒත් ඔබ දන්නවනේ බයිබලයක් නැති කිතුනු ගෙදරක්, කුරාණයක් නැති මුස්ලිම් ගෙදරක් හොයන එක නොමල ගෙයකින් අබ හොයනවට වඩා අමාරුයි කියලා.. අන්න එහෙමයි අපේ වැඩ.අනික ලංකාවේ බෞද්ධයනේ ඔය කුලමල දේවල් ඇදගෙන දුප්පතා පාගගෙන කරන්න තියෙන හැම අපහසයක්ම කරන්නෙත්.. මම අහන්නේ ඒ බුදු දහමේ කොයි සුත්‍රයේ තියෙන ඉගෙන්වීමක්ද කියලා විතරයි .. ලෝකේ තියෙන නිවැරදිම අර්ථාන්විත ගිහි හෝ පැවිදි ජිවන දර්ශනයක් ඉගෙන්වෙන එකම ආගම බුද්ධාගම විතරයි.. ඒත් අන්තිමේදී වෙලා තියෙන්නේ ඒ දහමේ සුසුමක්වත් නොගැටුණු දේවල් නේද?
ඔබ හින්දි චිත්‍රපට නරඹනවා නම් දැකල ඇති ඔවුන්ගේ චිත්‍රපටයට අනිවාර්යයෙන්ම හින්දු හෝ වේවා මුස්ලිම් හෝ වේවා ආගමික ස්ථානයක වැදුම් පිදුම් කරන දර්ශනයක් ඇතුලත් කරන බව(රබ්නේ බනාඩි ජෝඩි ).. ඒකත් ඒක අවස්ථාවක්...තවත් කියනවා නම් ඒ ඇතැම් අවස්ථාවල භජන් ගීත(දෙවියන් උදෙසා ගයනු ලබන ගීත ) ගායනා කරමින් ඉතාමත් දර්ශනීය රුප පෙළක් දිග හරිනනවා(ජෝදා-අක්බර්, කබි කුෂි කබි ගම් ) අපිට හිතෙනවා මේක තමා ආකර්ශනීය කියලා.. ඒකනේ ඔය සමහර ලංකික නිලියෝ සම්මානය ගන්න වේදිකාවට ගොඩ උනාම ඉන්දියානු ක්‍රමේට වඳින්නේ.මේ ඔක්කොම දේවල් ඇතුලේ යටි අරමුණු ඇති..
ඒ කොහොම උනත් මට කියන්න බෑ ..උඹලා අපේ ආගමේම හිටපල්ලා කියලා.ඔවුන්ට යහපතක් වෙනවා නම් ජීවිතය ගෙනියන්න ආධාරයක් ලැබෙනවා නම් මම එපා කියලා කිව්වම අහවිද?අනික හරි අපි ඉන්නම් උඹ අපිට මොනාද දෙන්නේ කියලා ඇහුවම මම දීපල්ලකෝ උත්තර.ඒක නිසා ඒ ගැන තනි මට බලපැමක් කරන්න බෑ.. යන අය ගියාවේ..උපාලි ගෘහපතිට තුන් පාරක් බුදු හාමුදුරුවෝම කිව්වා මගේ සෙවණට එන්න පෙර යලිත් සිතන්න කියලා. එතරම් ආගමික නිදහසක් අපිට තියෙනවා.ඔබ ගැන ඔබ තීරණයක් ගන්න.වටහා ගැනීමකින් තොර බුදු දහමකින් අර්ථයක් නැත.ඒත් ඔබ මෙතරම් නිර්මල දහමක් අත ඇරලා යනවා කියන පාපෙට නම් මෙලොවදීම වන්දි ගෙවන්න වේවි.මීලග බිල්ල ඔබ විය හැකිය. බලාගෙන......? (අපේ ගම් පැත්තේ දුප්පත් බෞද්ධයන්ට උදව් කරන කරුණ භාරය සංවිධානය ගෙන නම් මතක් කරන්නම ඕනේ )

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...